නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ජනාධිපති ලේකම් හා කථානායක බැඳුම්කර වාර්තාවේ C-350 ලේඛනය නොසඟවා හෙළි කළ යුතුයි  

2018-06-05 10:01:18

හර්ෂනී අර්සකුලරත්න


අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳ තොරතුරු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ C-350 ලේඛනයේ සඳහන්ව ඇතැයි පවසද්දීත් එම ලේඛන ඉදිරිපත් නොකොට යට ගසා සඟවා ගෙන නොසිට රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.

මගේ අම්මා තාත්තා හම්බ කරපු දේපොළවලින් පර්පචුවල් සමාගමටත් සල්ලි දෙන්න පුළුවන්  

2018-06-05 09:54:02

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර


දේශපාලනය කරන්න මට එක එක කොම්පැනිවලින් සල්ලි ගන්න ඕනෑ නැහැ. මගේ තාත්තලා අම්මලා හම්බ කරලා තියෙන දේපොළවලින් මට ඕනෑ නම් පර්පචුවල් සමාගමට කීයක් හරි දෙන්න පුළුවන් යැයි ඇමැති කබීර් හෂීම් මහතා කියයි.

මූල්‍ය සමාගම් බිඳ වැටීම ගැන පාර්ලිමේන්තු විවාදය අද  

2018-06-05 08:52:23

ජේ.ටී.ද සිල්වා


ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් කඩාවැටීම පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

වියත්මඟ දේශනය රජයේ දර්ශනයට සමාන බව කීවත් ක්‍රියාත්මක නොවීම ගැටලුවක්  

2018-06-04 11:56:49

පනාගොඩ - චම්පා ජීවන්ති


වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ කරුණු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවැසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03දා) සවස හංවැල්ල ජල්තරදී පැවැසීය.

මීට පස්සේ අපිට සල්ලි දෙන්න ආවොත් කාමරේකට දාලා වහලා සී.අයි.ඩී.යට කියනවා - හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  

2018-06-04 11:50:40

සිරිනාම රාජපක්ෂ


මින් පසුව එළැඹෙන මැතිවරණ ව්‍යාපාරවලදී අනුග්‍රහයක් ලබාදීමට කැමැති පුද්ගලයන්ගෙන් මුදල් ආධාර ලබා ගැනීමේදී ඔවුන් පිළිබඳව පොලිස් වාර්තාවක් සහ ග්‍රාමසේවා සහතිකයක් සමඟ ඔවුන්ගේ උප්පැන්න සහතිකයක්ද ඉල්ලා සිටීමට අදහස් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

මහවැලි ජනපදිකයින් වෙනුවෙන් ඉඩම් ඔප්පු 12,083ක්  

2018-05-31 13:22:01

මහවැලි බී, සී සහ රඹකැන්ඔය කලාපවලට අයත් ජනපදිකයින් 12,083ක් වෙත හිමිකම් ඔප්පු පිරිනැමීම හෙට (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව වැලිඔය ප්‍රදේශයේ දි සිදු කෙරේ.

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටු නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි  

2018-05-30 14:20:03

සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය.

බියගම ආසනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරයෙක්   

2018-05-18 12:52:29

ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර තිබේ.

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි  

2018-05-17 14:35:26

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ ආරිය බී.රැකව මහතා අද(17) උදෑසන ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කළේ ය.

මා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීමේ තීරණයක් තවම නෑ - ගෝඨාභය රාජපක්ෂ  

2018-05-14 13:37:16

"මාව ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීමේ තීරණයක් තවම නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමයි ඒ සම්බන්ධව තීරණය ගත යුත්තේ. ඒ මහතා ඒ සම්බන්ධව යම් තීරණයක් ගත්තොත් ඒ ගැන සලකා බලනවා" යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (13දා) ගොඩකවෙලදී පැවැසීය.

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති ඉරානයට ..  

2018-05-12 15:51:30

ඉරානය සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (12) දහවල් ඉරානය බලා පිටත්ව ගියේය.

ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි  

2018-05-11 13:09:00

ඒ. එච්. එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි.  

2018-05-11 13:03:08

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

ගාල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ගොඩනැගිලි හතරක් අගමැති සුරතින් 12දා ජනතා අයිතියට  

2018-05-11 09:45:38

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි හතරක් ජනතා අයිතියට පත්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (12) සිදු කිරීමට නියමිතය.

වීරකුමාර දිසානායක මහතා මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ අවස්ථාවට ජනපති එක්වෙයි  

2018-05-10 14:26:59

මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු වීරකුමාර දිසානායක මහතා අද (10) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon