නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

පොල්පිතිගමටත් උදාගම්මානයක්  

2018-08-06 11:26:18

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 103වන උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම "සාලියමාලාපුර"  අද (06) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අදයි  

2018-08-06 10:08:08

ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අගෝස්තු මස 6 වැනිදා (අදා පස්වරු 3.00ට බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

අලුත් කෘෂිකර්ම ඇමැතිගෙන් දිනයක් ලැබෙනතුරු කැලෑවට යටවෙන බුල්නෑව ගොවිජන සේවා මධ්‍යස්ථානය රුපියල් 7,25,817ක් වැය කරලා  

2018-08-06 09:44:46

අලුත් කෘෂිකර්ම ඇමැතිගෙන් දිනයක් ලැබෙනතුරු කැලෑවට යටවෙන බුල්නෑව ගොවිජන සේවා මධ්‍යස්ථානය රුපියල් 7,25,817ක් වැය කරලා

සනීපාරක්ෂාව පෙරට යටතේ අයගම මැදි විදුහලට රු. ලක්‍ෂ 19කින් තැනූ වැසිකිළි පද්ධතිය ප්‍රමිතියට නෑ  

2018-08-06 09:02:39

සනීපාරක්ෂාව පෙරට යටතේ අයගම මැදි විදුහලට රු. ලක්‍ෂ 19කින් තැනූ වැසිකිළි පද්ධතිය ප්‍රමිතියට නෑ

කන්දකැටිය ගම්රැසකට අලි ඇවිත්  

2018-08-06 08:12:51

කන්දකැටිය ගම්රැසකට අලි ඇවිත්

A/L අද පැය භාගයක් කලින් එන්න  

2018-08-06 07:32:29

දයා පෙරේරා

විභාගය ආරම්භ වන්නට පැය භාගයකටවත් කලින් විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන්නැයි අද (6දා) පෙ.ව. 8.30ට අරැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පවසයි.

 

හබරණ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල ජනපති අතින් සිසු අයිතියට  

2018-08-05 12:17:00

''ළගම පාසල - හොදම පාසල'' වැඩසටහන යටතේ හබරණ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සහ ගුරු නිල නිවස විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ තවත් වැැව් ප්‍රතිසංස්කරණයක් හෙට අනිද්දා  

2018-08-03 13:16:25

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර මෙම වැඩපිළිවෙළ යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිතය.

වෛද්‍ය වර්ජනය නිසා රෝගීන් අපහසුතාවයට  

2018-08-03 11:43:08

දිවයින් පුරා රෝහල් වෛද්‍යවරුන් ආරම්භ කොට තිබෙන වැඩ වර්ජනයට සමගාමීව කොළඹ රෝහල වෛද්‍යවරුන්ද අද (03) උදැසන සිට වැඩ වර්ජනයට එක්ව සිටියහ.

‘‘නිල සෙවණ’’ කාර්යාල 12 ක් අද විවෘත වෙයි  

2018-08-03 10:56:30

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 12 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අද (03) සිකුරාදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

පොළොන්නරුව නගරයේ ඇවිදින මංතීරුව ජනතා අයිතියට  

2018-08-03 10:52:15

පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව  ජනතා අයිතියට පැවරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

දෙවන පාසල් වාරය අදින් අවසන්  

2018-08-03 09:46:02

ජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අද (03)න් අවසන් වන අතර තෙවන පාසල් වාරය 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2030 ඉලක්ක කර ගනිමින් රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කෙරේ  

2018-08-02 15:12:55

1935 වසරේ ඉදි වු ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ ඉදිරි 2030 වසරේ අවශ්‍යතාවයන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලීනව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාල ඉදිරිපිට උණුසුම්  

2018-08-02 14:25:44

මුලතිව් මුහුදේ තහනම් දැල් ආම්පන්න යොදාගනිමින් සිදුකරන මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස රජයට බලකරමින් දහස් ගණණක ධීවරයින් මුලතිව් ප්‍රදේශයේ දී උද්ඝෝෂණයක නිරත වී ඇති බව 'මවබිම' වාර්තාකරු පවසයි.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව කි‍්‍රකට් ක්‍රීඩාංගණය ජනපති අතින් සිසු අයිතියට  

2018-08-02 12:41:43

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව කි‍්‍රකට් ක්‍රීඩාංගණය අද (02) පෙරවරුවේ ජනාධිපතිි ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon