නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට - ව්‍යවස්ථාවට අනුකූලව ගේන පනතක්  

2018-03-23 13:13:07

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

කොළඹ මහනගර සභාවේ ප්‍රථම පුරපතිනිය වැඩ අරඹයි  

2018-03-22 11:37:41

කොළඹ මහනගර සභාවේ  පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235ක්  

2018-03-22 10:40:52

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්  

2018-03-20 14:23:17

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා එළඹෙන 22 වන දා දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජවිපෙ සංවිධානය කරන 'වෙනසක ඇරැඹුම' ජාතික සමඟි කතිකාවත හෙට  

2018-03-20 13:39:31

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ 'වෙනසක ඇරැඹුම' ජාතික සමඟි කතිකාවත හෙට (21දා) ප.ව. 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

පානදුර නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති  

2018-03-20 10:19:29

2018 පළාත් පාලන මැතිවරණයේ දී පානදුර නගර සභාවට හා පානදුර ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ නියෝජිතයන් ශ්‍රි.ල.නි.ප කළුතර දිස්ත්‍රික් නායක, පානදුර ප්‍ර‍ධාන සංවිධායක හා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරියේදී එම අමාත්‍යංශයේදී දිවුරුම් දීම ඊයේ (19) දින සිදුකෙරිණ.

කළුතර "සිව්දෙවිගම" උදාගම්මානය ජනතා අයිතියට  

2018-03-19 11:10:38

කළුතර දිස්ත්‍රික්කයේ මහරැක්ම ඉදිවූ "සිව්දෙවිගම" 49වැනි උදා ගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ජනතා අයිතියට පැවරිණි.

නාමල් රාජපක්‍ෂ රුසියාවේ සංචාරයක  

2018-03-15 14:26:33

මාර්තු 18 වැනිදා පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්‍ෂකයකු වශයෙන් සහභාගිවීමට ඒකාබද්ධ විපක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ අද (15දා) රුසියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ඉඩම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්  

2018-03-12 15:14:21

ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්න මහතා අද (12) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

හිටපු ඇමැති මහින්දානන්දට එරෙහි නඩුව 22දාට කල් යයි  

2018-03-09 17:39:41

ඉකුත් රජය සමයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී නීතිවිරෝධී ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 27ක මුදලක් යොදවා කොළඹ කින්සි පාරේ නිවෙසක් මිලදී ගත්තේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මේ මස 22 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සපයන්න - සිදුවීම සොයන්න ජනාධිපති කොමිෂමක් පත් කරන්න  

2018-03-09 12:49:23

මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිටුපස සිටින අන්තවාදී කණ්ඩායම් කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන්නැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රෝහිතගේ නඩුව 15දා  

2018-03-09 11:20:30

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 400කට අධික වත්කම් හා මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ඇමැතිවරයකු මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය...

රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීමයි- මුදල් රාජ්‍ය අමාත්‍ය  

2018-03-08 14:15:52

ඉන්දියාවේ හා තායිලන්තය ලංකාවට වඩා ශුද්ධ මධ්‍යසාරය භාවිතා වෙනවා. රටේ අධිසැර මධ්‍යසාරය භාවිතය වැඩියි. නීත්‍යාණුකූල නොවන ,සෞඛ්‍ය හානිකර මධ්‍යසර භාවිතය ඉහළයි. පුද්ගල සෞඛ්‍යයට හානී වෙනවා.

රට අස්ථාවර බවට පත් කර අපකීර්තියට පත් කිරීමේ දුෂ්ඨ අරමුණක්- අමාත්‍ය රාවුෆ් හකීම්  

2018-03-06 14:09:00

රට අස්ථාවර බවට පත් කරමින් අගාධයට ඇඳ දැමීමටත් අපකීර්තියට පත් කිරීමටත් ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීම දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිදුවීම්වල දුෂ්ඨ අරමුණ බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23 (2) යටතේ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ ඒකාබද්ධය සමඟ අද විශේෂ සාකච්ඡාවක්  

2018-03-06 08:53:04

රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සහ ඊට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමක් අද (06දා) දින පෙ.ව. 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon