නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරනවා - ඇමැති සාගල කියයි  

2018-01-05 18:01:17

පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය සහ බරපතල අපරාධ මර්ධන කොට්ඨාශය මගින් පසුගිය වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති රුපියල් 37 කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, මත්පැන්, ගංජා සහ නීති විරෝධි දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය මහජනතාව ඉදිරියේ විනාශ කිරීම සඳහා නීති ප්‍රතිපාදන සකසා ගෙන යන බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහාය - ජපාන විදේශ ඇමැති  

2018-01-05 17:13:46

සංවර්ධනය සහ සංහිඳියාව කරා ගමන් කරන ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහය ලබාදීමට සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී  

2018-01-05 16:22:58

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක මහතා ඊයේ(04) දින වැඩ භාර ගන්නා ලදී.

සරසවි පිවිසුම් අයදුම්පත ඇතුළත් අත්පොත නිකුත් කෙරේ  

2018-01-05 14:16:04

2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (5) නිකුත් කර ඇත.

මුස්ලිම් කාන්තාවක ගෙල කපා මැරුවැයි මස් මරන්නා 10දා තෙක් රිමාන්ඩ්  

2018-01-05 12:15:58

මුස්ලිම් ජාතික කාන්තාවක් නිවෙස තුළදී තියුණු මුවහත ඇති පිහියකින් ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මස් මරන්නකු 10දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැකිරාව දිසා මහෙස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.

කොළඹ, රාජගිරිය ගුවන්පාලම ලබන 08දා ජනපති අතින් ජනතා අයිතියට  

2018-01-05 10:32:28

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.

කැලණිය - වත්තල පිටවීමේ මාර්ග 10දා සිට තාවකාලිකව වැසේ  

2018-01-04 12:46:29

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ යෝජිත නව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් එම මාර්ගයේ කැලණිය සහ වත්තල දෙසට පිටවීමේ මාර්ග මේ මස 10 වැනි බදාදා සිට තාවකාලිකව වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

මිත්තණියත් සමඟ රෝහලේ සිටි කුඩා දරුවකුගේ පංචායුධය සොරාගෙන  

2018-01-04 11:21:10

සිය මිත්තණියත් සමඟ කළුබෝවිල රෝහලේ බාහිර රෝගී අංශයේ රැඳී සිටි කුඩා දරුවකුගේ කර බැඳි රන් පංචායුධයක් සහිත මාලයක් සොරාගත් බව කියන එම රෝහලේ ආරක්ෂක නිලධාරිනියක් හා එම පංචායුධය උකස් කළ බව කියන එකී සැකකාරියගේ සැමියා යන අඹුසැමි යුවළ කොහුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය - 2018 ළමා ආරක්ෂාවේ වසර කර ගනිමු!  

2018-01-04 09:36:40

2018 වර්ෂය ළමා ආරක්ෂාවේ වසර කරගත යුතු බව තම අපේක්ෂාව බවත් ගමින් ගමට ගොස් පාසලෙන් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

පොහොර ප්‍රශ්නය අද රාත්‍රියේ විසඳෙනවා - අමාත්‍ය දයාසිරි ජයසේකර  

2018-01-03 16:54:50

රටේ ඇතිව තිබෙන පොහොර හිඟය අද රාත්‍රි වනවිට විසදෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

නාවික හමුදාව අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි  

2018-01-03 16:04:29

කොළඹ වරායට අයත් 'Allfones' යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයෙකු වෙනත් නෞකාවක් වෙත මාරු වීමට යාමේදී අනතුරකට ලක්ව තුවාල ලබා ඇති අතර, එම නාවිකයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට‍ රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ(02) කටයුතු කරන ලදී.

වසර 5කට කලින් පේරාදෙණියෙන් කලා උපාධිය ලබාගත් ගංගාට තවමත් රැකියාවක් නෑ  

2018-01-03 14:37:19

උපාධියක් තිබුණද රැකියාවක් නොමැති ගංගා නිශ්ශංක මෙනෙවිය අද වනවිට කුලීවැඩ කරමින් අසනීප තත්ත්වයෙන් පසුවන සිය සහෝදරියට උපස්ථාන කරමින් කාලය ගත කරයි. උපාධිධාරිනියක වුවද අද වන විට සිය උපාධි සහතිකය බලා හීල්ලීමට පමණක් සිදුව ඇතැයි කලා උපාධිධාරිනියක වන ඇය පවසන්නීය.

වෛද්‍ය පීඨවලට වැඩිපුර සිසුන් 150ක්  

2018-01-03 12:44:41

වෛද්‍ය පීඨ සඳහා වැඩිපුර සිසුන් 150 දෙනකු බඳවා ගැනීමට 2018 වසරේ කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

‘ලන්ච් ෂීට්’ දඩය ආවොත් ආපනශාලා වසා දමනවා ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි  

2018-01-03 11:06:00

ලන්ච් ෂීට් තහනම ගැන විධිමත් පරීක්ෂණයක් නොකර වෙළෙඳුන්ට රුපියල් 10,000ක දඩය පැනවීමට පැමිණියහොත් රට පුරා සියලු ආපනශාලා වසා දැමීම ආරම්භ කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනපති ඉටුකරන මෙහෙවර අගයමින් ජාත්‍යන්තර සම්මානයක්  

2018-01-02 16:46:58

ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් පසුගියදා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon