නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

ට්‍රම්ප් - පුටින් පැවැත්වූ සාකච්ඡාවේදී පත්‍රිකාවක් පෙන්වූ වාර්තාකරු පිටතට යවයි  

2018-07-18 16:28:08

ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති පුටින් සහභාගි වුණු පුවත්පත් සාකච්ඡාවේදී ඔවුන්ගේ කතාබහ ආරම්භ කරන්නට මොහොතකට කලින් 'න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුම' යන වචන සටහන් වූ පත්‍රිකාවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙහි උහා දැක්වූ පුවත්පත් වාර්තාකරුවකු ආරක්‍ෂක නිලධාරීන් විසින් එම ස්ථානයෙන් පිටතට ඇදගෙන යන ලදී. එසේ ඇදගෙන යන්නට කලින්, සෑම් හුසේනි නමැති එම පුවත්පත් වාර්තාකරු එම පත්‍රිකාව ඔසොවා අල්ලාගෙන සිටි ආකාරය පුවත් සාකච්ඡාව පිළිබඳ වාර්තා සමඟ පළවුණු ඡායාරූපවල දැක්විණි.

ඉන්දුනීසියාව: පලිගැනීමක් ලෙස කිඹුලන් 300 ක් පමණ මරලා  

2018-07-17 14:14:40

කලහකාරී ගම්වැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා තිබේ.

'ටජ්මහල' රකින්නැයි ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉන්දීය රජයට කියයි  

2018-07-13 15:03:55

ඉන්දියාවේ මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය ටජ්මහල ආරක්ෂා කර ගැනීම සඳහා අසමත් වී ඇති බවද එය රැකගැනීම සඳහා ගෙන ඇති පියවරයන් වහාම ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණය අවධාරනය කරයි.

තායිලන්තය: ලෙන තුළ සිරවූ ළමුන්ගේ අලුත්ම තත්ත්වය  

2018-07-09 14:29:45

තායිලන්තයේ ජලයෙන් යටවී පවතින ලෙන තුළ සිරවී සිටින සෙසු පිරිමි ළමුන් අට දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුම් කිමිදුම්කරුවන් විසින් යළි ආරම්භ කරනු ලැබීමට නියමිතය.

ජපානයේ ජල ගැල්මෙන් හා නාය යෑමෙන් 70ක් මිය ගිහින් 44ක් අතුරුදන්  

2018-07-09 13:00:01

ජපානයේ බටහිර ප්‍රදේශයේ ඇතිවූ ජල ගැලීම් සහ නාය යෑම් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස හැත්තෑව දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක්  

2018-07-08 12:27:33

ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ දූෂණ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරට අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.

ටෙක්සාස්හි මවක් දරුවන් විකිණීමට යද්දී අත්අඩංගුවට  

2018-07-06 13:39:49

ටෙක්සාස්හි මවක් තම දරු තිදෙනා විකිණීමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන ඇත.

තායි පාපන්දු කණ්ඩායම හිර වී සිටින ලෙනේ ජල මට්ටම තවත් ඉහළට  

2018-07-06 11:05:48

තායිලන්ත පාපන්දු කණ්ඩායමක් සිර වී සිටින ලෙන තුළ ජල මට්ටම ඉහළයමින් පවතින බව ගලවා ගැනීමේ කණ්ඩායම වාර්තා කරයි.

සිරියාවේ හෝම්ස් නගරයේදී ඉස්ලාමීය රාජ්‍ය නායකයාගේ පුත්‍රයකු ඝාතනය කරයි  

2018-07-05 10:41:23

ඉස්ලාමීය රාජ්‍ය නායක අබුබක් අල්-බැග්ඩාඩිගේ පුත්‍රයකු සිරියාවේදී ඝාතනය කර ඇතැයි අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත් ප්‍රවෘත්ති නාළිකාවක් වාර්තා කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

'චයිනා මොබයිල්' ආයතනය ඉල්ලූ බලපත්‍රය ප්‍රතික්ෂේප වේ  

2018-07-04 11:12:05

ලෝකයේ විශාලතම දුරකථන සේවා සමාගම වශයෙන් පවත්නා "චයිනා මොබයිල්" ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සේවා පවත්වාගෙන යෑමට ඉඩ දීමේ අවශ්‍යතාවක් නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. තමා චීනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය ඇතිව යැයිද ට්‍රම්ප් කීවේය.

තායිලන්තය: ලෙනක සිර වී සිටි දරුවන් සියලු දෙනා 'ජීවතුන් අතර'  

2018-07-03 13:01:29

දින නවයක් තායිලන්තයේ ලෙනක සිර වී සිටි පිරිමි දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු හමු වූ බව ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසයි.

ඉන්දියාව: පවුලේ දස දෙනෙකුගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබී හමුවේ  

2018-07-02 17:12:41

එකම පවුලක සාමාජිකයන් සහ ඥාතීන් පිරිසකගේ මළ සිරුරු ඉන්දියාවේ දිල්ලි අගනුවර නිවසකින් හමුවී තිබේ.

බොර තෙල් උත්පාදනය ඉහළ දමන්න!  

2018-07-02 15:29:58

ලොව පුරා ඉහළ යමින් පවතින ඉන්ධන මිල පහත හෙළීම සඳහා සෞදි අරාබියාවේ තෙල් උත්පාදනය ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියාවේ සල්මාන් රජුගෙන් ඉල්ලා ඇත.

ෆින්ලන්තයේදී මුණගැසෙන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලදිමීර් පූතින්  

2018-07-01 14:45:17

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්, ලබන මාසයේ ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

ඇමෙරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයේ වෙඩි තැබීමකින් 5 ක් මරුට  

2018-06-29 10:44:00

ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලයක සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon