2017-09-11 11:18:09
දිවයිනේ ප්‍රධානතම කෘෂි ආර්ථික බෝගයන් ලෙසට සැලකෙන අර්තාපල්, ලොකු ලූනු, වී හා මිරිස් වගාවේ නියැළෙන ගොවි ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු පළාත් මට්ටමේ ගොවි හමු පවත්වා ලබාගත් සියලු ගැටලු රජයේ වග කිවයුතු බලධාරීන්ට අවස්ථා දෙකකදීම පෙන්වා දුන්නද එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා දිවයිනේ සමස්ත ගොවි ජනතාව හා ආර්ථික මධ්‍යස්ථාන ඒකරාශි කරමින් දීප ව්‍යාප්ත වර්ජන උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික මැනින් වෙළෙඳ පොළ ව්‍යාපාරික එච්.එම්. උපසේන මහතා රජයට අනතුරු අඟවා සිටියි.