නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක් දෙන්න යයි   

2017-11-14 13:15:55

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.

සෝභිත හිමිගේ නාමයට මුවාවෙලා විජේසූරිය ප්‍රමුඛ නඩය රට අරාජික කරනවා  

2017-11-14 11:27:57

සරත් විජේසූරිය ඇතුළු එන්.ජී.ඕ. නඩයක් මාදුළුවාවේ සෝභිත හිමිගේ නම ඉදිරියට දමා පටු අරමුණු වෙනුවෙන් රට අරාජික කිරිමට කටයුතු කරමින් සිටින බව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.

පෙට්ට්‍රල් අර්බුදය - අනුකමිටු වාර්තාව අද ජනපතිට  

2017-11-14 09:45:57

පසුගිය දිනවල ඇති වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ අනුකමිටු විමර්ශන වාර්තාව අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙන බව කමිටු සාමාජික, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඉල් මහ විරු සමරුව අද  

2017-11-13 12:19:40

ජනතා විමුක්ති පෙරමුණේ 28 වැනි ඉල්මහ විරු සමරුව අද (13දා) ප.ව. 3.30ට කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

මාලිගාවත්ත "ලක්සෙත සෙවණ" ජනතා අයිතියට  

2017-11-13 11:16:16

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණු පෙරදැරිව මාලිගාවත්ත හි ඉදිකරන ලද "ලක්සෙත සෙවණ" මහල් නිවාස සංකීර්ණය අද (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

දුම්රිය තුළ අනවසර වෙළඳාම් තහනම්  

2017-11-11 13:21:08

දුම්රිය තුළ වෙළෙඳාම් කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පවසයි.

උතුර, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට තරමක තද සුළං  

2017-11-11 11:13:06

දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා අද(11) දිනයේ දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පොපි මල් දිනය සහ ජාතික රණවිරු සැමරුම් උළෙල අද  

2017-11-11 10:01:09

ජාත්‍යන්තර පොපි මල් සැමරුම් දිනය අදට යෙදී ඇත.

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායට  

2017-11-10 15:33:49

චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් විශාල පිරිසක් ද සිය රටේ නෞකාව ඇතුළු නාවික පිරිස හරසරින් පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයට පැමිණ සිටියහ.

හිටපු පොලිස් අධිකාරි උඩුගම්පොළට එරෙහිව නීතිපති ගොනු කළ නඩුව ජන:26දා විභාගයට  

2017-11-10 13:12:39

කේ. එස්. උදයකුමාර්

2002 වසරේ අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ දිගු දුර විහිදුම් බළකායේ ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මහනුවර හිටපු පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් ජනවාරි මස 26දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (9දා) නියෝග කළේය.

නීල හරිත අයවැය  

2017-11-10 09:44:57

මහපොළ ශිෂ්‍යත්වලාභීන් 3000කින් ඉහළට

යාපනය සරසවියේ වසා ඇති පීඨ යළි 13 වැනිදා විවෘත වෙයි  

2017-11-09 13:58:01

යාපනය විශ්වවිද්‍යාලයේ වසා දමා අති පීඨ තුන ලබන 13 වැනිදා යළි විවෘත කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති ආර්. විග්නේස්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසකට අය වැයෙන් ආනයන බදු සහන  

2017-11-09 12:05:41

රටේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කර, රට ස්වයංපෝෂිත කිරීම සඳහා කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා ආනයන බදු සහන සැලසීමට මුදල් ඇමැති මංගල සමරවීර අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ඔහුගේ මංගල අය-වැයෙන් යෝජනා කිරීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

නෙවෙස්කා ලේඩි ඇවිත්  

2017-11-09 09:46:08

ශ්‍රී ලංකාවට ඉන්ධන රැගත් "නෙවෙස්කා ලේඩි" නෞකාව ඊයේ රාත්‍රි ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළඟාවී තිබේ.

දුම්රිය වර්ජනය නවතී  

2017-11-08 16:20:42

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වැඩවර්ජනය නතර කිරීමට තීරණය කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon