නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - විකෘති

අපේ ළමයි ඔහොම වුණේ නෑ  
👤2996

2016-10-12

රත්නපුර ඓතිහාසික ලොරිපාක් රැලිය ඉවරවෙලා ඒකාබද්දෙ සෙට් එකත් පටවගෙන කොළඹ ආව බස් එකේ හිටිය උක්කුන් කේන්තියෙන් විමලේගෙන් ඇසුවේ නයිට් ක්ලබ් කියන්නෙ මොනවද කියාය. අනේ පව් චූටියා කියා බස් එකේ ඔක්කොම එක හ¾ඩින් කෑගැසූ අතර, පිටිපස්ස සීට් එකේ දිගෑදී සිටි හිටපු ලොක්කා ආඩම්බරයෙන් කිව්වේ අපේ කාලේ නයිට් ක්ලබ් තිබ්බෙවත් නෑ පුතා කියාය. ක්ලබ් විතරක් නෙවෙයි ඒ කාලේ නයිට් කියලා එකක් තිබ්බෙත් නෑ.

සූටෝපියා  
👤5679

2016-10-05

නිව්සීලන්ඩ් ටුවර් එක අතරතුර පුරෝහිතතුමා ඕක්ලන්ඩ් සත්තුවත්තට ගියේ මයිත්‍රී ලොක්කා තෑගි කළ අංජලීගේ සුවදුක් විමසීම සඳහාය. වෙනදාට එන ඕනෑම කෙනෙක් එක්ක බුදු ෆිට් වන සත්තු පුරෝහිතයන්ව එතරම් කෙයාර් කෙරුවේ නැත. පිළිගැනීමේ නැටුමේ තිබූ නිව්සීලන්ඩ් ට්‍රැඩිෂනල් හකා ඩාන්ස් ස්ටෙප් කිහිපයක් මතක තියාගෙන හිටිය පුරෝහිතතුමා පපුවට එක අතකින් දඩාස් දඩාස් ගා ගහගන්න ගමන් බුකා බුකා කියමින් හයියෙන් තාලයට කෑගැසූ මුත් සතුන් නොරුස්සනා බැලුම් හෙළුවා ඇර විශේෂ ප්‍රතිචාරයක් දුන්නේ නැත. මයිත්‍රීගේ අලියා බැලීමට ගියත් අංජලීත් අඩු තරමේ තමන්ගේ කමටවත් සලකලා පුරෝහිත එක්ක කතා කෙරුවේ නැත.

තවත් පොත් ගොඩක් කමින් සූන්.....   
👤3230

2016-09-28

නිව්යෝර්ක්වලදී මයි ත්‍රී ලොක්කව ඔබාමා ලොක්කට කොයි තරම් හිතට ඇල්ලුව ද කියනවා නම් පැමිණි ලෝක නායකයන් අතරින් වයිට් හවුස් එකේ ඩිනර් ටේබල් එකට ඉන්වයිට් කර තිබුණේ මයිත්‍රී ලොක්කට පමණි. ලොක්කව වයිට් හවුස් එකට කොච්චර අල්ලලා ගියාද කියතොත් අන්තිමේ පවුලේ කෙනෙක් වගේ විය. මුලින් මුලින් මිචෙලී විතරක් එච්චර කැමැත්තක් දැක්වූයේ නැත. ඒ මිචෙලී හිටපු ලොක්කගේ හෙන ෆෑන් කෙනෙක් වීම හෙයිනි. ඔබා හෙනම ලව්ලි සහ රෙස්පක්ටබලි පිට ලොක්කව පිළිගෙන ගෙට අඬගහගෙන එද්දී මිචෙලී ‍ෙදාර රෙද්ද අස්සෙන් එබී බලා මයිත්‍රී ලොක්කව ගැස්සෙන්න ගස්සගෙන කුස්සිය පැත්තට ගිය අතර මේ ඒයි ඇහුණද කියා ඔබාට කුස්සිය පැත්තට කතා කර කියා තිබුණේ එකට කාලා ගිහින් බලය ඇල්ලුව රාජ්‍ය නායකයෝ ආස්සරය කරන්න ඔයාට පිස්සු ද අනේ කියාය. 

චී යා හලෝ කිච දෝතයි  
👤2432

2016-09-21

දුරකතන ඇමතුමක් ගෙන මධූසා කියා තමා හඳුන්වා දුන් පොඩි ගැහැනු දැරිවියක් අප්පච්චි මං රිලීස් කරපු අලුත්ම ෆේස්බුක් ලයිව් අප්ඩේට් එක දැක්කද කියා හිටපු ලොක්කගෙන් ඇසුවාය. මධූසා කියන්නේ කොයි දෝණිද කියා ඇසුව ලොක්කා දෝණි කිය කිය ආදරයෙන් ළඟ පාතට වෙලා මල් වගේ හිටිය කැකුළු දෝණියන් එක්කෙනෙක්වත් දැන් ළඟපාතක නෑ කියා කීවේය. ගයේෂා දූ දැන් අප්පච්චි කියන්නෙ පාවාදුන්න ගැන්සියේ දුමියට කියා කිව්වේය. අවුලක් නෑ මයේ අම්මට දෙහිවල ගල්කිස්සෙන් බැරි නම් පදවිය, ශ්‍රී පුරෙන් හරි ටිකට් එක ලැබෙයි කියා කිව්වේය.

නචුන්ගී ගයුන්ගී ඒෂ් කරෝන්ගි ඕර් ක්‍යා  
👤2098

2016-09-14

මධුරි, කරිස්මා, ජැකී සෙරොෆ්, සුනිල් හෙට්ටි එවෝර්ඩ් සෙරමිනි එකට බැස්ස වෙලේ ඉඳන් ඇස් කරකවමින් බැලුවේ සුපර් හීරෝ හිටපු ලොකු තැන දැන් නැතුවට දැන් ඒවි කියාය. ඒ වෙනුවට හිටපු එක්කෙනා ඉන්න ඕන හැම තැනකම වගේ නළු නිළියන් එක්ක සෙල්ෆි ගහමින් ලොරිටෝක් දෙමින් කලාවට මේම මේම දේවල් කරන බව කියමින් හිටියේ වන්ෂොට් ඇමැතිතුමාය. කලාවට සංවේදී පොදුජන කලාකරුවා හඳුනන රාජපක්‍ෂලාට කේස් පිට කේස් ෆයිල් කරමින් කොච්චරවත් අනවින හදිහූනියම් කරන්න මාන බලමින් ඉන්න වන්ෂොට්ව හින්දුස්තානි නළු නිළියන්ට දිරෙව්වේම නැත. හින්දුස්තාන්වලට ආරංචි වී තිබුණේ වන්ෂොට්ලා එකතු වෙලා උක්කුන් බේබිලාගේ ඇල්ටෝ මරුටිවලට පවා කේස් ෆයිල් කරමින් ඉන්නා බවකි.

බුවනෙකලා මායාදුන්නෙලාගේ ලේටස්ම කොල්ලය  
👤3998

2016-09-07

සම්මේලනයට ආව අන්තිම මිනිහත් ගෙවල්වලට ඇරලනකල් සංවිධායක කමිටුව එක්ක කරට කර වැඩ කරපු ලොක්කා ගෙදර එන්න පිටත් වෙද්දී යක්කු ගස් නඟින ටයිම් එකට ඔන්න මෙන්නය. හෙමීට මාලිගාපිටියෙන් එළියට ඇවිත් පයින්ම ඉස්සරහට ගිය අතර මාවතගම පැත්තේ ඉඳන් ආව ආටාවකට අත දමා ගොඩ වී මීටර් සීයක් ඉස්සරහට යද්දී බටු මහත ඩයල් එකක් එක්ක බට ගහක් වගේ කෙට්ටු, බටු ඩයල් එකට වඩා චුට්ටක් උස ඩයල් එකක් පාරේ වැනි වැනී යනවා දුටු අතර, සම්මේලනයෙන් පස්සෙ දුම්මා මුන්ට බොන්නවත් දුන්නද කියා සැක පහළ කළේය. බිව්වත් මොකෝ පිරිසුදු සී ලංකාකාරයෝ දෙන්නෙක් නම් කියා සිතා ආටා මෑන්ට කිව්වෙ මල්ලි ඔන්න ඔය ඉස්සරහා පැද්දි පැද්දී යන ඩබලත් දාගෙනම යමු කියාය. මල්ලිලා නඟින්න කියා කියන්නවත් ඉස්පාසුවක් ලැබුණේ නැත. ඩබල ආටා එක බේ්‍රක් ගැහුව සැණින් දණි පනි ගා නැඟ ගත්ත අතර මයිත්‍රී ලොක්කගේ මියපරලොව ගිය ඥාතීන්වත් මතක් කරන ගමන් කිව්වේ මේ මඟුල නිසා අන්තිමට රෑ ‍ෙදාළහත් පහුවෙනකල් ගෙදරට යා ගන්න බැරි වුණා කියාය.

