නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අද  

2017-04-15 11:15:36

සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පෙ.ව. 11.04 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර නාථ දේවාලයේ දී පැවැත්වෙන බව එහි බස්නායක නිළමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි.

DNA බලා ඖෂධ නියම කිරිමේ වැඩපිළිවෙලක්  

2017-04-15 10:20:16

රෝගීන්ගේ ඩි.එන්.ඒ පරික්ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තමන් අනුමැතිය  ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි

කුණු කන්දට යට වුණු කොළොන්නාවේ අවුරුද්ද  

2017-04-15 09:15:02

ඊයේ(04) පස්වරු 3ට පමණ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්දෙහි කොටසක් කඩාවැටීම හේතුවෙන් ඊට යටවී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහල ගොස් ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

සමස්ත ලංකා හෙද සංගමයේ සියලු හෙද හෙදියෝ හෙට - අනිද්දා වර්ජන සූදානමක  

2017-04-12 13:19:08

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධව අමාත්‍යාංශය සමඟ කළ සියලු සාකච්ඡා අසාර්ථක බව පවසමින් සමස්ත ලංකා හෙද සංගමයට අයත් සියලු හෙද හෙදියෝ හෙට (13දා) සහ අනිද්දා වැඩ වර්ජනයකට සූදානම් වෙති.

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කුවේට් ඩිනාර් මිලියන 5ක්  

2017-04-12 10:22:35

සවුදි සංවර්ධන අරමුදල(SED), අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි.

අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ  

2017-04-11 15:04:18

සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.

අද කාලගුණ අනාවැකිය  

2017-04-11 13:36:41

ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇත.

අධික රස්නය මැයි අවසන් වනතෙක්  

2017-04-11 10:20:25

පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය මැයි මස අවසන් වන තෙක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සයිටම් විරෝධීහු අට්ටාලවලම අවුරුදු සමරන්න යති  

2017-04-11 09:30:07

ලංකාවාසී සියලු දෙනා එක්ව නිවෙස්වල සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරුවද සයිටම් අහෝසි කරන ලෙස බල කරමින් වෛද්‍ය පීඨ හයක් ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා අට්ටාලවල සිටම වෛද්‍ය සිසුන් අලුත් අවුරුද්ද සමරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රසත් ජයලත් පවසයි.

අවුරුදු කාලේ පොකට්වලට විදින්න කෙල්ලො 20ක කල්ලියක් කොළඹ ඇවිත්  

2017-04-09 09:43:47

අලුත් අවුරුදු සමයේ කොළඹට පැමිණෙන මගීන්ගේ මුදල් පසුම්බි, රන් මාල කොල්ලකෑම සඳහා හලාවත - පුත්තලම යන ප්‍රදේශවලින් තරුණියන් 20ක පමණ කල්ලියක් පැමිණ ඇති බැවින් ඔවුන්ගෙන් ආරක්ෂා වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තැනින් තැන කූඩාරම් ගසාගෙන, රට පුරා සැරිසරන එක්තරා ජන කොට්ඨාසයකට අයත් මේ තරුණියන් කොළඹ වෙසෙන සල්ලිකාර කාන්තාවන් මෙන් ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී බස්රථවල හා මිනිසුන් ගැවසෙන ස්ථානවල ගමන් කරමින් මේ කොල්ලකෑමේ යෙදෙන බව උසස් පොලිස් නිලධාරියෙක් 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

වැසි රහිත කාලගුණයක්  

2017-04-09 08:40:46

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

රණවිරු සහජීවන බක්මහ උළෙල අප්‍රේල් 11 මඩකලපුවේ දී  

2017-04-08 15:12:19

ජාතින් අතර සහජීවනය ගොඩනැගීමේ අරමුණින්, රණවිරු සේවා අධිකාරියේ ප්‍රධානත්වයෙන්, ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ සහයෝගයෙන් නැගෙනහිර පළාත තුල ප්‍රථම වතාවට සංවිධානය කළ බක්මහ උළෙල 2017 අප්‍රේල් මස 11 වන දින පෙ.ව 7.00 සිට දවස පුරා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී (ගාන්ධි පාර්ක් අසල) පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

“සූරිය උදානය” ජාතික අලුත් අවුරුදු උළෙල - 2017 බුලත්සිංහල ජාතික පැසැල් පරිශ්‍රයේ දී  

2017-04-08 14:17:45

අලුත් අවුරුදු ජනක්‍රීඩා නව පරපුරට දැක බලාගැනීමට අවස්ථාව උදා කිරීම, ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය ඇති කිරීම තුළින් සමානාත්මතාව ඇති කිරීමේ අරමුණ ඇතිව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන “සූරිය උදානය ජාතික අලුත් උළෙල - 2017” අප්‍රේල් 22 වන දින දවස පුරා බුලත්සිංහල ජාතික පැසැල් පරිශ්‍රයේ දී පැවැත්වේ.

අලුත් සහල් මංගල්‍ය අද අනුරාධපුරයේ දී  

2017-04-08 12:02:09

50 වන ජාතික අලුත් සහල් මංගල්‍ය 2017 අද (08) ඓතිහාසික අනුරාධපුරය, ජය ශ්‍රී මහ බෝධිය අභියස දී පැවැත්වීමට නියමිතය.

ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂක වසන්ත ඔබේසේකර මහතා අභාවප්රාප්ත වෙයි  

2017-04-08 11:11:45

මිය යන විට ඒ මහතා 80 වන වියේ පසු විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්