නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

වීරකුමාර දිසානයක මූල්‍ය අපරාධ විමර්ශන කොමිසමට  👤1706

2017-01-16 11:27:37

ජනාධිපති ලේකම්ගේ වාහන අවභාවිතය පිළිබද ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සුලු මොහොතකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ථාශයට වෙත පැමිනෙන ලදි.

රජයේ ප්‍රතිපත්ති ගැන කොමිෂන් සභා දැනුම්වත් කරන්න ජනපති සැරැසෙයි  👤1888

2017-01-16 10:30:50

රජයේ ප්‍රතිපත්ති පිළිබඳ රජය විසින් පත් කරන ලද කොමිෂන් සභා දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබේ

රතන හිමි විදුර වික්‍රමනායක වෙනස් තීන්දුවකට සැරැසෙති  👤2294

2017-01-16 10:11:22

ආණ්ඩු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙක් ඉදිරි සති කිහිපයේදී දේශපාලන තීන්දු ගැනීමට යති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක, ලබන 23දාට හොරණ ආසන බල මණ්ඩලය කැඳවා ඇති අතර, එහිදී තමා විසින් ගනු ලබන දේශපාලන තීන්දුව පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කර ඔවුන්ගේ අදහස් විමසීමට අපේක්ෂා කරන බව පැවසේ.

මෛත්‍රි ඉරාන ගමන අවලංගු කරයි  👤2171

2017-01-16 09:59:45

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ 23 වැනිදාට නියමිතව තිබූ ඉරාන රාජ්‍යයේ නිල සංචාරය හදිසියේ අවලංගු කර තිබේ.

සියලු පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවයි  👤1818

2017-01-16 09:10:28

සියලුම දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ට අද (16දා) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා ඇත.පක්‍ෂ ලේකම්වරු හමුවන මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන හා පළාත් සභා ඡන්ද විමසීම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිතුමනි සුදුස්සෙකු අගමැති ධුරයට පත්කර අලුත් ආණ්ඩුවක් හදන්න  👤2407

2017-01-11 11:10:17

භික්ෂුන් වහන්සේට කුරිරු ලෙස පහරදුන්, ලේ සෙලවූ ආණ්ඩුවකට වැඩිකල් බලයේ සිටීමට අවස්ථාවක් නොමැති බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවන්ට එරෙහිව පත්තනික්ඛුජ්ජන කර්මය පැනවීමට මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරන බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

පෞද්ගලික මන්ත්‍රි පනත් සම්මත කරගැනීමට නොහැකවන තත්ත්වයක්  👤1846

2017-01-10 10:30:21

මන්ත්‍රිවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සංස්ථාගත කිරීමේ පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

ඡන්ද හිමි ලියාපදිංචි පනත කඩිනමින් සංශෝධනය කරනවා  👤1832

2017-01-10 10:00:33

මැතිවරණයක් ප්‍රසිද්ධ කරන අවස්ථාවකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරගත හැකි වන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්නැයි ඉල්ලමින් තරුණයන් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් අස්සන් කෙරූ පෙත්සමක් අනුව පනත සංශෝධනය කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ආණ්ඩුවේ ඇමැතිවරු 3ක් ඒකාබද්ධයට එනවාලු  👤2155

2017-01-09 10:25:02

ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම යහපාලන ආණ්ඩුවේ සිටින තවත් ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්‍ෂයේ මුල්පෙළ මන්ත්‍රිවරයෙක් "මව්බිම" ට පැවැසීය.

විදේශ ඇමැති හෙට බ්‍රිතාන්‍යයට  👤1237

2017-01-08 14:43:48

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

උදයංගගේ බැංකු ගිණුම් 16ක් අත්හිටුවන්න අධිකරණ නියෝගයක්  👤1599

2017-01-04 16:02:14

යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහතා අද (4) නියෝග කර සිටියා.

උතුරු පළාතේ වැඩ බලන්න නව මහ ඇමතිවරයෙක්   👤1428

2017-01-03 16:00:00

උතුරු පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පොන්නතුරෙයි අයින්ගරනේෂන් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

පුංචි ඡන්දයට යන ශ්‍රී ලනිප අපේක්ෂකයන්ට විනය මාලාවක්  👤1253

2016-12-31 10:34:39

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට විනය මාලාවක් හඳුන්වාදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

ඩොලර් මිලියන 75ක ණයක් ගන්න ලෝක බැංකුව සමඟ ගිවිසුමක්  👤1721

2016-12-30 09:02:52

මෙරට සමාජ ආරක්‍ෂණ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 75ක මුදලක් සියයට 2.75ක වාර්ෂික පොලියට ශ්‍රී ලංකා රජය ණයක් ලෙස ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.

රත්නසිරි වික්‍රමනායක මහතා දැයෙන් සමුගනී  👤1197

2016-12-27 17:00:01

ශ්‍රී ලංකාවේ 11 වැනි අග්‍රාමාත්‍යවරයා වූ රත්නසිරි වික්‍රමනායක මහතා, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(27) දහවල් අභාවප්‍රාප්ත විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්