නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

උෟව අධ්‍යාපන ලේකම්වරිය ඇතුළු 6ක් අද මානව හිමිකම් කොමිසමට  

2018-01-25 09:45:27

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මිය දණ ගැස්සවීම සහ ඇයට බලපෑම් සිදුකර ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ප්‍රකාශයක් ලබා ගැනීම ස½දහා උෟව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු වග උත්තරකාර පාර්ශ්වයේ හය දෙනකුට අද (25දා) පෙරවරු 10.00ට කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන් සභාව සිතාසි නිකුත් කර ඇත.

නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගනී  

2018-01-24 13:17:05

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) මරදන්කේනි, තලෙයිඅඩි වෙරළ තීරයට ආසන්න වන ලැහැබක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගැනීමට සමත් විය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද සිට සංකේත වර්ජනයක  

2018-01-24 11:13:07

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (24දා) සිට දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පවසයි.

අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල අයඳුම්කිරීමේ කාලය දීර්ඝ කරයි  

2018-01-23 14:14:10

2017 / 2018 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය පෙබරවාරි 02දා දක්වා දීර්ඝ කොට ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

හයකගෙන් 3ක් පෙබ. 2දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට  

2018-01-23 12:20:37

හෙරොයින් ග්‍රෑම් 80ට ආසන්න ප්‍රමාණයක් සමඟ කොහුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනකුගෙන් තිදෙනකු පෙබරවාරි මස 2දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ නුගේගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා සෙසු සැකකරුවන් තිදෙනා ර¼දවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නේය.

හෙට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්  

2018-01-23 10:45:13

රුපියල් මිලියන 26,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (24දා) පැවැත්වේ.

ලොතරැයිවලට දෙන කොමිස් මුදල වැඩි කරන්න අද විශේෂ සාකච්ඡාවක්  

2018-01-22 13:02:21

ලොතරැයි පතක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50කින් වැඩි කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද (22දා) පැවැත්වේ.

අද වාහන ගමනාගමනය සීමා කෙරෙන මාර්ග  

2018-01-22 11:04:40

තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) පස්වරු 1.20ට පමණ දිවයිනට පැමිණීමට නියමිත ඇත. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව මැදපාර Shangri-La හෝටලය වෙත ගමන් කරන බැවින් එම කාලය තුළ එම මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරු රිමාන්ඩ්  

2018-01-22 09:48:55

අනුරාධපුර වාරියපොළ මාර්ගයේ බීමතින් රිය පදවා බරපතළ රිය අනතුරක් සිදුකළේ යැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයා වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනි (හෙට) දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර ඇත.

දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනපති හමුවෙයි   

2018-01-19 14:23:03

ශී‍්‍ර ලංකාව හා පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙති‍්‍ර (General Rajendra Chhetri) මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

සෞඛ්‍ය නැංවීමට ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකවක්  

2018-01-19 12:03:33

ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකව එළිදැක්වීමේ උත්සවය හෙට (20) කොළඹ දී පැවැත්වෙයි.

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට  

2018-01-19 10:36:37

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරේ.

අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක්  

2018-01-18 16:46:09

ශී‍්‍ර ලංකාව තුළ අල්ලස් හා දූෂණ තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විද්වත් කතිකාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට   

2018-01-18 15:05:52

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ, අපරාධ විමර්ශන දෙපාර්තෙම්න්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ එක්ව පසුගිය ජනවාරි 16 වන දින හොරණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ව්‍යාජ මුදල් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට  

2018-01-18 12:52:39

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ ආරක්ෂක යාත්‍රාවක් මඟින් ඊයේ (ජනවාරි 17) මන්නාරමට දකුණු  දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා වර්ගයේ යාත්‍රාවක් (Indian Dhow) අත්අඩංගුවට ගෙන ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon