නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

ප්‍රචණ්ඩත්වය, ආත්මාර්ථය කුහකකම, ගිජුකම මේ සමාජයේ සිටින මිනිස්සුන්ගෙන් බේරෙනවා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර  

2018-04-01

යොවුන් පරපුරේ හද බැ¼දගත් කුමරි, යුවති ඇතුළු පුවත්පත් කිහිපයක සංස්කාරවරයකු වූ ධර්මරත්න පෙරේරා ගේය පද රචකයෙක් ලෙසද, නවකතාකරුවකු ලෙසද රසිකයන්ගේ හද අරගත්තෙකි. දශක ගණනක් පුරා ඔහු ලියූ ගේය පද රචනා එකතුව "පුංචි කාමරේ" සංයුක්ත තැටිය හා ගේය පද්‍ය වර්ණනා එකතුව "ලිහිණින් රෑන" ඉකුත් සතියේ කොළඹ පදනම් ආයතනයේදී ජනගත කෙරිණි. තුන් අෑඳුතු කලා ක්ෂේත්‍රයක සිය ප්‍රතිභාව විකසිත කළ ධර්මරත්න පෙරේරාගේ සුවහසක් රසික සහෘදයන් ඇතුළු රසික ප්‍රජාවේ වින්දනය උදෙසා ජනගත කිරීමේ උළෙලේදී ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර කළ දෙසුම මෙසේ පළ කරමු.

කව්රාලට හොරා ඔන්න සුවඳි කෙල්ල දීග දෙන්ට රන්මලියා කරපු හරිය කටවහරේ තිබුණ මෙහෙම  

2018-04-01

මහයියා දමනෙ කව්රාල ගමරාල කිව්වහම යක්කරේ, හඳපාන්විල, ඇල්ලෙවැව ගංගොඩවල්වලත් පොරසිද්ද වෙලා හිටියලු. උන්දැගෙ මංතර ගුරුකම් කවදක්කත් වරිත්තං වෙලා නැහැල්ලු. ගමරාලගෙ අඹුව රන්මලී. ඒකි ගමේම එකියක් වුණාට අහංකාර මල්ලක්. අහල ගං හතේවත් එච්චර අහංකාරියක් හිටියෙ නැහැල්ලු.

සල්ලි ගෙනාවත් ගැණලා හරියට මල්ලියේ මෙහෙමයි දෙන්නෙ බඩු මම  

2018-04-01

අදට අවුරුදු 40කට පමණ පෙර නිකවැරටිය ප්‍රදේශයේ ගමක ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිට කිසියම් ප්‍රශ්නයකට රක්ෂාව නැති කරගත් පුද්ගලයෙක් ජීවත් වී ඇත. මොහුට ගමේ කවුරුත් අමතා ඇත්තේ මහත්තයා යනුවෙනි. මහත් අභිමානයෙන් ජීවත් වූ මහත්තයා ගමේ කඩයක් දමා තිබේ. ලාභ ඉපැයීම මූලික කරගෙන දැමූ කඩයක් නොවීය. අරුම පුදුම කඩයකි. ගම් වැසියන් මුදල් රැගෙන බඩු ගැනීමට පැමිණියත් අවශ්‍ය ප්‍රමාණයට මෙම කඩයෙන් බඩු ගැනීමට නම් බැරිය.

මහමඟ මතුව හිටිගමන් අතුරුදන් වුණු අද්භූත වාහන රැසක් අද්භූත කළුපාට කාර් එකක් පෙනුණා හිටිගමන් නැතිවුණා ආයෙත් එතැනින්ම මැවී පෙනුණා  

2018-04-01

මාර්ග තදබදයට ඔබ කොතෙකුත් මුහුණ දී ඇතුවාට සැක නැත. බොහෝ වේලාවලදී මාර්ග අතුරු සිදුරු නැතිව වාහනවලින් පිරී පවතී. මෙවැනි අවස්ථාවක එකවරම මතු වී නොපෙනී යන වාහනයක් දුටුවහොත් නිසැකවම ඔබ භීතියට පත් වනු නොඅනුමානය. එසේම එය කිසිවිටෙක සිදුවිය නොහැක්කක් බවට ඔබට හැඟී යනු ඇත. නමුත් මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් පිරිස් සිටින බව ඔබ දන්නවාද?

නළයක් දිගේ ගමන්කළ හැකි සුපිරි ප්‍රවාහන ක්‍රමයක්  

2018-03-25

වර්ජින් හයිපර්ලුප්වන් ආයතනය, අනාගතයට ගැළපෙන සිය ප්‍රවාහන පද්ධතිය සමඟ වේගය පිළිබඳ නව වාර්තාවක් පිහිටුවීමෙන් පසුගිය සතියේදී ඉතිහාසයක් නිර්මාණය කළේය. නෙවාඩාහි ඩෙව්ලුප් මාර්ගයෙහි නව "හයිපර්ලුප්" දුම්රියේ තුන් වැනි අදියරේ අත්හදා බැලීම සම්පූර්ණ කළ මෙම ආයතනය, දුම්රියේ වේගය පැයට සැතැපුම් 240 විස්මය දනවන වේගයට ළඟා කර ගැනීමට සමත්විය. එහෙත් ආයතනයේ ඉලක්කය වසර 2021 වනවිට මෙම පැයට සැතැපුම් 670 (පැයට කි.මී. 1,000) දක්වා වැඩිකර ගැනීමය. "වර්ජින් හයිපර්ලුප් වන්" ආයතනයේ නිර්මාතෘ රිචර්ඩ් බ්‍රැන්සන් එහි විධායක නොවන සභාපති වශයෙන් නම් කරනු ලැබ සිටී.

අනාගතයෙදී මැරී උපදින්නට යන සත්ත්වයකුගේ රූපය ඡායාරූපගත කරන්නත් පුළුවන් වේවි  

2018-03-25

ස්ටීවන්සන් මහතාගේ "ඊඹඥදබර ඛ්චඵඥඵ ඉභඨඨඥඵබඪමඥ ධට අඥඪදජචපදචබඪධද" නමැති පොතට පෙරවදනක් සපයන සී.ජේ. ඩුකාස්ගේ කියමනක්ද මෙහිදී ඇදපෑම සුදුසුය. ඩුකාස් මෙසේ කියයි. "පුනරුත්පත්තිය පිළිබඳ නියම සාක්කිය වන්නේ කුමක් දැයි යමකු ඇසුවහොත් පෙනෙන්නට ඇති එකම පිළිතුර නම්, අප කවුරුන් හෝ මාස නැතහොත් අවුරුදු කිහිපයකට පෙර ජීවත්ව සිටි බව දන්නේ කෙසේදැයි ඇසූ විට දිය හැකි පිළිතුරමය" එය සිතාගන්නට බැරි තරම්ය.

හොර කපුවා මෙල්ල කරලා කෙල්ලගේ කොඩිවිනේ කපලා කාලි මෑණියන්ගෙන් පිහිට ලබාදුන් හැටි  

2018-03-25

හූනියම්, කොඩිවින, වශී ගුරුකම් කරන කපුරාල කෙනකුට රැවටුණු අහිංසක පවුලක් මෑතකදී ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට පැමිණ මහේන්ද්‍රසාමි පූජකතුමන් හමුවූයේ පිහිටක් බලාපොරොත්තුවෙනි.

ඉන්දියාවේ දැරියක් පෙරභවයේ ඥාතීන් සොයා ගිය අපූරු ගමන  

2018-03-25

පුනර්භවය සනාථ කෙරෙන පුනර්භව සිද්ධීන් මෑත කාලයේ ලොව දස දෙසින්ම වාර්තා විය. පෙරදිග රටවලින් පමණක් නොව අපරදිග රටවලින්ද මෙසේ පුනර්භව සිද්ධීන් බොහෝ සෙයින් වාර්තා වූ අතර ඒ නිසාම අපරදිග රටවලද අවධානය ඒ කෙරේ යොමු විය. නමුත් පුනර්භව සිද්ධීන් පිළිබඳ වර්තමානයේ තරම් කතාබහට ලක් නොවූ එක්දාස් නවසිය තිස් ගණන් තරම් අෑත කාලයේ ඉන්දියාවෙන් වාර්තා වූ පුනර්භව සිදුවීමක් ලොවේම අවධානය දිනා ගැනීමට සමත්විය. 1926 දෙසැම්බර් 11 වැනිදා ඉන්දියාවේ දිල්ලිනුවර උපන් ශාන්තිදේවි දැරිය අනෙකුත් දැරියන් මෙන්ම සාමාන්‍ය දැරියක් වූවාය. වෙනසකට වූයේ ඇය වයස අවු. 4ක් පමණ වන තෙක් වැඩිපුර කතා නොකිරීමයි. නමුත් ඇය කතා කිරීමට පටන් ගත්විට අන් ළමයින්ට වඩා වෙනස් දේ පවසන්නට වූවාය. ඇය ඇගේ සැමියා හා දරුවන් ගැන කතා කිරීම ඇගේ මවුපියන් පුදුමයට පත් කරන්නක් විය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ ඇගේ සැමියා මථුරා ප්‍රදේශයේ වාසය කරන බවත් ඔහුට රෙදි සාප්පුවක් ඇති බවත්ය. ඇය පවසා සිටියේ ඔවුන්ට පුතකු සිටි බවය. මුලදී ඇගේ මවුපියන් සිතුවේ දැරිය සිතින් මවාගත් දේ පවසන බවය. නමුත් ඇය තමා මථුරාහිදී ගත කළ ජීවිතය ගැන දිගින් දිගටම පවසන්නට වූවාය.

නිරිඳු කාවන්තිස්ස පණ දුන් කරඹගල සෙනසුනේ ඔබ නොදන්න යටගියාව   

2018-03-25

හම්බන්තොට දිශාවේ අම්බලන්තොට නගරයට උතුරින් මෙම පුදබිම පිහිටා ඇත. අම්බලන්තොට නගරය මැදින් වලවේ ගඟට සමාන්තරව උතුරට බරව වැටී ඇති මාර්ගයේ මහබෝලාන දක්වා ගොස් ඉන් හැරී කොක්ගල්ල දක්වා යා යුතුය.

නයින්දනාව විහාර පරිශ්‍රයෙන් ඉපැරැණි නාග වන්දනාවක රහස් එළියට  

2018-03-25

ඉබ්බාගමුව - පොල්පිතිගම මාර්ගයේ එගඩෝගම හන්දියෙන් හැරී හක්වටුනා ඔය ව්‍යාපාරයට යන පාරේ සැතපුම් තුනක් පමණ ගොස් රාවා ඇළ අසලින් වැටී ඇති පටු ගුරු පාරේ තවත් සැතපුම් එකමාරක් පමණ ගිය පසු මේ පුදබිමට පැමිණීමට හැකිවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon