නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

අඟුණුකොළපැලැස්සේ සුපිරි සිපිරි ගෙදර  

2017-10-18

පාසලක් විවෘත කිරීම බන්ධනාගාර සියයක් වසා දැමීමට සමාන යැයි කියමනක් ඇත. 'අධ්‍යාපනය' තුළින් නැණවත් මෙන්ම ගුණවත් මිනිසකු නිර්මාණය කෙරෙන්නේය යන්න එහි අර්ථය වේ.

මේ වගේ දේවල් දැක දැකත් කර්මය සහ පුනර්භවය විශ්වාස නොකරන අය ඉන්නවනෙ.  

2017-10-17

අවසානයේ "සයිටම්" ප්‍රශ්නයට තෛ්‍රනිකායික මහ නාහිමිවරුද මැදිහත් වී සිටිති. වෛද්‍ය පීඨ මවුපිය සංගමයේ හා සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතන මවුපිය සංගමයේ නියෝජිතයන් තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් හමුවී කළ දැනුම්වත් කිරීමකින් අනතුරුව සිය අස්සනින් යුතු ලිපියක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත යොමු කිරීමට නාහිමිවරුන් පියවර ගෙන ඇත.

උතුරේ හර්තාලය හා ආණ්ඩුවේ සංහිඳියාව  

2017-10-16

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් සතියේ උතුරට ගියේ දෙමළ භාෂා දින සැමරුම ඇතුළු උත්සව කිහිපයකට සහභාගි වීමේ අරමුණිනි. එහෙත් උතුරු පළාතේ කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට දේශපාලන පක්ෂ රැසක් හා සිවිල් සංවිධාන විශාල ගණනක් එකතුව කටයුතු කරනු ලැබීණි. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ දැනට බන්ධනාගාර ගත කොට සිටින දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමයි. දෙමළ භාෂා දින සමරු උත්සවයට සහභාගි වීමට යාපනයේ හින්දු විද්‍යාලයට ගිය ජනාධිපතිවරයා කළු කොඩි ඔසවා ඒ අසල විරෝධතා දැක්වූවන් වෙත ගොස් ප්‍රකාශ කර තිබුණේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවය. එහෙත් විරෝධතාකරුවන් පවසා තිබුණේ සාකච්ඡා අවශ්‍ය නැති බවත් ඉල්ලීම් ලබා දෙන ලෙසත්ය.

දුම්රිය මගියාගේ බෙල්ල රේල් පීල්ලට තැබීම  

2017-10-15

පසුගිය 11දා රාත්‍රියේ හදිසියේම ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බිඳවැටුණු දුම්රිය ගමනාගමනය තවමත් යථා තත්ත්වයට පත්වූයේ නැත. අගනුවරට පැමිණි අපේ රටේ වැඩ කරන ජනතාව දවසේ සේවාව නිම කොට ආපසු නිවෙස්වලට යෑමට මඟට පිළිපන් නිමේෂයේ හදිසියේ කඩාපාත් වූ දුම්රිය වැඩ වර්ජනය නිසා දුම්රිය මගීහු මහත් විපතට පත් වූහ.

ජීවිතයට ආදරය කරමු!  

2017-10-13

ගාල්ලේ පෝද්දල, වටරැක ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඉකුත් 10 වැනිදා සිය ව්‍යාපාරික පියා සතුව තිබූ ගිනි අවියකින් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබුණේ මවුපියන්ට ලිපියක්ද ලියා තබාය.

බැංකු හොරු සහ ලෝක හොරු  

2017-10-12

ගුරුවරයා හිටගෙන සුළුදිය හලනවිට ගෝලයන් දුව දුව සුළුදිය හලන්නේ යැයි කියමනක් ඇත. එය සිහියට නැඟුණේ 'තායිවාන බැංකු හොරකම' ගැන ඇසූ විටය.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි 'සිටි' බැංකු මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 2.104ක් වංචා කර ඉන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1ක මුදලක් ලංකාවේ බැංකුවක ගිණුමකට බැරකර ඇත. මේ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ, හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ හිතවතකු ලෙස සැලැකේ. ඔහුව සභාපති ධුරයට පත්කර ඇත්තේ රවි කරුණානායක මහතා විසිනි. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපතිවරයා වන්නේද ශලීලය.

කනේ පහර  

2017-10-11

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙකක් ඇත. එකක් කටුනායකය. අනෙක මත්තලය. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ ඉදිකර ගතවී ඇත්තේ වසර හතරක් වුවද කටුනායකටත් වඩා මත්තල ජනප්‍රිය වී ඇත. කටුනායකට වඩා මත්තල ගුවන් තොටුපොළ ජනප්‍රිය වී ඇත්තේ ගුවන යානා වැඩිපුර පැමිණීම නිසා නොව ගුවන් යානා නොපැමිණීම නිසාය.

අපේ තැපෑල  

2017-10-10

143 වැනි වරට ජගත් තැපැල් දිනය සමරන්නේ ලියුම්, ටෙලිග්‍රෑම් ජන සමාජයෙන් බොහෝ දුරස් වෙමින් පවතින් අවස්ථාවකය. කාලාන්තරයක් තිස්සේ තැපැල් මහත්තයා ජන සමාජයේ වැදගත් චරිතයක් වී තිබිණි. ජනාධිපතිවරයා තැපැල් දින සැමරුම් උළෙලේදී පැවැසූ පරිදි තැපෑල හරහා සතුට, දුක දෙකම නිවෙසට රැගෙන ආවේ තැපැල් මහත්තයාය.

බිලිඳුනේ දරුවනේ  

2017-10-09

'දසමසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
විසිකරමි වන ලැහැබට
දෑස පියාගෙන
නයි පොළඟුන්ගෙන් මවක ලබාවා
වග වලසුන්ගෙන් පියකු ලබාවා...

පහේ ශිෂ්‍යත්වය සහ අපේ හපන්නු  

2017-10-08

අම්මලාගේ විභාගය ලෙසින් හඳුන්වන පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව 3,50,462කි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව 164කි. මොනරාගල, පොළොන්නරුව දිස්ත්‍රික් දෙකෙහි ලකුණු සීමාව 151කි. පොදුවේ ගත් කල මෙම අවම ලකුණු සීමාවන් කරා ළඟා නොවූ සිසුන් සැලකෙන්නේ ශිෂ්‍යත්ව විභාගය අසමත් සිසුන් ගණනටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්