නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 90 ඉක්මවයි  

2018-08-06 13:26:16

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ සිදුවූ ඒකක 7 ක ප්‍රබලැති භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ සිදුවූ භූ කම්පනයේ පසුකම්පන 130 ක් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පෘතුගාලය සහ ස්පාඤ්ඤය යුරෝපයේ උෂ්ණත්ව වාර්තා බිඳ දැමීමට ආසන්නයි  

2018-08-05 13:04:45

යුරෝපය තවත් උණුසුම් වායු ප්‍රවාහයකින් පීඩා විඳින අතරේදී, උණුසුම් තත්ත්වය පිළිබඳ මෙතෙක් පැවති වාර්තා ඉදිරි දිනවලදී බිඳ වැටෙනු ඇති බව කාලගුණ අනාවැකි පවසන්නෝ පෙන්වා දෙති.

ඕස්ට්‍රේලියාවෙන් ඩෙංගු උණ පැතිරීම වළකන මදුරුවන් විශේෂයක්  

2018-08-02 13:05:56

පළමු වතාවට සමස්ත නගරයක්ම ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා කරගත් බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

ගුවන් යානයක් කඩා වැටෙයි-85කට තුවාලයි-දෙදෙනෙකුට බරපතළයි  

2018-08-01 11:17:04

මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී තිබේ.

මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය අදයි  

2018-07-30 12:43:26

සිම්බාබ්වේ මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය අද පැවැත්වෙවි.

සිරියාවේ ප්‍රහාරවලින් 200කට අධික ප්‍රමාණයක් මියයති  

2018-07-27 06:45:46

නිරිත දිග සිරියාවේ සිදුවූ ප්‍රහාර ගණනාවකින් 215 දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට නිලධාරීන් සහ නිරීක්ෂකයන් කණ්ඩායමක් පවසති.

අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ  

2018-07-26 10:14:19

අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති ස්ථානයක් පිළිබඳ සාක්ෂි හමුවී ඇති බව පර්යේෂකයෝ පවසති.

පාකිස්තාන මැතිවරණය මැද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසක්  

2018-07-25 15:50:47

තවත් ස්ථාන කීපයකින් වාර්තා වූ සුළු පිපිරීම් සහ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් එක් අයෙකු මියගොස් කීප දෙනෙකු තුවාල ලබා තිබේ.

ලාඕසය: ජල විදුලි බලාගාරයක වේල්ලක් කඩා වැටී විශාල පිරිසකට හානි  

2018-07-25 10:10:25

ලාඕසයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පැවති වේල්ලක් කඩා වැටීමෙන් පිරිසක් මරුමුවට පත්ව ඇති අතර, සිය ගණනක් අතුරුදහන්ව සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීසියේ ලැව් ගිනි: 50 දෙනෙක් පමණ මියගිය බවට වාර්තා  

2018-07-24 15:26:09

දශකයකට වඩා වැඩි කාලයක් තුළ ග්‍රීසියේ හටගන්නා ලද දරුණුතම ඛේදවාචකය සටහන් කරමින් ඇතන්ස් නගරයට ආසන්න ඈටිකා (Attica)ප්‍රදේශයේ හටගත් ලැව් ගිනිවලින් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තාවේ.

ට්‍රම්ප් අනතුරු අඟවයි  

2018-07-23 17:01:17

ඉරාන ජනාධිපති හසන් රොව්හානි ඇමෙරිකාවට කළ අනතුරු ඇඟවීමක් මුල්කොට ගනිමින්, ඊට පිළිතුරු දෙමින් පෙරළා අනතුරු ඇඟවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

කැනඩාවේ ටොරොන්ටෝ වෙඩි තැබීම: කාන්තාවක් මරුට, දැරියකට අසාධ්‍යයි  

2018-07-23 16:11:35

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජනාකීර්ණ වීදියක සිදුවූ වෙඩි තැබීමකින් තරුණ කාන්තාවක් මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

ඉන්දියාවේ 11 හැවිදිරි දැරියක් සමූහ දූෂණයට ලක් කළ 17 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරේ  

2018-07-20 13:42:17

ඉන්දියාවේ චෙන්නායි නුවර වයස අවුරුදු 11ක ශ්‍රව්‍යාබාධිත දැරියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දාහත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ගුවන් යානා පදවන්න සැරැසෙයි  

2018-07-19 16:08:01

ගුවන් නියමුවන් වීමේ බලාපොරොත්තුවෙන්, සෞදි කාන්තාවන් ද, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් ගුවන් නියමු පුහුණු ඇකඩමියට ඇයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ජපාන චිත්‍ර ශිල්පියෙකු සැමරීමට කාටුන් මැවූ කුඹුරක්  

2018-07-19 08:02:14

සෑම වසරකදීම ජපානයේ ඉනකඩතෙ ග්‍රාමයේ කුඹුරු දර්ශනීය රූප මවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon