නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

සෙංගල්ඔය වාරිව්‍යාපාරය බලගැන්වීමට රු.මිලියන 350ක් - පුරන් කුඹුරු අක්කර 20,000ක් අස්වැද්දීමට සැලසුම්  

2018-05-10 10:13:57

සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

‍අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද කොලොන්නාවට ජල කප්පාදුවක්  

2018-05-10 09:57:02

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (10 )දිනයේ කොලොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මූලතිව් දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය  

2018-05-10 09:54:58

මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

66වන උදා ගම්මානය හම්බන්තොටට  

2018-05-09 17:27:18

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 66වන උදාගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, කඳුරුපොකුණ උතුර "සතිරගම" උදා ගම්මානය හෙට (10) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

වට්ටක්කා තොග මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්  

2018-05-09 10:48:31

ගොවීන් සතුව විකුණා ගත නොහැකිව තිබෙන වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දී ඇත.

මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් ප්‍රදේශවල ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්  

2018-05-09 09:27:41

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය දින කන්කසන්තුරේ මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් යන ගම්මානයන්හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට  

2018-05-09 09:09:09

අධිකරණ සංවිධාන (සංශෝධන )පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (9) පාර්ලිමේන්තුවේ දී ගැනීමට නියමිතය.

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි  

2018-05-08 14:17:16

8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ආරම්භ කෙරෙන අවස්ථාව සඳහා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සැපත් විය.

අද රෑ 12 සිට දුම්රිය වර්ජනයක්  

2018-05-08 14:10:19

ජනාධිපතිතුමා විසින් පත්කරන ලද අමාත්‍ය සරත් අමුණුගම කමිටුවේ නිර්දේශ මත ප්‍රවාහන අමාත්‍යවරයා

ලෝක තැලසීමියා දිනය අදයි  

2018-05-08 10:01:11

ලෝක තැලසිමියා දිනය (මැයි 08)  අදට යෙදි ඇත‍. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.

වැටුප් ගැටලුවට විසඳුම් පතා හෙට රෑ සිට දුම්රිය වර්ජනයක්  

2018-05-07 15:29:03

දුම්රිය ස්ථානාධිපති නියාමක පාලක සහ එන්ජින් රියැදුරුන්ගේ වැටුප් විසමතා ඉවත් කිරීමට දුන් පොරොන්දු කඩවී තිබෙන නිසා හෙට (08දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

උතුරු මුහුදේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට  

2018-05-06 13:30:16

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(05) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ජාතික කුරුඳු සතිය හෙට සිට  

2018-05-06 11:22:27

ජාතික කුරුඳු සතිය හෙට (07) සිට ලබන 11 දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා පසයි.

එජාප මැයි දින සැමරුම අද සුගතදාස ක්‍රීඩාංගණයේදී  

2018-05-06 09:14:22

මෙවර එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම අද (6) කොළඹ,සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

මහා සිනමාවේදියාගේ රණ මයුර පදක්කම පෞද්ගලික බස් රථයක තිබී හමුවෙයි  

2018-05-05 11:01:42

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අතුරුදන් වූ රණ මයුර පදක්කම හමු වී තිබේ. එය කොල්ලුපිටිය, කඩුවෙල මාර්ගයේ 177 පෞද්ගලික බස් රථයක තිබී මෙය හමුවී ඇති බව සඳහන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon