නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

ඉතිහාසයෙන් සඟවා තබන දුටුගැමුණු මහ රජුගේ සැබෑ ඓතිහාසික පුවත  

2018-06-17

දුටුගැමුණු මහරජතුමා සිංහල ජාතිය පවතින තුරු අමතක නොවන චරිතයකි. අදත් බොහෝ දෙනා රුවන්වැලි සෑය පැදකුණු කොට බුදුන් වැඳ, මහ සෑය දෙසට වැඳ වැටී සිටින සේ නිම කළ දුටුගැමුණු ප්‍රතිමාවට වඳින්නේ ගෞරව කරන්නේ ඒ නිසාය. ඇතැමුන් දුටුගැමුණු රජු ජාතිවාදියකු ලෙස වත්මනේ පවතින වාර්ගික ගැටලුවක මනෝභාවයන් හා බැඳී එකී චරිතයේ සැබෑව පවා යටපත් කරවන දීන උත්සාහයකද නිරතව සිටිති.

රටවල් දෙකක් දෙවතාවක්ම ‘අබිං’ නිසා මරා ගත්ත හැටි  

2018-06-17

චීන ඉතිහාසය හදාරන කෙනකුට 'අබිං යුද්ධය' ගැන අමුතුවෙන් කිව යුතු නැත. එය ඒ තරමටම ලෝක ඉතිහාසය ගවේෂණය කරන්නන්ට වැදගත්ය. මේ කියන අබිං යුද්ධය ඇතිවෙන්නේ චීනුන් හා ඉංග්‍රීසින් අතරය. ඒ 1839 සහ 1842 අතර කාලය තුළය.

අමරපුරයට යන ඔබ නොදන්න මාවත  

2018-06-17

මෙය වර්තමාන මියන්මාරය ලෙස හැඳින්වෙන එදා බුරුමයේ ඉහළින් තිබුණු පැරැණිම නගරයක්. එය පිහිටියේ ඉරවෙඩි නම් ගංගාවේ නැඟෙනහිර ඉවුරටත්, කෞංගතමන් විලටත් අතරය. අදටත් මෙම නගරයේ නටබුන් ඔබ මියන්මාරයට ගියවිට දැකගත හැකියි. එහි බුරුම රාජ මාලිගාවක නටබුන් මෙන්ම බෞද්ධ ස්තූප රාශියක නටබුන්ද විසිර පවතිනවා.

කවුද මේ “අබ්බාසිද්”?  

2018-06-17

අබ්බාසිද් යනු ඉස්ලාම් අධිරාජ්‍ය පාලනය කළ පරපුරට කියන නමය. එය 750-1258 අතර කාල වකවානුවට අයත් 566-652 අතර විසූ මහම්මත්තුමාගේ මාමා වූ අල් අබ්බාස්ගෙන් මෙම පරපුර පැවත එය. මෙම පරපුර උමයියද් කාලිප් වරුන්ගෙන් ඩමස්කස්හි බලය ඩැහැගෙන අගනුවර බෑග්ඩෑඩ් වෙත ගෙන ගොස් පිහිටුවා ගන්නවා. අබ්බාසිද්වරුන් දැඩි ආගමික මතධාරීන් ලෙසයි පොදුවේ හැඳින්වෙන්නෙ. ඔවුන්ගේ පාලන කාලයේ ස්වර්ණමය සමය වශයෙන් සැලකෙන්නේ 786ත් 809ත් අතර වූ හරුන් පර් - රෂීඩ් රාජ්‍ය සමයයි.

මැරුණු ගානට අඩපණව හිටපු අම්මා පූජාවෙන් පස්සේ ඇස් ඇරපු හැටි  

2018-06-17

හලාවත, මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිල් බිම දැන් බැතිමතුන්ගෙන් පිරී පවතී. සතර අතින්ම සෙනඟ කෝවිලට පැමිණෙති. කපුරු අගිල් දැල්වෙන සුවඳින් කෝවිල් බිම සුවඳවත් වී ඇත. සෑම බැතිමතකු අතම පූජා භාණ්ඩ වට්ටියකි. වියළි මිරිස් පොට්ටනියක් හෝ වියළි මිරිස් මාලයකි. මේ සියල්ල කාලි මෑණියන්ට පූජා කිරීමටය.

හොඳට නරකට දෙකට කටම ද?  

2018-06-17

ජාතික රූපවාහිනියේ 9.05 විචිත්‍රාංගයෙන් රටම හඳුනාගත් හේමනලින් කරුණාරත්න ඉකුත් 6 - 05 වැනිදා දිවි ගමන නිමා කළේය. ජාතික රූපවාහිනියෙන්, ස්වර්ණවාහිනියට සපැමිණ දයාබර සිනහවෙන් සෙනසුරාදාව සොඳුරු කළ හේමනලින් වටම ගොස් ගෙටම කීවා සේ සිය ජිවිතයේ අවසන් කාලයේ යළි ජාතික රූපවාහිනියේ 'හිත ළඟ හතෙන්' සහෘද රසික සිත් රස ගැන්වීය.

මා දන්නා සෝමේ...  

2018-06-17

කොළඹ කොටුවේ ටයිම්ස් ලංකාදීපයේ තරුණ වාර්තාකරුවකු හා ඡායාරූප ශිල්පියකු ලෙස වසර 4ක් සේවය කළ මා ලේක්හවුසියට සම්බන්ධ වූයේ 1976 අප්‍රේල් 19දාය. පළමු පත්වීම "මිහිර" උප කර්තෘකමකි. වසර 2කට පමණ පසු තරුණි කාන්තා පත්‍රයේ සහකාර කතු පදවිය ලැබිණි. ඊටත් දෙවසරකට පමණ පසු සතුට චිත්‍රකතා පත්‍රයේ ග්‍රැන්විල් සිල්වා සරසවිය සිනමා පත්‍රයේ කතුවරයා ලෙස පත්වීම් ලබද්දී සහකාර කර්තෘ ලෙස එහි සම්බන්ධ වන්නට මා හටද අවස්ථාව ලැබිණි. එවිට මාගේ වයස අවුරදු 28කි. සරසවියේ නියෝජ්‍ය කතුවරයා වූයේ ඒ.ඩී. රන්ජිත් කුමාරය.

කාටත් හොරෙන් පිටසක්වළින් පෘථිවියට රිංගන අමුතු කිරණ විශේෂයක්  

2018-06-17

අන්තරීක්ෂ කිරණ 'කොස්මික්' කිරණ ලෙසත් හඳුන්වනවා. මෙය පිටත අවකාශයෙන් පැමිණෙන සංකීර්ණ වූ, බොහෝකොට විනිවිද යන්නා වූ ඉතා කෙටි විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්. ප්‍රාථමික හා ද්විතීය අංශ වශයෙන් දෙවර්ගයක්.

සැමීද සැමියා කවුරුද මිනිහා  

2018-06-17

1966 වසරේදී මා සේවය කරමින් සිටියේ වවුනියාව දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර සිංහල පාසලකය. මෙය සිංහල ගොවි ජනපදයකට වෙන්ව තිබුණු ප්‍රදේශයේ ජනප්‍රිය රජයේ සිංහල පාසලක් විය. එසමයේ රජය මඟින් කෘෂිකර්ම සංගමයක් පවත්වනු ලැබූයෙන් මෙම ගොවි ජනපදයට අදාළ සංඛ්‍යා ලේඛනයක් ලබා ගැනීම තෝරා ගත් රජයේ නිලධාරීන් අතර මම ද වීමි. සංඛ්‍යා ලේඛන ලබා ගැනීම සඳහා සවස 6.00 පසු ප්‍රදේශයේ නිවාසවලට යා යුතු විය. මට මේ සඳහා අප පාසලේම තවත් ගුරුවරයකුගේ සහාය ලැබිණි.

ඔඩ්ඩි මස්සිනා වෙසමුණියා මායම් වුණු හැටි හොර කොටියා  

2018-06-17

මීට අවුරුදු විස්සකට පමණ පෙර පිටිසරබද පළාත්වල යන්ත්‍ර, මන්ත්‍ර, බලි, තොවිල් වැනි දේ පිළිබඳව වැඩි නැඹුරුවක් පැවැති බව කවුරුනුත් දන්නා සත්‍යයකි. පැලවත්ත ගම්මානයද එවැනි පිටිසර ගමකි. මේ ගමේ පදිංචිව සිටි උක්කු බණ්ඩාගේ ගෙදරට නරක කාලයක් ලබා ඇත්තේ ටික කලක සිටය. උක්කුබණ්ඩා කරන කියන හැම දෙයක්ම නොපිට යන බවක් පෙනී ගිය බැවින් උක්කු බණ්ඩාගේ බිරිය වූ සුමනාද සිටියේ ‍ෙදාම්නසිනි. ගොවිතැන් කටයුතුද ආලාපාළු ව ගොස් ඇති නිසා ඇති වූ ආර්ථික අහේනිය දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටද තදින්ම බලපා තිබිණි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon