නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

අපේ කටුගෙට නැති රට රටවල ඇති අපේ 'රජ' බඩු  

2017-10-08 15:45:40

වසර 44කට පසු රුසියානු රජයේ නිල ආරාධනයෙන් රුසියාවට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා අපූරු සිහිවටන තෑග්ගක් තිළිණ කළේය. ඒ එංගලන්ත කෞතුකාගාරයක තිබී 1906දී රුසියාව විසින් මිලදී ගත් මහනුවර යුගයට අයත් කස්තානයකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එය තමා සන්තකයේ නොතබාගෙන ජාතික උරුමයක් සේ සලකා පසුගියදා නිල වශයෙන් අපේ කෞතුකාගාරයට තිළිණ කළේය.

මිනිසාට ගොදුරු වූ යෝධ පිඹුරා  

2017-10-06 13:52:34

මිනිසෙකු සමඟ කළ සටනකින් පැරදුණු ඉන්දුනීසියාවේ යෝධ පිඹුරෙකු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.

දීපිකා හොර රහසේම විවාහ වුණාද?  

2017-10-04 17:23:17

නිතරම මාධ්‍යයේ අවධානයට ලක්වෙන සුරූපී නිළි දීපිකා පදුකෝන් ගැන කාලෙන් කාලෙට විවිධ කටකතා පැතිරෙනවා. ඇය කඩවසම් නළු රන්වීර් සිං එක්ක පෙමින් බැඳුණ කතාවත් දැන් නම් කාටත් රහසක් නොවෙයි. ඒ හින්දම රූගත කිරීම්වලට පැරීසියට ගිහින් ඉන්න රන්වීර් හමුවෙන්න දීපිකා විටින් විට එහි යන බවත් ආරංචි වෙනවා.

ප්‍රේම දඩයමේ නපුරු ශේෂාගේ හිත සල්මන් ළඟ නතර වෙලා  

2017-10-03 17:20:12

නාග චම්පා, නාගීනා, නාග කන්‍යා අපට නවමු අත්දැකීම් වුණා. නාග කන්‍යාවන් හා පෙමින් බැඳෙන තරුණයන් අපේ හදවත් කම්පනය කළා. විටෙක නාග කන්‍යාවගේ වෛරය, තරුණයාගේ ප්‍රේමයෙන් සුනු විසුනුව යන සැටි අපි බලා සිටියා.

පද්මාවතී නිසා රන්වීර්ගේ රැවුලට සිදුවුණ දේ  

2017-10-02 17:42:46

පද්මාවතී චිත්‍රපටය දෙසැම්බර් මාසයේ තිරගත වෙන්නට නියමිතයි. තාම තිරගත නොවුණත් මේ චිත්‍රපටය දැනටමත් ජනප්‍රියයි. කඩවසම් නළු රන්වීර් සිංටත් මෙහි ප්‍රධාන චරිතය හිමි වෙනවා.

සිහිනයකි රෑ පොලිස්පතිවරයාගේ තේරීමකට යටත් වෙයි  

2017-09-30 17:26:42

'පොලිසිය' යන නම ඇසූ සැණින් මෙරට බහුතරයක් වූ ජනතාවගේ මනසේ ඇති වන්නේ බිය මුසු තත්ත්වයකි. 'පොලිස් නිලධාරියකු' අපි සමාජය හඳුන්වන්නේ හිතක් පපුවක් නැති, දරදඬු නීතිය පමණක් විමසන පුද්ගලයකු ලෙසයි.

කත්‍රිනා, රන්බීර් පෙමට කණකොකා හඬලලා  

2017-09-28 17:02:16

කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් "කත්‍රිනා මේරි ජාන්" (කත්‍රිනා මගේ පණ) චිත්‍රපටයට රංගනයට දායකවීමට සූදානමින් සිටියා.

මාන්යාටාගේ බිකිනිය නිසා සන්ජය දත් හිත් අමනාපෙන්  

2017-09-27 16:08:41

සන්ජය දත් මේ දිනවල කනගාටුවෙන් පසුවන බව ආරංචියි.

අශෝක, කෞර්වකී ඉතිහාසයෙන් මෙපිටට  

2017-09-25 17:33:04

අශෝක අධිරාජ්‍යයාගේ චරිතය ලාංකික අපට සුවිශේෂීයි. බුදු දහම අප රටේ ව්‍යාප්ත වීමට ලැබුණු සුවිශේෂී දායකත්වය එයට එක් හේතුවක්. අශෝක අධිරාජ්‍යයාගේ චරිතය පාදක කර ගනිමින් මේ දිනවල විකාශය වන ටෙලි කතා මාලාව නිසා යළි ඒ මතකයට ජීවය ලැබිලා තියෙනවා.

කාලවර්ණ පින්කඳ ගීයකින් වැනූ ජනනාත්  

2017-09-24 10:33:25

මෑත කාලීන ගී පද රචනාවලට ප්‍රස්තුත වූයේ කාරණා කිහිපයක් යැයි බැලූ බැල්මට පෙනී යනු ඇත. ආදරය, විරහව ඉන් මුල් තැනක් ගනී. එහෙත් මෑත කාලීනව බිහිවූ ගීත සමුදායට නව අරුතක් එක්කරලන්නට හැකි ගීතයක් පසුගියදා එළි දැක්විණි. ඒ ගම්පහ රතු පස්වල හර්ෂ ධර්මවිජය වෙද මහතාගේ නිවසේදීය.

පුරුෂ වැසිකිළි පාවිච්චි කරන මෙන් කාන්තාවන්ට උසාවි නියෝගයක්  

2017-09-21 15:16:58

නෙදර්ලන්තයේ 'ඇම්ස්ටර්ඩෑම්' අගනුවර පුරුෂයන්ට පමණක් මුත්‍රා කළ හැකි ස්ථාන (public urinals for men) තිස් පහක් ඇති අතරවාරයේ කාන්තාවන් සඳහා නිමවා ඇත්තේ වැසිකිළි තුනක්(03) පමණක් බව හෙළිදරව් වුණේ තරුණියක් එළිමහනේ මුත්‍රා කිරීමට එරෙහිව පවරා තිබුණ නඩුවක් විභාගයට ගනිමින් පවතින අතරයි.

නඩුව විභාග කළ එම ඕලන්ද උසාවිය එළිමහනේ මුත්‍රා කිරීමේ චෝදනා ලද ගීටෙ පීනින් (Geerte Piening) නම් එම විසිතුන් හැවිරිදි තරුණිය එකී චෝදනාවට වැරදිකාරිය යයි තීන්දු කරමින් ඊට දඬුවම් වශයෙන් යුරෝ අනූවක (€90) දඩයක් ගෙවන ලෙස ඇයට නියම කොට ඇත.

ක්‍රීඩාවෙන් සමුගත් බෝල්ට් කෑම බිස්නස් එකට බහී  

2017-09-20 16:36:00

බර්ගර්ස්, චිකන් නගට්ස් වැනි ආහාරවලට මහත් රුචියක් දක්වන උසේන් බෝල්ට් "ට්‍රැක්ස් ඇන්ඩ් රෙකෝඩ්ස්" නමින් අවන්හල් 15ක් එංගලන්තය පුරා විවෘත කිරීමට සූදානම් වෙනවා.

"මල් හතයි" එක බඹරයි   

2017-09-19 16:20:07

ආලෝක සෙල්ලක්කාර තරුණයෙක්. උපාධියක් හැදෑරීම සඳහා ඔහුගේ මවුපියන් ඔහුව විදේශ රටකට පිටත් කර හරිනවා. ඔවුන් එය කරන්නේ තමා සන්තක සියලු දේම උකස් කරමින්. නමුත් උපාධිය බාගෙට නිම කරන ආලෝක නැවත ලංකාවට පැමිණෙන්නේ මවුපියන්ටද නොදන්වමින්.

කේට් තුන්වැනි වරටත් මවක් වෙන්න සූදානම් රජ මෙහෙසියක් වෙන ලකුණත් පහළ වෙයි  

2017-09-18 15:24:50

විලියම් කුමරුගෙ දයාබර බිරිය වන කේට් කුමරිය අවුරුදු 5ක් තුළ තුන්වැනි වරටත් රාජකීය බිලිඳකු බිහි කරන්න සූදානම් වන බවට කට කතා පැතිර ගියා. ඉන්පස්සේ චාල්ස්ට කලින් විලියම් කුමරුට ඔටුන්න දීමට රැජන සැලසුම් කොට ඇති නිසා කේට් කුමරියට ඉතා ඉක්මනින්ම රාජ මෙහෙසිය වීමේ අවස්ථාව හිමිවන බවටත් කටකතා පැතිර ගියා. දැන් ඒ පුවත් දෙකම එකට පැතිර යන්න පටන් අරගෙන.

අයිශ් අභිෂේක් සිනමාවේදී නැවත එක්වෙයිද?  

2017-09-15 16:30:23

ලෝක රූ රැජන කිරුළ දිනාගත් අයිශ්වර්යා රූපයෙන් විතරක් නෙවෙයි රංගනයෙනුත් රසිකයන් වසඟ කරන්නට සමත් වුණු තරුවක්. මේ නිසාම අයිශ්වර්යා-අභිෂේක් යුවළගේ විවාහයත් බොලිවුඩයම කැලඹූ පුවතක් වුණා. මේ පුංචි කැදැල්ලට එකතු වුණු ආරාධ්‍යා සිඟිත්තිය නිසා අයිශ්වර්යා සිනමාවේ දකින්න ලැබුණෙත් අඩුවෙන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon