නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

යුද්ධ හමුදා භඨ පිරිස් විසින් වව්නියාවේ පාසල් සිසුන් සඳහා සංගීත භාණ්ඩ බෙදා දේ  

2018-02-14 13:20:51

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාංකයේ සම්බන්ධිකරණයෙන් වව්නියාව මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලය සඳහා නොමිලේ සංගිත භාණ්ඩ බෙදාදිමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (8) දින එම බලසේනාවේ භඨ පිරිස් විසින් සංවිධානය කරන ලදී.

අධිවේගී මාර්ගයේ අද සිට නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මකයි  

2018-02-14 12:20:09

අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන  වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ  

2018-02-14 11:16:53

කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16දා රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.

පොහොට්ටුව පර වීමට ඉඩ නොදී ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අප සතු කාර්යයක්  

2018-02-13 12:03:10

උපතිස්ස පෙරේරා

ලක් දෙරණ මත පිපී ඇති පොහොට්ටුව පරවීමට ඉඩ නොදී එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අප සතු කාර්යයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ධනය කරලීමට පියවර ගන්නා ලෙස පවසමින් ඔබතුමන් වටා රැස්වන කපුවන්ගෙන් සහ කේවට්ටයන්ගෙන් බේරී ඉහළට නැඟි ඉණිමඟ ආරක්ෂා කරගෙන ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකරමින් පොහොට්ටුව ඉදිරියේ තබාගෙන ජනතා මෙහෙවරට කැපවන ලෙස පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත උපදේශාත්මක සන්දේශයක් යවමින් සඳහන් කරයි.

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරත වෙන්න  

2018-02-13 11:28:59

දෙනගම ධම්මික රණවීර

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් රටත් ජනතාවත් වෙනුවෙන් ගෞවරවනීය දේශපාලන මෙහෙවරක නිරත වන්නැයි පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහජන නියෝජිතයන්ගෙන් කතානායක කරු ජයසූරිය මහතා ඉල්ලා සිටියි.

මහා ශිව රාත්‍රී දින පණිවුඩය - සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා!  

2018-02-13 10:16:22

අදට යෙදී තිබෙන මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු නාවික හමුදා භාරයට  

2018-02-12 13:19:46

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි 08 වන දින වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13 ක් ලඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජනතාව එජාපයට අනතුරු ඇඟෙව්වා  

2018-02-12 12:14:19

"පළාත් පාලන ඡන්දයේදී ජනතාව ලබාදුන් තීරණය හිස නවා පිළිගන්නා බව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි. ජනතාව තම පක්‍ෂය වෙත දක්වා ඇත්තේ අනතුරු ඇඟවීමක් බවත්, ඒ පිළිබඳව ගැඹුරින් සිතා බලා පක්‍ෂයේ 

දේශපාලන නායකයකුගේ රුව හා ඡන්ද සලකුණ මුද්‍රණය කළ ගිනි පෙට්ටි බෙදූ සේවකයෙක් අත්අඩංගුවට  

2018-02-12 11:11:26

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

කින්නියා මධ්‍ය මහා විද්‍යාලය හා අබ්දුල් මජීඩ් විද්‍යාලය යන ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසුණු තිදෙනකු 10 වැනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව කින්නියා පොලිසිය පවසයි.

ගෝඨා අද එයි  

2018-02-12 10:23:55

ඇමෙරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

රටේ රැල්ල මහින්දට  

2018-02-12 09:34:03

දයා පෙරේරා,
ජේ.ටී ද සිල්වා

ශ්‍රී ලංකා දේශපාලන ගමන් මඟ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (10දා) පැවැති පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබා ගමේ ආණ්ඩු බලය අත්පත් කර ගනියි.

ජනපති පොලොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි  

2018-02-10 15:13:03

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ පොළොනන්රුව, නව නගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

අගමැති ඡන්දය ප්‍රකාශ කරයි  

2018-02-10 14:12:11

කොළඹ, විශ්වවිද්‍යාලයේ පිහිට ඡන්ද මධ්‍යස්ථානයට  අද (10) දින පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිය ඡන්දය සලකුණු කළේය.

ඡන්ද විමසීම් රාජකාරි සඳහා සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍යයි  

2018-02-09 15:16:38

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා පත් කර තිබෙන සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට  

2018-02-09 13:02:18

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (පෙබරවාරි 08) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon