නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

ඩෙංගු සහ අපි  
👤3112

2017-02-14

දින 40ක් ඇතුළත ඩෙංගු රෝගයෙන් ‍ෙදාළොස් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකළපුව, ගාල්ල, මාතර හා රත්නපුරය යන දිස්ත්‍රික්ක අටෙන් හා කල්මුණේ ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් හමුවී ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 2,776ක් ගැන වාර්තා වී ඇත. ගම්පහින් 1102කි. ගාල්ලෙන් 772කි. කළුතරින් 546කි. වැඩිම ප්‍රතිශතය වන 44.8% බස්නාහිර පළාතෙනි.

සහල් මිල සහ පාලන මිල  
👤3638

2017-02-13

ආණ්ඩුව කුමක් කළත්, වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් ඉහළ ගිය සහල් මිල පහළ ගියේ නැත. ආනයනික සම්බා සහ නාඩු යන සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජයට සිදුවූයේ ඒ නිසාය. ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 80ක්ද, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද වශයෙන් මේ උපරිම සිල්ලර මිල තීරණය කර තිබේ.

විදුහල්පතිවරුනි වැඩ පටන් ගනිමු!  
👤3141

2017-02-12

විදුහල්පතිවරුන් මෙරට අධ්‍යාපන කළමනාකරණයේ ඉටු කරන්නේ වැදගත් භූමිකාවකි. කිසියම් පාසලක සාර්ථකත්වය එම පාසලේ විදුහල්පතිවරයාගේ කාර්යක්ෂම සහ විධිමත් කළමනාකරණ ශෛලිය මත ර¼දා පවතී. දිවයින පුරා විසිරී ඇති 10,162ක් වන ජාතික හා පළාත් පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන්නේ සංකීර්ණ වූත් වගකීම් සහිත වූත් කාර්යභාරයකි. එය සැලකිල්ලට ගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් විදුහල්පතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන විශේෂ දීමනාව හෙවත් ගැළපුම් දීමනාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය ආයතන පහළොවක තෙවසරක ශේෂ පත්‍රය  
👤2796

2017-02-10

කෝප් කමිටුව කලින් කලට වාර්තා ඉදිරිපත් කරයි. එහෙත් එදා මෙදා තුර බොහෝ කෝප් වාර්තා ගියේ හමස් පෙට්ටියටය. මෑත ඉතිහාසයේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයකු පත්වූයේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව යටතේය. එකී සුවිශේෂී කාරණය පසෙක තැබුවද, කෝප් වාර්තා හමස් පෙට්ටියට නොයා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වීම අතිශයින්ම වැදගත් කාරණයකි.

පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම  
👤3518

2017-02-09

විධායක ජනාධිපති බලතල කප්පාදු කර පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ප්‍රතිඥා දුන්නේය. ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවෙන් උදුරාගත් බලය යළි ලබා දෙන බවය.

'සයිටම්' අර්බුදය හා සරසවි ප්‍රජාව  
👤3550

2017-02-08

80 දශකය ආරම්භයේ සිටම ගිනියම්වී තිබුණු විශ්වවිද්‍යාල තුළ ගිනි ඇවිලී ගියේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටන හේතුවෙනි. ඒ 80 දශකයේ අගභාගයේදීය. මේ සටනේ ඉදිරියෙන්ම සිටියේ විය යුතු පරිදිම විශ්වවිද්‍යාල සිසුන්ය. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමට රජය තීරණය කිරීමෙන් 'සටන' ජයග්‍රහණය කිරීමට හැකි වුවද ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව පාසල් සිසුන්ට පවා සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. 'සටන' ඇරැඹුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වුවද අවසානයේ එය ආණ්ඩු විරෝධී සටනක් දක්වා දිග්ගැස්සුනේය.

විගණකාධිපති සහ විගණන පනත  
👤3447

2017-02-07

2015 නොවැම්බරයේ විගණන කොමිසම පිහිටුවනු ලැබීය. බොරැල්ල නගරයෙන් ඒ ස¼ඳහා ගොඩනැඟිල්ලක්ද වෙන් කෙරිණි. එහෙත් තවමත් කොමිසම ක්‍රියාත්මක වී නැත. හේතුව ජාතික විගණන පනත තවමත් පාර්ලිමේන්තුවෙන් සම්මත නොවීමය. ලබන අප්‍රේල් මාසයේ පනත ඉදිරිපත් කරන බව දැනගන්නට ඇත.

යාපනයේ පාතාලය   
👤2791

2017-02-06

ශ්‍රී ලංකාවේ දොළොස් වැනි විශාල නගරය ලෙස සැලැකෙන 'යාපනය' ඊළාම් යුද්ධයෙන් තිස් වසරක් පුරා බැට කෑවේය. එල්. ටී. ටී. ඊ. ය හා යුද හමුදාව අතරට මැදිවී සිටි යාපනයට නිදහසේ හුස්ම ගැනීමට ලැබුණේ කෙටි කාලයක් පමණි.

තොරතුරු දැනගැනීමේ නිදහස  
👤2969

2017-02-05

පෙබරවාරි 4 වැනිදා 69 වැනි වරටත් සමරනු ලැබුවේ බි්‍රතාන්‍යය යටත් විජිත පාලනයෙන් නිදහස හිමිවීමය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලේඛනයේ හා භාෂණයේ නිදහස ලැබී ඇත. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාවේ වාසියද අපට හිමිය.
මෙවර නිදහස් දිනය සමරද්දී තවත් වටිනා නිදහසක් භුක්ති විඳීමේ වරම පුරවැසියන්ට හිමිවී ඇත. ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය හෙවත් නිදහසය. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම මේ නිදහස් සැමරුවත් සමඟම ඇරැඹේ.

සුදු වෑන් සහ කළු වෑන්  
👤3530

2017-02-03

අතුරුදන් කිරීම්, පැහැරගෙන යෑම, මැර ප්‍රහාර හා ඝාතනය කිරීම අපේ රටට ආගන්තුක නැත. විශේෂයෙන් 80 දශකයේ මුල සිටම මේවා මේ සමාජයට හුරු පුරුදු දේවල්ය. කාලයකදී පැහැර ගෙනයෑම, ඝාතනය කිරීම් හා අතුරුදන් කිරීම් සංස්කෘතික ලක්ෂණයක් බවට පත් වූවේය. 'සුදු වෑන් සංස්කෘතිය' ලෙස නමක්ද ඊට පටබැදිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්