නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

“සාකච්ඡාවට මාවත මිසයිල් නොවෙයි”- කිම් ජොන් අන්ට අනතුරු ඇඟවීමක්  

2017-05-15 14:05:31

වොෂින්ටනය සමඟ සාකච්ඡා සඳහා අවතීර්ණ වීමට ඇති මාවත මිසයිල් නොවන බවට එක්සත් ජනපදය උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් කරයි.

අද තවත් ප්‍රබල සයිබර් ප්‍රහාරයක්  

2017-05-15 09:54:39

අද (15දා) තවත් ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ඇති බව පරිගණක ආරක්ෂක විද්‍යාඥයන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි.

රාමදාන් කඩ කළොත් මාස තුනක සිර දඬුවමක්!  

2017-05-14 14:12:54

රාමාදාන් උපවාස වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් නියම කිරීමට පකිස්ථාන් බලධාරීන් ඉදිරිපත් කරන සැලසුම් එරට බලවත් දේශපාලන පවුලක ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් විසින් ප්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක් කරනු ලබයි.

බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක්!  

2017-05-11 12:34:37

බුදුරජාණන් වහන්සේ උපන් බිම වායු දූෂණය හේතුවෙන් බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයින් මෙන්ම බලධාරීහු ද පවසති.

ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්!  

2017-05-08 13:34:33

ඊයේ (මැයි 07) ප්‍රංශ ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් (Marine Le Pen) පරාජයට පත් කරමින් එම්මානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් යුරෝපා නායකයෝ සතුට පළ කරති.

දිල්ලි සමුහ දූෂකයින්ගේ මරණ දඬුවම ස්ථිරයි  

2017-05-06 13:48:27

දිල්ලියේ ශිෂ්‍යාවක දූෂණයකර මරා දැමීමේ සිද්ධියට වරදකරුවන් වූ සිව්දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

උතුරු කොරියානු නායකයා ඝාතනය කිරීමේ "CIA කුමන්ත්‍රණයක්"  

2017-05-05 16:33:12

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.

මරු වෙත යද්දී ගත් සේයාරුව  

2017-05-04 14:56:41

පිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කරයි.

කාබුල් නුවර නේටෝ රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්  

2017-05-03 14:54:08

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයේ රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අටදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 'ක්‍රියාත්මකයි'  

2017-05-02 14:24:33

මතභේදයට තුඩු දී තිබෙන සිය තාඩ් මිසයිල ආරක්ෂක පද්ධතිය දැන් දකුණු කොරියාවේ ක්‍රියාත්මකවන බව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාව පවසයි.

'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ  

2017-04-30 15:39:16

ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී තිබේ.

කාල් වින්සන් නෞකාව එම කලාපයට ඇතුළු වූයේ උතුරු කොරියාව විසින් 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීමක් සිදු කරනු ලැබීමෙන් පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය.

උතුරු කොරියාව සහ වොෂිංටන් පාලනය අතර ඉහළ යමින් පවතින නොඉවසිලිමත්භාවය මධ්‍යයේ එම කලාපය වෙත යාත්‍රා කරන මෙන් ඇමරිකාව කාල් වින්සන් නෞකාවට නියෝග ලබා දුණි.

ජනපති ට්‍රම්ප්ගේ පළමු දින සියය  

2017-04-30 12:49:35

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ දිවුරුම් දී අදට(අප්‍රියෙල් 29) දින සියයක් සම්පුර්ණ වෙයි.

සිය ධුරයේ පළමු දින සියය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කිරීම "පහසු කටයුත්තක්" යයි තමන් මුලදී සිතූ බව ප්‍රකාශ කොට ඇත.

"මම මගේ ඉස්සර ජීවිතේට ආදරය කළා. ඉස්සරට වඩා දැන් වැඩ වැඩියි. මම හිතුවේ මේක පහසු කටයුත්තක් වේවි කියලා" ඇමරිකානු ජනාධිපතිවරයා රොයිටර් පුවත් සේවයට පැවසීය.

දමස්කස් නුවර දැවැන්ත පිපිරීමකින් දෙදරයි  

2017-04-27 14:44:08

සිරියාවේ දමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්න ප්‍රදේශයකින් දැවැන්ත පිපිරීමක් වාර්තා විය.

කොරියානු උණුසුම මැද චීනයෙනුත් ප්‍රහාරක යානා නැවක්  

2017-04-26 15:14:48

කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කළේය.

ඉවන්කා ට්‍රම්ප්ට කාන්තා සමුළුවේ විරෝධය  

2017-04-26 10:35:32

G20 කාන්තා සමුළුවකට සහභාගිවීම පිණිස ජර්මනියේ බර්ලින් නුවරට පැමිණ සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය, ඉවන්කාට සිය පියා කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්ප පිළිබඳව විරෝධතාවලට මුහුණදීමට සිදුවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්