නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

හෙට සිට නව කැලණි පාලමේ වාහන ගමනා ගමනය සීමා කෙරේ  

2018-05-02 15:41:17

නව කැලණි පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (03) සිට 05දා දක්වා දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ වරින්වර රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

තේ සහ රබර්වලට තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවතට  

2018-05-02 15:12:59

ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම තේ සහ රබර් වගාව සඳහා අද (02) සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

ජාතික කුරුඳු සතිය මැයි 07 සිට 11 දක්වා  

2018-05-02 11:14:41

ජාතික කුරුඳු සතිය මැයි මස 07 දින සිට 11 දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා පසයි.

ලෙස්ටර් අද දැයෙන් සමුගනී  

2018-05-02 09:36:26

බන්දුල ගුණරත්න, චාමිනී ගම්මන්පිල

අනුකාරක සිනමාවෙන් දේශීය සිනමාව මුදාගෙන, ශ්‍රී ලාංකේය සිනමාව නව මඟකට යොමු කළ, ජගත් කීර්තිධර, සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද (02දා) දැයෙන් සමුගනී.

සා/පෙළ අයදුම්පත් භාරගැනීම ලබන 15 දා අවසන්  

2018-05-01 16:21:57

මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස.( සාමාන්‍ය පෙළ) විභාගයේ අයදුම්පත් භාරගැනීම 2018.05.15 වන දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස 25 වන ගුණ සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන් ….  

2018-05-01 14:21:34

ජනතා සිහින සැබෑ කිරීම අමතක කර, තම පෞද්ගලික දේශපාලන සිහින සැබෑ කර ගැනිමට උත්සාහ දරන වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ රණසිංහ පේ‍්‍රමදාස හිටපු ජනාධිපතිතුමාගේ චරිතය ආදර්ශමත් චරිතයක් බව ජනාධිපතිතුමා පවසයි.

සර්වඥධතූන් වහන්සේ වන්දනාවට ජනගඟක්  

2018-05-01 13:19:16

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන 'බුද්ධ රශ්මි ' ජාතික වෙසක් කලාපයට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සර්වඥධාතූන් වහන්සේලා ප්‍රධාන කෞතුක වස්තු ප්‍රදර්ශනය නැරඹීමට අතිවිශාල ජනගඟක් අරලියමන්දිරය වෙත පැමිණෙමින් සිටියි.

චීනය, සම්බුදු තෙමඟුල උත්සවශ්‍රීයෙන් සමරයි  

2018-05-01 10:32:02

චීනයේ වෙසක් මංගල්‍යය මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ලෝක කම්කරු දිනය අදයි  

2018-05-01 09:46:34

ලෝකයේ වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ.

දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල මැයි 03 වැනිදා මාතර - කොටවිල දී  

2018-04-30 10:41:28

දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල දකුණු පළාත්  ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායකමහතාගේ සහභාගිත්වයෙන් මැයි මස 03 වැනි දින පෙ.ව. 9.00 ට මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා  

2018-04-30 09:26:11

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.

සිරිපා වන්දනා සමය අදින් අවසන්  

2018-04-29 13:32:05

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (29)  වෙසක් පුන් පොහොය දිනෙන් නිමාවට පත් වන අතර සිරිපා මළුවේ සිට සදාතුක කරඬුව සහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම වනු ඇත.

අද හෙට සුරාසැල් ඇතුළු කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසයි  

2018-04-29 11:28:30

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මෙවර වෙසක් උළෙල අද (290 හා හෙට (30) යන දෙ දිනට යෙදී ඇති බැවින් දිවයිනේ පිහිටි සියලු ම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා ඇත.

වෙසක් සමරු මුද්දරයක් එළිදැක්වෙයි  

2018-04-28 10:55:46

2562වන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

'බුද්ධ රශ්මි' ජාතික වෙසක් මංගල්‍යය අප්‍රේල් 29, 30 මැයි 01 හා 02 දිනවල  

2018-04-28 10:24:08

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන 'බුද්ධ රශ්මි ' ජාතික  වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon