නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

වැඩිහිටියන්ගේ මඟ යන 'පොඩිහිටියෝ'  
👤1876

2016-08-02

හම්බන්තොට පැත්තේ ඉස්කෝලෙක ප්‍රාථමික පන්තියක සිසුන් පිරිසක් දෙපිල බෙදී ගුටි ඇන ගනිද්දී එය සමථයට පැමිණි විදුහල්පතිවරයා රණ්ඩු වන්නේ කුමක් නිසා දැයි ඇසූ විට "පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙනවා නම් අපි රණ්ඩු වුණාම මොකදැයි" එක් සිසුවකු අසා තිබිණි. වැඩිහිටි කකුළුවන් ඇදේට යන ගමන් පැටවුන්ට කෙළින් යන්නැයි උපදෙස් දීමෙන් පලක් නැත. "ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට, දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි" ලෝකෝපකාරය කියන්නේ එනිසාය.

දූෂණ-වංචාවෙන් තොර ජනතාව පතන සමාජය  
👤1760

2016-08-01

"යහපාලනයක් ඕනෑ!" යන සංකල්පය කාලයක් පුරා මෙරට ජනතාවගේ සිත් සතන් තුළ මෝදු වෙමින් පැවැතිණි. එය කෙසේ විය යුතුද? කෙසේ ක්‍රියාත්මක විය යුතුද? යන්න ගැන ජනතාවට පැහැදිලි අදහසක් තිබුණේ නැත. එහෙත් දිගින් දිගටම සිදුවූ වැරැදි නිසා එය අත්‍යවශ්‍ය වෙමින් තිබුණු දෙයක් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිට හිතවත් පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වූ බලවේග, මධ්‍යස්ථ මතධාරී සිවිල් පුරවැසියන් හා සංවිධාන රැසක හා කුඩා පක්ෂ රැසක එක්වීමෙන් පිබිදුණු සමාජ බලවේගයක ඒකමිතියෙන් ජයග්‍රාහී පෙරමුණක් ගොඩනැඟුණේ එනිසාය. 

දුමින්දගේ ආටක නාටක  
👤2099

2016-07-30

ඉස්සර කදම්භ නදිය වූද පසුව මල්වතු ඔය වූද ඒ ගංගා නිම්නය අසබඩ විජය රජුන් හා පැමිණි අනුරාධ නම් සෙනෙවි තෙමේ ජනාවාසයක් තනා ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉනික්බිති මේ අනුරාධ නගරය සිය අග නගරය බවට පත්කර ගනු ලබන්නේ පණ්ඩුකාභය රජුන් විසිනි. එවක එය අංග සම්පූර්ණ අග නගරයක් වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එතැන් පටන් අනුරාධපුරය වූ පුරවරය ලෝ පතළ මිනිසුන්ට සෙවණ දුන් බිමකි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට උතුම් වූ සම්බුදු දහම රැගෙන ආවේද අනුරාධපුරයටය. සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු රජුන් සිය අග නගරය කරගත්තේද අනුරාධපුරයයි. අනුරාධපුරය එදා පටන් මේ වනතුරුද ලෝකයක් මවිත කරන්නට හපන්ය. අනුරාධපුරයේ පසුකාලීනව බිහිවන නායකයන්ද එසේ වෙතැයි රටේ මහජනතාවගේ පොදු මතයයි.

පාද යාත්‍රා  
👤1981

2016-07-29

 

චීන විප්ලවයට මඟ පෑදුවේ මාඕ සේතුංගේ දීර්ඝ පාගමනය. අසල්වැසි ඉන්දියාවේ නිදහස් සටනේදී මහත්මා ගාන්ධි සිය අනුගාමිකයන් සමඟ මහා පාගමනක නිරත විය. කිලෝ මීටර් 388ක් දුර ගෙවූ මේ පාගමන 'ලුණු පාද යාත්‍රාව' ලෙස නම් කර තිබිණි. යහපත් අනාගතයක් සිය ජනතාවට උරුමකරදීමේ උතුම් අරමුණ ඒ පාගමන්වලට නායකත්වය දුන්නවුන් තුළ විය. එවැනි මහා පාගමන් නොවුවද මෙරටද වරින්වර පාගමන් ගොස් ඇත.

ව්‍යවස්ථා බිල්ලා  
👤2549

2016-07-28

දැඩි හින්දු භක්තිකයකු වූ මහත්මා ගාන්ධි නිදහස් ඉන්දියාව අනාගාමික රාජ්‍යයක් විය යුතුය යන්න ඇදහූවෙකි. එතුමා 'ආගම' සැලකුවේ පෞද්ගලික කාරණයක් ලෙසය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ විද්වතුන් ගාන්ධි දර්ශනය අනුව යමින් රාජ්‍ය අනාගාමික කළේය.

මත්කුඩු සහ රජ බඩු  
👤3309

2016-07-27

සර්වලෝක පත්‍රවලට මත්ලෝලීන් අතර පැවැති තැන මෙරට ආර්ථිකය විවෘත කිරීමත් සමඟම මත්කුඩුවලට හිමිවිය. මේ වනවිට මත්කුඩු, බූවල්ලකු මෙන් රටම වෙළාගෙන සිටී. ජාත්‍යන්තරයට මුල් විහිදුණු මත්ද්‍රව්‍ය ජාවාරමට මේ වනවිට ලංකාව තිප්පොළක් වී හමාරය. මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහි වීම කිසිසේත් පහසු කටයුත්තක් වන්නේ නැත. අයකුට එය මාරාන්තික විය හැකිය.

නොම්බර එක අනුර  
👤657

2016-07-26

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනා අතරින් දෙදෙනෙක් කතානායක හා නියෝජ්‍ය නායක ධුර හොබවති.

දේවාලයේ පහරන කපුවෝ  
👤562

2016-07-25

වංචා හා දූෂණ කළහොත් එෆ්.සී.අයි.ඩී. (මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය) යෑමට සිදුවේ යැයි දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් තුළ බියක් හා ලැජ්ජාවක් ඇතිවී තිබීම රටට අවශ්‍ය වූ දෙයක් යැයි 'ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග' හිසින් ඉකුත් සතියේ කොළඹ පැවැති සම්මන්ත්‍රණයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

විල්පත්තුව හරහා පානමට...  
👤202

2016-07-22

වන සංහාරය අද ඊයෙක සිට සිදුවන්නක් නොවේ. දිවයින යටත් කරගත් ලන්දේසීන් පෘතුග්‍රීසීන් හා ඉංග්‍රීසීන් වටිනා දැව හා වතු වගාව සඳහා වනාන්තර විනාශ කළහ. 

මිනිස්සු බත් කති  
👤262

2016-07-20

ඇති - නැති පරතරය දිනෙන් දිනම පුළුල් වෙද්දී අසීරු ජීවන සටනක යෙදී සිටින මෙරට බහුතරයකට 'වැට්' බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා එනම්; සියයට 4කින් එක්වර ඉහළ දැමීම කිසිසේත් දරාගත නොහැකි විය. කබලේ රත් වෙමින් සිටි ඔවුන් මේ නිසා වැටුණේ ළිපටය. මහපාරට පැමිණි වැට් විරෝධය අධිකරණය දන්වා ගියේ එනිසාය.
කාරණය අනෙකකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්