නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ගෝඨා අද අලුත් මහාධිකරණය හමුවට  

2018-09-10 07:02:46

වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද දින (10දා) කැඳවීමට නියමිතය.

පොළොන්නරුව ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්  

2018-09-07 13:24:03

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඞී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළා - අළුත් තරුණ පරපුරට රට බාර දිය යුතුයි  

2018-09-06 13:04:18

රටේ ඊළඟ පරම්පරාවට ණය බර තියෙන ආර්ථිකයක් නොව ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදන්නය ඉලක්ක කළ බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළා බවත් අළුත් තරුණ පරපුරට රට බාර දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුව හෙටට කල්යයි  

2018-09-06 10:48:36

පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට(07) දිනය දක්වා කල් දමා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය අද  

2018-09-06 08:53:15

එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සර සැමරුම අද (6) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අප කිසිම ලෙසකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ-අග්‍රමාත්‍ය  

2018-09-05 17:00:28

වත්මන් රජය අධිකරණයට බලපෑම් නොකරන බවත් විශේෂ මහාධිකරණයක් පිහිටුවනු ලැබු බවත් තවත් මහාධිකරණයක් ළඟදීම පිහිටුවන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (5)පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

රටේ රාජ්‍ය දේපළ හොරකමට, දූෂණයට එරෙහි නීතියට මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතුයි  

2018-09-05 14:08:22

''මේ රටේ රාජ්‍ය දේපළ හොරකමට දූෂණයට එරෙහි නීතියට මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතුයි.දූෂණය හා වංචාවට විරුද්ධව කටයුතු කිරීමේ දී එම ආයතන ශක්තිමත් කිරීමත් පුද්ගලයින් ශක්තිමත් කිරීමත් වැදගත් වෙනවා ''යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

විරෝධතාකරුවන් අද රෑ කොළඹ නවතිනවා  

2018-09-05 12:49:50

'ජනබලය කොළඹට' විරෝධතා ව්‍යාපාරය අද (05දා) දින කොළඹදී පැවැත්වීමෙන් අනතුරුව එයට සහභාගි වීමට පැමිණෙන මහජනතාව අද රාත්‍රි කොළඹ නගරය තුළ රැඳී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රි පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව 'පිවිතුරු හෙළ උරුමයේ' නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

හෙට හා අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් අවලංගු කර ඇති බවට පළ වන වාර්තා බොරු - නියෝජ්‍ය කථානායක  

2018-09-04 17:09:25

සතියේ යොදාගත් පරිදි පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන අතර එහි කිසිදු වෙනසක් සිදුකර නැතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි 'මව්බිම'ට පැවැසීය.

නුවරඑළිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කෙරේ  

2018-09-04 16:04:10

නුවරඑළිය ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කර තිබේ.

කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නෑ- අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩර  

2018-09-04 15:46:16

කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නම් මේ විරෝධතාවලට ඔවුන් ප්‍රතිචාර දැක්විය යුත්තේද ප්‍රජාතන්ත්‍රවාදීවයි  

2018-09-04 10:48:13

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


හෙට (05දා) කොළඹ නගරයේදී පවත්වන දැවැන්ත විරෝධතාවට මේ වනවිට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ඉතා හොඳින් සූදානමින් සිටින බවත් එම විරෝධතාවේදී යහපාලන ආණ්ඩුවට දැනෙන ආකාරයේ විරෝධයක් පෑමට ජනතාව සූදානමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

නව වෛද්‍ය සභා පනත පිළිබඳව 7දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්  

2018-09-03 15:13:45

නව වෛද්‍ය සභා පනත පිළිබඳව සැප්තැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජනපතිට සාර්ක් මහලේකම්වරයාගෙන් උණුසුම් පිළිගැනීමක්  

2018-09-02 16:17:23

නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සාර්ක් මහලේකම් Amjad Hussain B. Sial මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ කත්මණ්ඩු නුවර සාර්ක් මහලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා – නේපාල ජනාධිපතිවරු හමුවෙති  

2018-09-02 13:22:33

දෙරට අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබේ


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon