නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

පිංපාර 31 කොලනියේ වකුගඩු රෝගීන්ට නළ ජලය නෑ  

2019-01-11 07:03:49

පිංපාර 31 කොලනියේ වකුගඩු රෝගීන්ට නළ ජලය නෑ

ඉන්ධන මිල යළිත් පහලට  

2019-01-10 21:01:42

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි- මුදල් රාජ්‍ය අමාත්‍ය  

2019-01-10 17:20:03

''අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අප හදන්නේ. තාරුණ්‍යයෙන් අප හදන්නේ ජාත්‍යන්තර වෙලඳපොළට සුදුසු පුරවැසියෙක්'' යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ජනපතිගෙන් පොලිසියට උපදෙස්   

2019-01-10 16:00:59

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

කේරළ ගංජා කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට  

2019-01-10 13:00:10

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (10) අළුයම මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 184 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

2017 වසරේ ගං වතුරෙන් හානි වූ නිවාස ඉදිකිරිම් අවසන් අදියරේ  

2019-01-10 08:50:51

පසුගිය 2017 වසරේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ඇතිවූ ගං වතුර හේතුවෙන් හානියට පත් නිවාස කඩිනමින් ජනතා අයිතියට පත් කිරිම මේ දිනවල සිදුකෙරේ.

කුඹුරු අක්කර 2500ක් විනාශයි  

2019-01-10 08:29:41

මාස් කන්නයේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරුවල වල් මර්දනය කිරීම සඳහා භාවිත කරන ලද වල් නාශකයක් හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 2500ක් පමණ විනාශ වීමේ අවදානමට ලක්ව ඇතැයි එම ව්‍යාපාරයට අයත් ගොවීහු පවසති.

ජනාධිපතිවරයා අද රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.  

2019-01-09 16:53:31

මහ මන්දිර බැහැර කරමින් පොදු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන ජනපති අද රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරයි.

සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් - කෘෂිකර්ම අමාත්‍ය  

2019-01-09 15:39:31

රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු ලෙස රටේ නිෂ්පාදනයට දායක කර ගැනීම තම බලාපොරොත්තුව බවත්, එලෙසින්ම සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව 2019 ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ  

2019-01-09 15:28:16

රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝනය විසින් සංවිධනය කරනු ලබන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව (Asymmetric Warfare Course) ඊයේ (ජනවාරි 07) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. පාඨමාලාවේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් තුසිත දමින්ද මහතා සහභාගි වීය.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති  

2019-01-09 13:00:28

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

2018 වසරේ කාන්තාවන් විදේශ ගතවීම 31.7% ක් දක්වා පහළට  

2019-01-09 12:46:15

 

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් පහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

 

තල්ගස්පිටියේ නාය ගිය කොටස තවම හදලා නෑ  

2019-01-09 08:51:43

තල්ගස්පිටියේ නාය ගිය කොටස තවම හදලා නෑ

අඩක් නිම කළ ඇඳගල වැව හදල දෙන්න  

2019-01-09 06:34:46

අඩක් නිම කළ ඇඳගල
වැව හදල දෙන්න

බදුල්ල නගරයේ මරු කපොලු රැසක්  

2019-01-08 08:49:40

බදුල්ල නගරයේ
මරු කපොලු රැසක්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon