නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

සෞඛ්‍ය හා අධ්‍යාපන වෘත්තීය සමිති 40කුත් එකතු වෙයි  

2017-09-21 10:33:25

උදයන්ති මුණසිංහ

"සයිටම් විරෝධී ජන පවුර" අද දින (21දා) සංවිධානය කරන දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනය සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හතළිහකට ආසන්න ප්‍රමාණයක් එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කරයි.
සයිටම් අර්බුදයට ජනතාවාදී අවසන් විසඳුමක් බලධාරීන් ලබා නොදීමත්, ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ බල අධිකාරිය වෙනත් දේශපාලනික මුහුණුවරක් ගත් නව ව්‍යුහයක් හරහා අඩපණ කිරීමට දරන උත්සාහයටත් එරෙහිව මෙම දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ලංකාවේ ප්‍රථම නයිට් සෆාරි ව්‍යාපෘතිය අද ඇරැඹේ  

2017-09-21 09:31:22

සපුමල් ජයසේන

සංචාරකයන්ට නිශාචර සතුන් නැරැඹීමට පහසුකම් ලබාදීමේ අරමුණින් සැලසුම් කළ ලංකාවේ ප්‍රථම නයිට් සෆාරි ව්‍යාපෘතිය වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) රාත්‍රි 7ට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ වේ.
නයිට් සෆාරි ව්‍යාපෘතිය යටතේ සතුන් නැරැඹීම පිණිස සංචාරය කළ හැක්කේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රි කාලයෙහි නිශාචර සතුන් රඳවා ඇති කලාපවල පමණි. නයිට් සෆාරිය විවෘතව ඇත්තේ රාත්‍රි 7 සිට රාත්‍රි 10 දක්වා අතර කාලයේදීය.

දුම්රිය වර්ජනය අවලංගුයි  

2017-09-20 14:18:38

දීර්ඝ කාලයක් පුරා පවතින වැටුප් විසමතාවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කොට තිබේ.

සා.පෙ අසමත් වුවත් උසස් පෙළට වරම්  

2017-09-20 13:46:41

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන්ට අරමුණු 4ක් මුල් කර ගනිමින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

විදුලි වර්ජනය අදත් ඉවර නෑ: අනියම්-කොන්ත්‍රාත් සේවකයන්ට ජොබ් එක නැතිවෙයි  

2017-09-20 09:52:58

ලං.වි.ම. වෘත්තීය සමිති තවදුරටත් අඛණ්ඩ වැඩ වර්ජනයේ නියැළෙන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

ලංකාවට ආපු රොහින්යා සරණාගතයින්ට මොකද වුණේ?  

2017-09-19 13:00:21

මියන්මාරයෙන් පලා එන රොහින්යා සරණාගතයින් සම්බන්දයෙන් කටයුතු කිරීමේ දී රජය විසින් දිගුකලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ සහ නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති අතර ඉදිරියේ දී ද කලින් පිළිගත් ක්‍රියාමාර්ග තුළම කටයුතු කරනු ඇතැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා සඳහන් කරයි.

අර්ජුන් මහේන්ද්‍රන් අද බැදුම්කර කොමිසම හමුවට  

2017-09-19 10:23:19

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද(19) පෙරවරුවේ බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නාමල්ගේ නඩුව දිගටම ගෙන යන්න අවසර  

2017-09-19 10:02:22

නීති විරෝධී ලෙස උපයාගත් මුදල් යොදා ගනිමින් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක රුපියල් මිලියන 30ක් වටිනා කොටස් මිලදී ගත්තේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 03 දෙනකු නොමැතිව එම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට කොළඹ මහාධිකරණය ඊයේ (18දා) නීතිපතිවරයාට අවසර ලබා දුන්නේය.

වැලිකඩ රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරීණියට ස්ථාන මාරුවක්  

2017-09-18 17:30:37

වැලිකඩ බන්ධනාගාර රෝහල් වැඩබලන වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය සඳහා ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ.

දෙවන ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹේ  

2017-09-18 12:42:51

අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අද සිට කාර්යාල වේලාවේ වෙනසක්  

2017-09-18 11:03:27

කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම නියමු ව්‍යාපෘතිය අද (18) සිට ක්‍රියාත්මක කෙරේ.

අසාර්ථක නම් ආපසු එන්න කියන්නෙ ඇයි?  

2017-09-18 10:17:04

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ වර්ජනය අසාර්ථක බව අමාත්‍යවරයා පවසන්නේ නම් සේවයට වාර්තා කරන ලෙස දන්වන්නේ ඇයිද යන්නයි.

විදුලිය සැපයුමට බාධාවක් නෑ: වර්ජනය අසාර්ථකයි  

2017-09-18 09:56:16

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් ගෙනයන වර්ජනය අසාර්ථක බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

දඩ මුදල් ගෙවන්න සංඝරත්නය පිඬුසිඟා වැඩීම සුදුසු නෑ  

2017-09-18 09:42:05

දේශපාලන පක්ෂ වෙනුවෙන් මහා සංඝරත්නය පෙනී සිටීම කනගාටුදායක යැයි විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීය.

රණවිරුවන් වෙනුවෙන් අල්-හුසේන්ට සන්දේශයක්  

2017-09-16 15:21:11

යුද නායකයන් ඇතුළු රණවිරුවන්ට අභූත චෝදනා නොකරන ලෙස දන්වා ලබන 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් වෙත සන්දේශයක් භාරදීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය කටයුතු යොදා තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon