නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

භෞත චිකිත්සකවරුන් දෙදෙනකු බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙයි  👤1536

2017-02-03 12:17:06

ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස වසර 6ක් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ රැඳී සිටී ස්ටීව් මවුන්ට්ගේ නිල කාලය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාර්තු 01 වැනිදා සිට නව භෞත චිකිත්සකවරුන් දෙදෙනකු පත්කර ගැනීමට නියමිතව ඇති බව "මව්බිම"ට වාර්තා වේ.

වැට්ෆෝඩ් හමුවේ ආසනල් පසුබසී  👤1733

2017-02-02 14:00:08

එංගලන්තයේදී පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ වඩාත් පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව සිටින ආසනල් කණ්ඩායම වැට්ෆෝඩ් කණ්ඩායම වෙතින් ගෝල 2-1ක පරාජයක් ලැබීම පසුගිය සතියේදී වඩාත් කතාබහට ලක්වූ තරගයක් බවට පත්විය.

ජේ‍යෂ්ඨ අංශයේ ආසියානු වොලිබෝල් ශූරතා සඳහා සංචිත නම් කෙරේ  👤1425

2017-02-01 15:00:03

ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු ජේ‍යෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් ශූරතා සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත වොල්බෝල් සංචිත තෝරා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

අන්ඩ්‍ර රසල්ට වසරක තරග තහනමක්   👤1449

2017-02-01 14:15:17

දකුණු ඉන්දියානු ක්‍රීඩක අන්ඩ්‍ර රසල් ට තහනම් උත්තේජක පරීක්ෂණය උල්ලංඝනය කිරීම හේතුවෙන් වසරක කාලයක තරග තහනමකට ලක් කර ඇත.

බැඩ්මින්ටන් නිලවරණය මාර්තු 24දා  👤1447

2017-02-01 14:06:18

ඉකුත් ජනවාරි 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා බැඩ්මින්ටන් විධායක කමිටු රැස්වීමේදී ගත් තීරණයක් අනුව එළැඹෙන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය මාර්තු 24දා පැවැත්වීමට තීරණය කර ඇති අතර, එහි සභාපති පුටුව සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී ඇති බව "මව්බිම"ට වාර්තා වේ.

ෆ්ලයින්වීල් වෙතින් පාපැදි සවාරියක්  👤1731

2017-01-31 12:30:42

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාපැදි ක්‍රීඩා සමාජයක් වන ෆ්ලයින්වීල් ක්‍රීඩා සමාජය 69 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් සංවිධානය කරන 23න් පහළ ස්ටෑන්ඩර්ඩ් විවෘත පාපැදි තරගය පෙබරවාරි 04 වැනිදා පෙරවරු 8.30ට වත්තල ප්‍රාදේශීය සභාව අසලින් ආරම්භ කිරීමට නියමිතය.

වේගපන්දු යවන්නන්ට හිතකර කිංස්මීඩ් පිටියේදී හෙට ලංකාව කුමක් කරයිද?  👤1855

2017-01-31 11:30:27

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (පෙබ.01දා) දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි කිංස්මීඩ් පිටියේදී ආරම්භ වේ.

එක් දිනක් තුළ කනිෂ්ඨයෝ ශූරතාව දිනා ගනිද්දී ජේ‍යෂ්ඨයෝ අප්‍රිකාවේදීම තරග පරාජයක් ලබයි  👤1613

2017-01-30 10:11:30

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේදී පැවැති වයස අවුරුදු 19න් පහළ යොවුන් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 77කින් පරාජය කළ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ටෙනිස් තරුව යළි බබළයි  👤1194

2017-01-29 18:28:51

ඇමරිකානු ටෙනිස් ක්‍රීඩා තරුවක් වන සෙරීනා විලියම්ස් 23 වැනි වතාවටත් 2017 වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 'ග්රෑන්ඩ් ස්ලෑම්' කිරුළ හිමිකරගත්තාය.

ක්‍රීඩකයන් විස්සේ තරගාවලිය දිනා දුන් අවසානය පනහෙ සටන දිනන්නත් ආරම්භයක් කරගන්න  👤580

2017-01-28 17:18:33

මෙවර දකුණු අප්‍රිකානු සංචාරයේදී ලකුණු නොමැති පිපාසයෙන් බොහෝ ශ්‍රී ලංකා පිතිකරුවන් පෙළෙන විට ලකුණු දා ගැනීමේ අරමුණෙන් බොහෝ දේ කියන ක්‍රිකට් කරවන අයට එකී බොහෝ දේවල් ක්‍රියාවෙන් පෙන්වන්ට බැරි වී ඇත හෝ අවශ්‍යතාවක් නොමැත.

බස්නාහිර පළාත් අන්තර් සමාජීය බැඩ්මින්ටන් පෙබරවාරි 10දා සිට  👤1829

2017-01-27 14:44:49

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලබන අන්තර් සමාජීය බැඩ්මින්ටන් තරගාවලිය පෙබරවාරි 10 වැනිදා සිට 12 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

උසේන් බෝල්ට් ට සිය ඔලිම්පික් රන් පදක්කමක් අහිමි වෙයි  👤1454

2017-01-26 18:30:06

ජැමෙයිකානු ජාතික උසේන් බෝල්ට් හට සිය ඔලිම්පික් රන් පදක්කමක් අහිමි කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

සිරස ප්ලැටිනම් ක්‍රීඩා සම්මාන දෙවන දිගහැරුම මාර්තු 31දා  👤1238

2017-01-26 16:44:18

මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දක්ෂතා දැක්වූවන් ඇගයීම වෙනුවෙන් 'ප්ලැටිනම්' නමින් ක්‍රීඩා සම්මාන උළෙලක් සංවිධානය කළ පළමු රූපවාහිනී නාළිකාව වන කැපිටල් මහරාජා සමාගමේ සිරස රූපවාහිනිය එම කර්තව්‍යයේ දෙවන දිගහැරුම සනිටුහන් කරමින් "ප්ලැටිනම් සම්මාන උළෙල 2017" ලබන මාර්තු මස 31 වැනිදා රත්මලාන ස්ටේන් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණු දෙකක්; පළමු එක්දින තරගය අනිද්දා  👤1600

2017-01-26 13:40:15

දකුණු අප්‍රිකාවට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කළ සංචිතයට දකුණත් පිතිකරුවකු වන ළහිරු මධුසංක හා වමත් ක්‍රීඩකයකු වන සඳුන් වීරක්කොඩි නම් කර ඇති අතර, චතුරංග ද සිල්වාද වසර දෙකකට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්කර තිබීමද විශේෂත්වයකි.

ද.අප්‍රිකාව සමඟ එක්දින තරග මෙහෙයවීම උපුල් තරංගට පැවරේ  👤2140

2017-01-25 09:30:33

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 31 හැවිරිදි උපුල් තරංග වෙත පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්