නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

කටුනායක ගුවන්තොටුපොළේ නවීකරණයට වසා තිබූ විදේශ සේවා ලියාපදිංචි කවුළුවත් අද අරී  👤1940

2017-04-06 12:02:36

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ නවීකරණ කටයුතු අවසන් කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචි කිරීමේ කවුළුවේ කටයුතු අද (06දා) සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු යළිත් අද සිට  👤2060

2017-04-06 11:06:05

අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය අද (06දා) දහවල් 12.30ට ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් විවෘත වෙයි.

අධික රස්නයෙන් වයසක අයයි, දරුවනුයි බේරගන්න  👤2467

2017-04-06 10:14:28

දිවයිනට බලපා ඇති අධික උණුසුමින් ළදරුවන් සහ වයෝවෘද්ධයන් විශේෂයෙන් රැක ගත යුතු බව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
උණුසුම් කාලගුණය හේතුවෙන් විසබීජ සංසරණය ඉහළ යෑම නිසා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරස් උණ තත්ත්වයක් පවතින බවත් එම රෝගය වැලඳෙන වසර 80ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන් උණ සන්නිපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ඉහළ බැවින් මරණය පවා සිදුවිය හැකි බවද ජාසිංහ මහතා 'මව්බිම'ට පැවැසීය.

දවුල්දෙණ මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද  👤2188

2017-04-06 09:10:46

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (06දා) නිදහස් චතුරස්‍රයේදී පැවැත් වෙයි.

නියඟයෙන් විපතට පත් ගොවීන්ට සිංහල අවුරුද්දට පෙර රු.10,000ක්  👤1644

2017-04-05 14:07:54

මෙවර මහ කන්නයේ නියගය නිසා විපතට පත් ගොවිපවුල් සඳහා, එක් පවුලකට රු.10,000ක් බැගින් ‍විශේෂ මුල්‍ය සහනාධාරයක් 2017 අප්‍රේල් මාසය සඳහා ගෙවීමටත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම මුදල ලබා දීමටත් රජය තීරණය කොට තිබේ.

71 කැරැල්ලට අදට 46යි  👤1658

2017-04-05 13:06:50

1948 ජාතික නිදහස ලැබීමෙන් වසර 23කට පසු 1971 අද වැනි දිනෙක අපේක්‍ෂා භංගත්වයට පත් තරුණ පිරිස් විසින් ආණ්ඩුවට විරුද්ධව සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කරන ලදී.

බොහෝ ප්‍රදේශ වලට අදත් ගිගුරුම් සහිත වැසි  👤1975

2017-04-05 10:38:32

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව,උතුරුමැද සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

ලංවිම වෘත්තීය සමිති 32ක් අද වර්ජනයේ  👤2147

2017-04-05 09:38:04

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද (05දා) සහ හෙට (06දා) දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 32ක් කටයුතු යොදා තිබේ.

ප්‍රතිසංස්කරණය කළ කටුනායක ගුවන්තොටුපොළ හෙට විවෘත කෙරේ  👤2364

2017-04-05 08:34:40

ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය හෙට (06දා) දහවල් 12.30ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් විවෘත කෙරේ.
මීටර් 60ක් පළලින් යුතුව තිබූ ධාවන පථය ප්‍රතිසංවර්ධන කිරීමේදී මීටර් 75 දක්වා පුළුල් කිරීම නිසා ඒ 380 ගුවන් යානා මෙහෙයුම් කටයුතුද ඉදිරියේදී සිදු කිරීමට හැකිවනු ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සඳහන් කරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් මිලදී ගන්නා ලද යූ.එල්. 1162 ගුවන් යානය ප්‍රතිසංවර්ධනය කරන ලද ගුවන් පථයට පැමිණෙන ප්‍රථම ගුවන් යානය වන අතර ධාවන පථය මෙහෙයුම් කටයුතුවලට විවෘත කිරීමේ සංඥාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදෙනු ලබයි.

මුලතිව් දිසාවේ තවත් අක්කර 468ක් නිදහස් කිරීමට රජය සූදානම්  👤1327

2017-04-04 15:56:54

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුලතිව් කේපාපිලව් ඉඩම් අක්කර 279ක් සහ තවත් ඉඩම් අක්කර 189ක් නිදහස් කිරීමට රජය සූදානම් බව බන්ධනාගාර පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු පිළිබඳ ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

උණ හැදී මාතර රෝහලට ඇතුළත් කළ දරුවාට පැය 3ක්ම ප්‍රතිකාර කර නෑ  👤1561

2017-04-04 13:46:25

මාතර මහ රෝහලට ඇතුළත් කළ රෝගී දරුවකු පැය 3ක කාලයක් වෛද්‍යවරුන් සොයා නොබැලීම නිසා තම දරුවා මිය ගියේ යැයි දරුවාගේ මව චෝදනා කරයි. පෙරේදා 02 දා මාතර මහ රෝහලට දරුවා ඇතුළත් කළේ අධික උණ හේතු කරගෙන බවත් එහෙත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් වෛද්‍යවරුන් නොදීම නිසා දරුවා පැය තුනකට පසු ජීවිතක්‍ෂයට පත්වූ බව දරුවාගේ පියා හේවාමාතරගේ අසංක (35) පවසයි.

සමෘද්ධි අභිමාණී - 2017 අභිමාණවත්ව මාතර දී  👤1488

2017-04-04 12:40:41

සමෘද්ධි අභිමාණී - 2017 අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොළ පසුගියදා මාතර උයන්වත්ත ළමා උද්‍යාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලය සිය සියවස් සැමරුම - පාසල් ජනමාධ්‍ය ඒකකය විවෘත කරයි  👤1826

2017-04-04 10:38:36

රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලය සිය සියවස් සැමරුමට සමගාමීව රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතාවයන් ඇතුළත් ප්‍රදර්ශනයක් සංවිධානය කරතිබූ අතර දින පහක් පුරා පැවති එම ප්‍රදර්ශණයේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි  👤1917

2017-04-04 09:36:28

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක.ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල (මි.මි.75ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි  👤1568

2017-04-03 14:47:01

හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්