ජාති ජාති තද තද නිල වෙබ් එක රැප් සීන් එකේ  
👤2891

2016-08-31

ඔක්කොම රෙඩි. බෑක් පැක් සේරම ලෑස්තියි. මයිත්‍රී, ඔය පැත්තෙ සූදානම එහෙම කොහොමද? මදුරුවෙක් හොට ගහන්න බැරි විදියට ආරක්‍ෂාව තහවුරු කරලා නේද කියා බෑන් කී ලොක්කා, මයිත්‍රී ලොක්කගේ ඔෆීෂියල් ෆේස්බුක් එකට මැසේජ් එකක් තිව්වේ හුටස්ලන්ත සංචාරයට ඔන්න මෙන්න තියෙද්දී සිකියුරිටි චෙක් කරන්න හිතාගෙනය.

සරණව හදන්න බෑ සෙල්ලම් පිස්තෝලමයි ඉල්ලන්නේ  
👤4152

2016-08-24

ඔහේ හිටු සරණ, ඔහේ හිටු, දුවන්න එපා, ඔහේ හිටු සරණ කියමින් පොඩි හාමුදුරුවෝ උසේන් බෝල්ට් මීටර් දෙසීය දුවන වේගෙන් සරණ පිටුපස එළවූ අතර පොඩි නම ඔහොම නවතින්න, ඔහොම නවතින්න කියමින් ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ පස්සෙන් වැඩම කළ සේක. යන්තම් බෝ මළුව යටදී පොඩි නම කන්ට්‍රෝල් කරගත් ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ වදාළේ සරණ කියන දෙයක් අහන්නෙම නෑ ලොකු හාමුදුරුවනේ, මගේ සෙල්ලම් පිස්තෝලෙත් අරන් සංවිධායකකමක් ගන්න කියලා ඔය දිව්වෙ.

මොහොතක සුව දෙන චංචල ලෝකයේ  
👤2787

2016-08-17

මද්දුමයා දෙස බලද්දී ලොක්කාට හීල්ලිණි. බඩ පපුව දා ගියේය. එය නම් මෙලොව පියකුට ඉහිලිය නොහැකි තරමේ ගින්දරකි. එදා දහවල ලොක්කා මද්දුගේ කාමරයට එබී බලද්දී කොල්ලා හොඬවැල සහිත අලියකුගේ හැඩයේ එදවස තමා බැංකොක්වලින් ගෙනැවිත් දුන් ගෝල්ඩන් කැටයේ කටට ආයේ කට්ටක් දමමින් රුපියල් පහේ කට්ට දෙකේ කට්ට හලන්න ට්‍රයි එක දෙනවාය. කොල්ලා නේවි එකේ ජොබ් එකෙනුත් තමාගේ නිල බොඩිගාඩියා වශයෙනුත් දිවා රෑ නොබලා කඹුරමින් උපයා ගත් සකල වස්තුව රාජසන්තක කරගෙන තිබිණි. මේවා අහස පොළොව නුහුලන අපරාධය. සතෙන් සතේ, රුපියලෙන් රුපියල දරුවකු එකතු කරගත් වස්තුවක් බහිරවයා අරන් ගියා වගේ එකවර අහිමි වීම කුමන නම් තාත්තා කෙනකුට වුවත් දරාගත හැක්කක්ද?

අතක්වත් තිව්වද තිව්වද හූ හූ....  
👤4182

2016-08-10

ජන සටහන පෙළපාළියේ උක්කුන් සනා ගාවට වැඩියෙන්ම හයිලයිට් වුණු නෙල්ලි ගෙඩි දෙක තුනක් උස පොඩි මෑන් වෙනදා හිටියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වී සිටියේය. මොන්ටිසෝරි ගිහිනුත් හරිම අමුතු විදියේ කතා කියන්නට පටන් ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්