නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය  👤2133

2017-04-19 08:17:41

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 102කින් ජයගත් ඕස්ට්‍රේලියානු යෞවනයන් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

මාතර ශාන්ත තෝමස් සහ පානදුර ශාන්ත ජෝන් අවසන් තරගයට  👤1341

2017-04-18 11:39:08

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මාතර රාහුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.

මලල ක්‍රීඩා සංගම් මහ පුටුවට තුන්කොන් සටනක්  👤1507

2017-04-18 10:08:37

මැයි 8 වැනිදාට යෙදී ඇති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් නිලවරණයේ නාමයෝජනා භාර ගැනීම ඊයේ පස්වරු 2.30ට අවසන් වූ අතර එළැඹෙන නිලවරණයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය සඳහා තිදෙනකුත්, උප සභාපති ධුරය සඳහා 17 දෙනකුත්, ලේකම් ධුරය හා භාණ්ඩාගාරික ධුරය සඳහා එක් අයකු බැගින් සහ සහකාර ලේකම් හා උප භාණ්ඩාගාරික තනතුරු සඳහා දෙදෙනකු බැගින්ද නාම යෝජනා භාරදී තිබේ.

සංගක්කාරට චැම්පියන්ස් කුසලානයේ තානාපති තනතුරක්  👤1395

2017-04-17 12:27:17

ලබන ජුනි මස එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන රටවල් 8 නියෝජනය වන පරිදි තානාපතිවරුන් 8 දෙනකු තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) තීරණය කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු නායක කුමාර් සංගක්කාර පත් කිරීමට අයි.සී.සී. ය පියවර ගෙන තිබේ.

යොහාන් බ්ලේක් පරදවමින් හිමාෂ නව වසරේ වැඩ අල්ලයි  👤1811

2017-04-17 10:10:47

ඊයේ ජැමෙයිකාවේදී පැවැති යූටෙක් ක්ලැසික් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ හිමාෂ ඒෂාන් තත්.10.29කින් තරගය නිම කරමින් 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර එම තරගයට ජැමෙයිකාවේ ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් ද සහභාගි වුවත් ඔහු 8වැනි ස්ථානයට පත් වීම විශේෂත්වයකි.
ඒ අනුව යොහාන් බ්ලේක් පරයා යමින් 6 වැනි ස්ථානයට පත් හිමාෂ වාර්තා කළ තත්.10.29ක කාලය ඔහු මෙම වසරේ වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන් වන අතර තත්.10.08කින් තරගය අවසන් කළ සාර්නෙල් හියුස් පළමු ස්ථානය දිනා ගත්තේය.

අයි.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් මෙහෙයවීමේ සියයට පනහක බලය ඕස්ට්‍රේලියානුවන්ට  👤992

2017-04-12 14:05:59

10 වැනි ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (10දා) පැවැති තරගයකදී ෂේන් වොට්සන්ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ ග්ලෙන් මැක්ස්වෙල්ගේ කිංස් යඪ පන්ජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැමිණීමට සමත්ව සිටී.

සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය  👤1239

2017-04-12 08:30:50

අන්තර් පළාත් එක්දින තරගාවලියේ ඊයේ පැවැති තරගවලදී ගාල්ල හා මහනුවර යන පළාත් කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර මහනුවර කණ්ඩායමේ නායක චාමර කපුගෙදර, ගාල්ල කණ්ඩායමේ දසුන් ශානක සහ දඹුල්ල පිලේ හර්ෂ කුරේ ශතක වාර්තා කිරීමට සමත් වූහ. කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව ලකුණු රැස්කළ ගාල්ල කණ්ඩායම ලකුණු 290ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ලබාගත්තේ ලකුණු 102ක් පමණි.

මොර්ටාසා ගෙදර ගියේ සතුටින් නොවෙයිලු  👤1074

2017-04-08 08:50:35

බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 53කට ක්‍රීඩා කර එයින් තරග 25කට නායකත්වය ලබා දුන් මෂ්රෆ් මොර්ටාසා ශ්‍රී ලංකාව සමඟින් පසුගිය බ්‍රහස්පතින්දා (6දා) පැවැති තරගයෙන් පසු විස්සයි-20 ජාත්‍යන්තර පිටියට සමුදුන්නේය.

අවුරුදු 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය  👤1841

2017-04-07 09:16:55

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (7දා) සහ හෙට (8දා) පැවැත්වේ.

අයි.පී.එල්. යන දවසක් හරියට කියන්න බැහැ  👤2050

2017-04-06 13:18:03

දහවැනි වරටත් පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) ඊයේ ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට නියමිත ඇන්ජිලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න යන ක්‍රීඩකයන් තිදෙනාට අයි. පී. එල්. සඳහා සහභාගි වීම ප්‍රමාද කිරීමට සිදුව ඇත.

ආසියානු යොවුන් පිරිමි වොලිබෝල් ශූරතාවලියේ ශූරතාව ජපානයට ලංකාවට 9 වැනි තැන  👤2182

2017-04-06 08:36:57

ඊයේ මියන්මාරයේදී නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් පිරිමි වොලිබෝල් ශූරතාවලියේ ශූරතාව ජපාන කණ්ඩායම දිනා ගනිද්දී, එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම 9 වැනි ස්ථානයට පත්ව තරගාවලිය නිමා කිරීමට සිදු විය. ජපානය සහ දකුණු කොරියාව අතර පැවැති අවසන් තරගයෙන් 3-0ක පහසු ජයක් ජපානයට අත් විය.

ලංකාව විස්සේ බලය යළිත් පතුරුවයි  👤2443

2017-04-05 12:12:20

කලකට පසු කුසල් ජනිත්ගෙන් දිස්වූ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු තරගය කඩුලු 6කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්ව සිටී.

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව එෆ් කාණ්ඩයෙන් තරග බිමට  👤2268

2017-04-05 10:06:47

අප්‍රේල් 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හොංකොංහි පැවැත්වෙන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම "එෆ්" කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර, එම කාණ්ඩයට සත්කාරක හොංකොං, චිලී හා නැමීබියා කණ්ඩායම් ඇතුළත්ව සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ පළමු දිනයේදී (7දා) පළමු තරගය චිලී සමඟින්ද දෙවැනි තරගය හොංකොං සමඟින්ද මුහුණ දීමට සිදුව තිබෙන අතර, දෙවැනි දින වන 8 වැනිදා නැමීබියා සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

පිලිපීන ජාතික විවෘත ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලිය  👤1053

2017-04-03 16:31:10

පිලිපීන ජාතික විවෘත ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමාලි ලියනාරච්චි, අමිල ජයසිරි විජයලත් පෙඩිගේ සහ මංජුල කුමාර විජේසේකර රන් පදක්කම් 4ක් මවුබිම ට දිනා දීමට සමත් වූ අතර සංජය සඳරුවන් ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකා පදක්කම් මල්ල තර කිරීමට සමත් විය.

මරිජාගේ පැමිණීම අමතර වාසියක්  👤1445

2017-04-03 14:27:39

සත් සාමාජික ලෝක ශූරතා රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා සත් සාමාජික පිලක් සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් පවසන්නේ දක්ෂ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු වන ෆාසිල් මරිජා යළි කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකා පිලට අමතර ශක්තියක් බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්