නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

පිලිපීනයේ එහෙම වුණත්...  
👤2762

2016-08-10

ලී ක්වාන්-යූ සිංගප්පූරුව ගොඩනැඟුවේ ලංකාව දෙස බලාගෙනය. එහෙත් ඒ, ඔහුටම ආවේණික ක්‍රමයකටය. අර්ධ ඒකාධිපති ස්වරූපයක් ගත්තද ලී ක්වාන් යූගේ පාලනය සිංගප්පූරුවේ දියුණුවට මහෝපකාරීවීම නිසා ඔහුට ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති හංවඩුව වැදුණේ නැත. සිංගප්පූරු අගමැතිවරයා ඇතැම් ප්‍රශ්නවලට ලබා දුන්නේ අපූරු විසඳුම්ය. අයාලේ යන හරකුන්ගේ ප්‍රශ්නයට දුන් විසඳුම ඊට කදිම නිදසුනකි.

පෝසතුන්ගේ අතපල්ලෙන් වැටෙන දුප්පත්තු  
👤1891

2016-08-09

 

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1988 අවුරුද්දේ "ජන සවිය" වැඩසටහන ඇරැඹුවේ "නැති බැරි අය, ඇති හැකි අය" කිරීමටය. 1994 අවුරුද්දේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ "පොදු පෙරමුණු" ආණ්ඩුව "සමෘද්ධි" නමින් අලුත් වැඩසටහනක් ඇරැඹුවේ "ජනසවිය" අරමුණ වෙනත් ආකාරයකින් පෙරට රැගෙන යෑමටය. අනතුරුව බලයට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යටතේ දුප්පතුන් නඟාසිටුවීමේ වැඩසටහන 'දිවි නැඟුම" ලෙස නම් කෙරිණි. "දිවි නැඟුම" නමින් දෙපාර්තමේන්තුවක්ද පිහිටුවනු ලැබීය.

වක්කඩේ හකුරු හංගමුද?  
👤1688

2016-08-08

'වක්කඩේ හකුරු හැංගුවා වගේ' කියා පිරුළක් තිබේ. ඊට ගැළපෙන සිද්ධි මෙරට ඕනෑ තරම් ඇත. කැපීම තහනම් කර ඇති කුඹුක් දැව ඉරා ප්‍රවාහනය කරමින් සිටි රත්නපුර පොලිසියේ දිසා වැටලීම් ඒකකයේ උප පොලිස් පරීක්ෂකයකු ඇතුළු සැකකරුවන් 6 දෙනකු ඉකුත් සතියේ බළන්ගොඩ කපුගල අඩවි වන කාර්යාලයේ නිලධාරීන් හා කපුගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු සිද්ධිය එවැන්නකි. ඒ වැටලීමේදී සැකකරුවන් පහර දීම නිසා වනජීවී නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදුවී ඇත.

'චින්තන' පෙරැළිය  
👤1921

2016-08-06

නම කියූ පමණින් රටම දන්නා පත්තරකාරයන් ඉන්නේ ටික දෙනෙකි. සෑම තරාතිරමකම මිනිසුන් ඇසුරු කළ ජනප්‍රිය පත්තරකාරයකු වූ චින්තන ජයසේන ඉකුත් සතියේ දිවියෙන් සමුගෙන ගියේ 68 වසරක් ආයු වළ¼දාය. ඔහුගේ කර්තෘත්වයෙන් ඇරැඹි "කොලම" නම් තීරු පත්තරය මෙරට පාඨකයාට අලුත් අත්දැකීමක් වූවේය. කාට කෙළවුවත් "කොලම"ට කෙළවෙන්නේ නැතැයි මංගල කලාපයේ චින්තන ලිවීය. 90 දශකයේ මුල යළි ඇරැඹි කොලම හරහා දේශපාලන සමාජ සංස්කෘතිය ඔහු නිර්දය විවේචනයට බඳුන් කළේය.

පාර බදු නොගෙන සටන් කිරීම  
👤1570

2016-08-05

 

දින කිහිපයක සිට දුම්රිය ගේට්ටුකරුවෝ වැඩ වර්ජනයක නිරතව සිටිති. ඒ අතරතුර අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදුවූ මාරක අනතුරු සංඛ්‍යාව තුනකි. ඉකුත් 3 වැනිදා කුරුණෑගල, ගනේවත්ත, වේරගල, ඇඳගල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් යාපනය සිට කොළඹ බලා ධාවනය වූ 'දැයට කිරුළ' ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මවක් හා දරු දෙදෙනෙක් මරණයට පත් වූහ. අනතුර වන අවස්ථාවේදී උණ බම්බු යෙදූ අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේ කිසිදු මුරකරුවකු සිට නැත.

