නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 6 දෙනෙකු හට නිදහස  

2018-02-21 13:10:14

මුහුදු සීමා උල්ලංඝණය කර නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අංඩගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නැවත මෙරටට භාර දීම ඊයේ(20) නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

ලසන්ත ඝාතනය ගැන අද රහස් ප්‍රකාශයක්  

2018-02-21 10:46:49

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මහතා අද (21දා) දින පස්වරු 1.00ට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතාට රහස් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

සරසවි අනධ්‍යයන සේවක දීප ව්‍යාප්ත වැඩ වැරුම 28දා  

2018-02-20 14:47:47

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම්වලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු කිසිදු පාර්ශ්වයකගේ අවධානය මෙතෙක් යොමු වී නැති බැවින් සියලු අනධ්‍යයන සේවකයන් එළැඹෙන 28 වැනිදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පවසයි.

මියගිය කතගේ අනියම් සැමියා යළිත් රක්ෂිතයට  

2018-02-20 12:19:50

කොස්ගොඩ, බොරලුකැටිය ප්‍රදේශයේ තිස්අට හැවිරිදි සිවුදරු මව සහ ඇයගේ මාස 06ක් වයසැති කුඩා දරුවා කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියේ සැකකරු හෙට (21) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

කිලිනොච්චියේ සත්‍යග්‍රහයට අදට දින 365ක්  

2018-02-20 11:07:18

යුද සමයේ හා පශ්චාත් යුද සමයේදී අතුරුදන් වූ තම දරුවන් හා ඥාතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියේදී ආරම්භ කොට ඇති සත්‍යග්‍රහ ව්‍යාපාරයට අදට (20) දිනට දින 365ක් හෙවත් වසරක් සපුරනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් ඇතුළු 6කට එරෙහි නඩුව අද  

2018-02-20 10:11:55

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල්වලින් ගවර්ස් කෝපරේට් නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීමට සිටි සාක්ෂිකරුවකු අසනීප වී රෝහල්ගතව සිටීම හේතුවෙන් නඩු විභාගය අද (20) විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.

2017 දී කවුඩුල්ල ආදායම මිලියන 191ක්  

2018-02-19 12:22:20

2017 වසරේ කවුඩුල්ල ජාතික උද්‍යානයට සංචාරකයින් 159,394ක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 191.11ක ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.

කෘතීම වැසි ලබාගැනීමේ ජාත්‍යන්තර වැඩමුළුව හෙට  

2018-02-18 11:20:12

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වේ.

අද දින ද කැලණිවැලි දුම්රිය මාර්ගය වැසේ  

2018-02-18 10:01:32

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (18) දින ද සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.

කැලණිවැලි දුම්රිය අද හෙට සම්පූර්ණයෙන්ම වැසේ  

2018-02-17 11:05:41

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (17) සහ හෙට (18) දින දෙක තුළදී සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.  

අද හෙට කොළඹට වතුර කැපෙයි  

2018-02-17 08:55:53

අද (17) පෙරවරු 9.00 සිට හෙට (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක්  

2018-02-16 14:29:28

රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක් බඳවාගැනීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ. බී. පී. එම්. ජේ. ගමගේ මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළාය.

ලෝක මිත‍්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග දිවයිනට පැමිණි තරුණ නියෝජිත පිරිස ජනපති හමුවෙයි  

2018-02-16 10:02:52

ලෝක මිත‍්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග ශී‍්‍ර ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස ඊයේ(15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති ඇතුළු තිදෙනකුට එරෙහි නඩුවේ විභාගය 16දා  

2018-02-15 14:50:16

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ "තාණ්‍යයට හෙටක්" සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් නීති විරෝධී ආකාරයට ලබා දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය හෙට (16දා) පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

17දා කොළඹට පැය 24ක් වතුර කැපෙයි  

2018-02-15 11:34:01

එළැඹෙන 17දා පෙරවරු 9.00 සිට පසුදින (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon