නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

කොළඹ,ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළට  

2018-04-23 10:43:54

අප්‍රේල් මස 24 වන දින දක්වා (හෙට) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මී. 2.5-3.0 ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙවන පාසල් වාරය අදින් ආරම්භ වෙයි  

2018-04-23 10:14:47

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් (23) ආරම්භ වේ.

ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යයි  

2018-04-23 09:26:50

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී.

කඩුගන්නාව සංවර්ධනයට නව සැලැස්මක්  

2018-04-21 10:20:39

කඩුගන්නාව නගරය හා ඒ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් නගර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය මගින් කටයුතු යොදා තිබේ.

වෙසක් සැමරුම නිමිත්තෙන් නව මුද්දරයක්  

2018-04-21 10:17:42

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් 29දා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

නව පාසල් වාරයට පෙර සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන්  

2018-04-20 11:23:22

නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට සියලු පාසල් දැනුවත් කර තිබේ.

ජී.එස්.පී.සහනය ලැබීමෙන් පසු මෙරට මත්ස්‍ය අපනයනය සඳහා 15% පමණ බදු සහනයක්  

2018-04-20 09:59:55

අප්‍රේල් මස 22 දිනට පසුව මෙරටට GSP සහනය ලබා දීමට ඇමරිකා එක්තසත් ජනපදය තීරණය කිරීමත් සමඟ ඉන් වැඩිම ප්‍රගතියක් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට අත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අප්‍රේල් මස 24 දා  

2018-04-20 09:57:57

ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අප්‍රේල් මස 24 වැනි දින දවස පුරා ගාල්ල සමනළ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත‍.

ත්‍රීවීල්වලට මීටර්-බිල් නීතිය අද සිට ක්‍රියාත්මකයි  

2018-04-20 09:55:32

උපතිස්ස පෙරේරා, නුවන් හෙට්ටිආරච්චි

බිල්පතක් නිකුත් කළ හැකි මීටරයක් සවි කළ යුතු බවට ත්‍රිරෝද රථ සඳහා පැනවූ නීතිය අද (20දා) සිට ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසයි.

ඇමෝනියා ටැංකියකට වැටී මියගිය සංඛ්‍යාව ඉහළට  

2018-04-19 18:21:03

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි  

2018-04-19 16:27:07

2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුයි; ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි.

ඉරාන - ශ්‍රී ලංකා කතනායකවරු හමුවෙති- උණුසුම් පිළිගැනීමක්  

2018-04-19 14:39:06

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා ( Ali Larijani)  අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.

ජනපති ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමිපාණන් බැහැ දකී  

2018-04-19 12:46:32

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (18) පස්වරුවේ ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමිපාණන් වහසේ බැහැ දැකීය.

ශ්‍රී ලාංකික සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට පත්වෙයි  

2018-04-19 10:56:21

ශ්‍රී ලාංකික සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක්  ස්විස්ටර්ලන්තයේදී අනතුරට ලක්විමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

උත්සවය සමය තුළ රට පුරා සුරාබදු වැටලීම් 3555ක්  

2018-04-19 09:33:19

උත්සවය සමය තුළ සිදු විය හැකි සුරාබදු අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ සාර්ථක වැටලීම් 3555ක් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව ඇත. අප්‍රේල් මස 09 වැනි දා සිට 15 වැනි දා දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon