නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

ඉන්ධන පොම්ප සීල් තබයි  

2018-01-18 12:12:05

කොළඹ රාජගිරිය - නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලටම සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (18) පියවර ගත් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක  

2018-01-18 11:22:18

ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස බ්‍රහස්පතින්දා (18) දින ශ්‍රී ලංකාවට පැමිණි අතර,කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

ඇල්පිටිය රෝහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීම හෙට  

2018-01-18 09:57:30

මුදල රුපියල් මිලියන 2065ක් වැයකරමින් ඉදිකිරීමට යෝජිත ඇල්පිටිය මුලික රෝහලේ වාට්ටු සංකිර්ණයට මුල්ගල් හෙට (19) දින සෞඛ්‍ය,හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට  නියමිතය.

රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිිරිස ජනපති හමුවෙයි.  

2018-01-17 14:33:51

දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ (Russian State Corporation ROSATOM) නියෝජිත පිිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

නීති විරෝධී ලෙස රත්‍රං ‍කිලෝග්‍රෑම් 7 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට  

2018-01-17 12:41:58

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) කන්කසන්තුරෙයි ප්‍රදීපාගාරයට වයඹ ‍දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ග තදබද විසඳාගැනීමට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කෙළ යුතුයි - අමාත්‍ය චම්පික  

2018-01-17 11:37:40

මේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව ඇත්තේ බස්රිය සහ දුම්රිය පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත් එය වෙනත් මාර්ගවලින් පාලනය කළ හැකි තත්වයකට පැමිණ නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉදිරි දින කිහිපයේදී නුවරඑළියට මල් තුහින  

2018-01-17 10:32:00

ඉදිරි දින වල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට  

2018-01-17 09:55:57

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ. 

කරාපිටිය රෝහලේ සහ ඇල්පිටිය රෝහලේ නව වාට්ටු සංකීර්ණ විවෘත කිරිම (19) වන දා  

2018-01-17 09:23:18

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 09 කින් යුත් අංග සම්පුර්ණ ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම සහ ඇල්පිටිය මුලික රෝහලේ මහල් 08 කින් යුත් වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට  

2018-01-16 13:55:29

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 4 ක් ඊයේ (ජනවාරි 15) නාවික හමුදා භාරයට පත් විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල භට පිරිස් තවදුරටත්  

2018-01-16 10:47:04

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.

සඟවා තැබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ  

2018-01-15 17:30:56

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 13 වන දින ලංකාපටුන ප්‍රදේශයේ සඟවා තැබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.

නව විනිසුරුවරයෙක් සහ නව සභාපතිවරයෙක් දිවුරුම් දෙති  

2018-01-15 17:11:34

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිතියම වසර 18 කට පසු අලුත් කරයි  

2018-01-15 14:27:46

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විනාශ කෙරේ  

2018-01-15 12:42:16

අත්අඩංගුවට ගන්නා අන්තරාදායක මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම පසුගිය දින  ජනාධිපති මෛත්‍රීපාල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක සිදු කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon