නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම අදින් අවසන්  

2018-03-02 10:02:25

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (02) න් අවසන් වේ. අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 26දා  ආරම්භ විය.

ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් …  

2018-03-01 11:53:24

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභීයා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය මාර්තු 01 වනදාට යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම  (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

අගමැති අද සිංගප්පූරුව බලා පිටිත් වෙයි  

2018-03-01 11:05:58

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන  "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා යෑමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරය හෙට  

2018-03-01 10:19:58

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරය හෙට  (02) දින පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව 19 වන වරටත් අඛණ්ඩව සංවිධානය කරන ලද ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

දේශීය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම 100 ක පුළුල් වැඩපිළිවෙළක්   

2018-02-28 16:29:06

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි.

නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 139 දෙනෙකු විසිර යති  

2018-02-28 14:16:55

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ තෙවන කණ්ඩායම අයත් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවිකයන් 123 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (27 ) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගනියි  

2018-02-28 12:12:24

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කටුපොකිරිස්සන් සහ සපත්තු පොකිරිස්සන්ට අමතරව නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර රෝහලේ සිටින ඇලෝසියස්ට හොරි හැදිලා  

2018-02-28 10:03:42

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාර ගතව සිටින අතරතුරදී හටගත් "හතිය" රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර සිටින සැකකාර අර්ජුන් ඇලෝසියස් නමැති අයට පණුහොරි රෝගය බෝවී ඇති බව බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජගත් මල්වත්ත මහතා පවසයි.

කුඩා සංවර්ධන අංශය මඟින් ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් දැනුවත් කරයි  

2018-02-27 13:38:14

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන්හී සේවය කරනු ලබන ආර්ථික සංවර්ධන නිලධාරින් දැනුවත් කරමින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හදුනාගැනීමේ නව වැඩ සටහනක් ගාල්ල මූලික කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණයට උපදෙස්  

2018-02-27 11:39:10

වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් අත්සන් කරයි  

2018-02-27 10:00:37

අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වි-පාර්ශ්වික ගිවිසුමකට අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීම පසුගියදා සිදු කෙරිණි.

පාසල් අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත ලබා ගැනීමේ දී උප්පැන්න සහතික පිටපත ප්‍රමාණවත්  

2018-02-26 13:44:44

මේ සඳහා ඉදිරිපත් කළ යුතු වන්නේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් මඟින් සහතික කළ හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමෙන්තුව මඟින් නිකුත් කළ උප්පැන්න සහතික පිටපතකි. එය ඕනැම කාලයකදී ලබා ගත් එකක් වුවත් ගැටලුවක් නැති බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.

G - 24 තාක්ෂණික කමිටු රැස්වීම කොළඹ දී  

2018-02-26 11:27:06

G -24 රටවල්හි තාක්ෂණික කමිටු රැස්වීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට (27) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කරනු ලැබේ.

වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි  

2018-02-26 10:02:35

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති  

2018-02-25 14:14:11

නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon