නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - ඉරුදින විග්‍රහය

හොරු සමඟ හෙලුවෙන්  

2017-08-10

56 මැතිවරණයේදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත්විය. ඒ ආණ්ඩුවේ මුදල් ඇමැති වුණේ ස්ටැන්ලි ද සොයිසාය. 59 සැප්. 26 අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සිදුවිය. බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ මුදල් අමාත්‍ය ස්ටැන්ලි ද සොයිසාගේ සොහොයුරු නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසාටය. නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා අස්විය.

වෙන්දේසියෙන් පස්සේ...  

2017-08-03

1987 ජූලි 24 වැනිදා පාර්ලිමේන්තුව රත්වුණේ, අත්තනගල්ල ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි ලක්ෂ්මන් ජයකොඩි නැඟිිටලා අහපු ප්‍රශ්නයෙන්ය.
"රජය ඉන්දියාවත් සමඟ අස්සන් කරන ගිවිසුම ගැන වහාම පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි"

සූර්යබල සංග්‍රාමය  

2017-07-27

මාවිල්ආරු සොරොව්ව වහන්න අණ දුන්නේ එල්. ටී. ටී. ඊ.යේ සොරණම්ය. ඒක මොනතරම් අඳබාල තීරණයක්ද කියා සඳහන් වෙලා තියෙන්නේ නර්මි ද සිල්වාගේ 'කොටි දියණියකගේ පාපෝච්චාරණය' පොතේය.

සුපිරි පක්ෂය  

2017-07-20

"ඔබ ඇති තැන - නැත බිය සැක" කියන තේමා පාඨය හැදුවේ ගිරාඳුරුකෝට්ටේ තරුණයෙක්ය. ඒක හැදුවේ ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන්ය.
1993දී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ලලිත්ලා පක්ෂයෙන් නෙරපූ විට ඔවුන් අලුත් පක්ෂයක් හැදීය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය. එහි නායකයා ලෙස තෝරා ගැනුණු ලලිත්ගේ තේමා පාඨය වූයේ වරෙක ගිරාඳුරුකෝට්ටේ සංචාරයකදී තරුණයකු විසින් ඇඳි බැනරයේ වූ මේ "ඔබ ඇති තැන - නැත බිය සැක" යන වැකියයි. එදා අලුත් පක්ෂය බිහිවුණාම මිනිස්සු එය පිළිගත්තේ 'බොක්කෙන්'ය.

ජූලි ඇවිත්...  

2017-07-13

"ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරමු" කියා 1977 රට පුරා ගැසූ පෝස්ටරය පුදුමාකාර එකක්ය. අවුරුදු 7ක් ආණ්ඩු කළ සමඟි පෙරමුණ ගෙදර යවන්නට ඒ පෝස්ටරය බලවත් විය. නිදහස් ලංකාවේ පළමු මුදල් ඇමැති වූ

අත පුච්චා ගැනීම  

2017-07-06

"රංගිරි දඹුලු විහාරයට ආණ්ඩුව අත තියයි"
"පිං කැට 253ක් රජය භාරයට"
"කන්දේ විහාරයේත් පිංකැට 37කට ආණ්ඩුව සීල් තබයි"
"යාපහුව රජමහා විහාරයේ පිං කැටයටත් සීල් තියයි"

පොදු හතුරා  

2017-06-29

මෙහෙම කීවේ ස්ටීවන්ය. ස්ටීවන් කියන්නේ ඩී.එස්. සේනානායකටය. සොලමන් කීවේ බණ්ඩාරනායකටය. දෙන්නා හොඳටම හිතවත්ය. අලුත් පක්‍ෂයට නමක් දාන්න බොරැල්ල මන්දිරයට එකතු වෙච්ච පිරිස අතර බණ්ඩාරනායක හිටියේ නැති බව දැනගත් ඩී.එස්. මිතුරාට කතා කළේ 'මේ වැඩේට එන්නම ඕන' යැයි කියාය.
බණ්ඩාරනායක ඒ වෙනකොට සිංහල මහ සභාවේ සභාපතිය. අලුත් පක්‍ෂය 'එක්සත් ජාතික පක්‍ෂය' වෙද්දී බණ්ඩාරනායකද ඊට එකඟ වුණේය. ඊට පස්සේ තිබ්බ මැතිවරණයෙන් ජයගත්ත එක්සත් ජාතික පක්‍ෂයේ අගමැතිකම ඩී.එස්.ට යද්දී බණ්ඩාරනායක ඒ රජයේ සභානායකවරයා මෙන්ම පළාත් පාලන අමාත්‍යවරයාද විය.

අස්ගිරියේ ‘කොළ එළිය’  

2017-06-22

'කරතොත් කරපන් හරියට - නැතහොත් පලයන් අහකට'
'හාමුදුරුවොන්ට අයිති පන්සල්වල වැඩ. දේශපාලකයොන්ට අයිති දේශපාලනය'
භික්ෂුන්ට දේශපාලනය අදාළ නැති බවත් ඔවුන්ට අදාළ ආගමික වැඩ විතරක් බවත් කියමින් 1946 ජනවාරියේදී එහෙම කීවේ ඩී.එස්. සේනානායක සහ ආර්. ජී. සේනානායකලාය. මේ ප්‍රකාශවලට භික්ෂු සමාජය මොනතරම් හෙල්ලුණාද කීවොත් භික්ෂුන් සහ දේශපාලනය නමැති ආන්දෝලනාත්මක විද්‍යාලංකාර ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට පවා කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමි කටයුතු කළේය.

රතන සූත්‍රය  

2017-06-15

"මහින්ද මහත්තයෝ අපි ඔබව පරාජය කරනවාමයි. එය ධර්මයේ හඬයි. මිනිසුන්ගේ පපු කැවුතු තුළින් එන හඬ එයයි. මහින්ද ජනපතිතුමනි, ඔබ ජනපතිවරණයට යන්න. ඔබේ පැරදීම අනිවාර්යයි. අපි ප්‍රතිපත්තිමය ආණ්ඩු මාරුවක් කරනවාමයි. ඒක ඒකාන්තයි"

ජේ.ආර්., ආර්.ජී. සහ ඊළඟ කෙනා  

2017-06-08

1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝදලා දාපු ජේ.ආර්. එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයකින් ඔසවා තැබුවේය. ධර්මිෂ්ඨ රටක් හදනවා කියා ටික දවසකින් විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේය. එහෙම කරපු ජේ.ආර්. කීවේ තමන් "ඔටුනු නොපලන් රජෙක්" කියලාය. මහින්දට රජෙක් කීවේ මිනිස්සුය. ජේ.ආර්. ඔටුනු නොපලන් රජෙක් කියා ගත්තේ තමන්ටමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්