හය හතර නොදන්නා නොදරුවෝ  
👤2241

2016-08-04

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන 'මහින්ද පාර්ශ්වය' සංවිධානය කළ පාද යාත්‍රාව ඉකුත් 28 වැනිදා මහනුවරින් ගමන් ආරම්භ කෙළේ ගිලන් රථයකට පහර දීම වැනි තුට්ටු දෙකේ වැඩක් සමඟය. පිරිසුදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ සාමකාමී ජනතාවට වෙඩි තබා පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු හා එක්දරු පියකු මරා දමා තෙවසරක් පිරුණු ඉකුත් පළමුවැනිදා තවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක්කරමින් පාද යාත්‍රාව කොළඹින් අවසන් කළේය.

ධීවර සංස්ථාව වසා දමමු ද?  
👤2727

2016-08-03

 

ශ්‍රී ලංකාව සිවුදිගින් මුහුදෙන් වටවූ දූපතකි. රටට අයිති මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත බහුලය. එනිසා ධීවර කර්මාන්තයෙන් ජීවත් වන විශාල පිරිසක් මෙරට සිටී. වෙනම අමාත්‍යාංශයක් ධීවරයන් වෙනුවෙන් පිහිටුවා ඇත්තේ කර්මාන්තයේ වැදගත්කම නිසාය. නිදහසින් පසු මෙරට පිහිටුවූ සෑම ආණ්ඩුවකම ධීවර ඇමැති ධුරයට කැබිනට් තත්ත්වයක් ලබාදුන් අතර 1956 ආණ්ඩුව ධීවර විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබීය.

වැඩිහිටියන්ගේ මඟ යන 'පොඩිහිටියෝ'  
👤1752

2016-08-02

හම්බන්තොට පැත්තේ ඉස්කෝලෙක ප්‍රාථමික පන්තියක සිසුන් පිරිසක් දෙපිල බෙදී ගුටි ඇන ගනිද්දී එය සමථයට පැමිණි විදුහල්පතිවරයා රණ්ඩු වන්නේ කුමක් නිසා දැයි ඇසූ විට "පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙනවා නම් අපි රණ්ඩු වුණාම මොකදැයි" එක් සිසුවකු අසා තිබිණි. වැඩිහිටි කකුළුවන් ඇදේට යන ගමන් පැටවුන්ට කෙළින් යන්නැයි උපදෙස් දීමෙන් පලක් නැත. "ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට, දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි" ලෝකෝපකාරය කියන්නේ එනිසාය.

දූෂණ-වංචාවෙන් තොර ජනතාව පතන සමාජය  
👤1678

2016-08-01

"යහපාලනයක් ඕනෑ!" යන සංකල්පය කාලයක් පුරා මෙරට ජනතාවගේ සිත් සතන් තුළ මෝදු වෙමින් පැවැතිණි. එය කෙසේ විය යුතුද? කෙසේ ක්‍රියාත්මක විය යුතුද? යන්න ගැන ජනතාවට පැහැදිලි අදහසක් තිබුණේ නැත. එහෙත් දිගින් දිගටම සිදුවූ වැරැදි නිසා එය අත්‍යවශ්‍ය වෙමින් තිබුණු දෙයක් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිට හිතවත් පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වූ බලවේග, මධ්‍යස්ථ මතධාරී සිවිල් පුරවැසියන් හා සංවිධාන රැසක හා කුඩා පක්ෂ රැසක එක්වීමෙන් පිබිදුණු සමාජ බලවේගයක ඒකමිතියෙන් ජයග්‍රාහී පෙරමුණක් ගොඩනැඟුණේ එනිසාය. 

දුමින්දගේ ආටක නාටක  
👤1996

2016-07-30

ඉස්සර කදම්භ නදිය වූද පසුව මල්වතු ඔය වූද ඒ ගංගා නිම්නය අසබඩ විජය රජුන් හා පැමිණි අනුරාධ නම් සෙනෙවි තෙමේ ජනාවාසයක් තනා ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉනික්බිති මේ අනුරාධ නගරය සිය අග නගරය බවට පත්කර ගනු ලබන්නේ පණ්ඩුකාභය රජුන් විසිනි. එවක එය අංග සම්පූර්ණ අග නගරයක් වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එතැන් පටන් අනුරාධපුරය වූ පුරවරය ලෝ පතළ මිනිසුන්ට සෙවණ දුන් බිමකි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට උතුම් වූ සම්බුදු දහම රැගෙන ආවේද අනුරාධපුරයටය. සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු රජුන් සිය අග නගරය කරගත්තේද අනුරාධපුරයයි. අනුරාධපුරය එදා පටන් මේ වනතුරුද ලෝකයක් මවිත කරන්නට හපන්ය. අනුරාධපුරයේ පසුකාලීනව බිහිවන නායකයන්ද එසේ වෙතැයි රටේ මහජනතාවගේ පොදු මතයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්