නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

එට්නා පිපිරෙයි  👤1308

2017-03-01 15:01:31

එට්නා ගිනිකන්ද යුරෝපයේ පවතින සියලු ගිනි කඳු අතරින් විශාලම ගිනි කන්දයි. එය ඊයේ රාත්‍රියේ සිසිලි දුපත දෙදරවමින් පුපුරා ගිය බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනපති ට්‍රම්ප් ආරක්‍ෂක වියදම ඩොලර් බිලියන 54කින් ඉහළ දැමීමට යයි  👤1364

2017-03-01 13:36:00

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වර්ෂය සඳහා වන අය-වැය යෝජනා මඟින් ඇමෙරිකාවේ ආරක්‍ෂක වියදම ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ලොව දරුණුම බැක්ටීරියා ලැයිස්තුවකට  👤1325

2017-03-01 11:09:19

ප්‍රතිජීවක ඖෂධ වලින් මෙල්ල කළ නොහැකි, මිනිස් සෞඛ්‍යයට බරපතලම තර්ජනයක් එල්ල කරන බැක්ටීරියා වර්ග ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්  👤1156

2017-02-28 16:01:13

සිරියාවේ හෝම්ස් නගරයේ පිහිටි ආරක්ෂක මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 42 මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 24 දෙනකු තුවාල ලබා තිබේ.

මෙක්සිකානු සංක්‍රමණිකයන්ගේ පිහිටට විශ්වවිද්‍යාලයක්  👤1213

2017-02-26 17:28:59

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මිළියන ගණනක්වූ මෙක්සිකානු සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව මෙක්සිකෝවේ විශාලතම විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇත.

චීනයේ හෝටලයක ඇති වූ ගින්නෙන් 3ක් මියයයි  👤588

2017-02-25 15:41:18

චීනයේ හෝටලයක ඇති වූ ගින්නකින් 3දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

අවුරුදු 18 ත් 45 ත් අතර වයස්කරුවන්ට නැගෙනහිර ලිබියාවෙන් පිටවීම තහනම්  👤1701

2017-02-24 13:04:10

නැගනහිර ලිබියාව, වයස 18 ත් 45 ත් අතර පසු වන  කාන්තාවන් හා පුරුෂයන් සඳහා රටින් පිටව යාම තාවකාලිකව තහනම් කර ඇතැයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ලාහෝර් නගරයේ තවත් පිපිරීමක්  👤1105

2017-02-23 20:23:33

පකිස්තානයේ දෙවෙනි නගරය ලෙස සැළකෙන ලාහෝර්හිදී සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් හත්දෙනෙකු මරුමුවට පත්වී තවත් පිරිසකට තුවාල සිදුවිය.

පකිස්ථානය නළ දරුවන්ට ඉඩ දෙයි  👤1426

2017-02-23 18:25:40

පකිස්ථානය යනු මුස්ලිම් ෂරියා නීතිය තදින්ම ක්‍රියාත්මක වන රටකි. එරටේ නිතිය අනුව නළ දරුවන්, ගබ්සා කිරීම් වැනි ක්‍රියාකාරකම් ආගම් විරෝධී සහ නීති විරෝධී වේ. නමුත් දරුවන් නොමැති විවාහකයන් වෙනුවෙන් මෙම නළ දරු උපත් තහනම යම් තරමක් ළිහිල් කිරීමට පකිස්ථානු ෂරියා අධිකරණ දෙකක් තීරණය කර තිබෙන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.

කිම් ජොන් නාම් ඝාතනය, තානාපති නිලධාරියෙකු ගැන සැකයක්  👤1494

2017-02-23 16:41:01

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සහෝදර කිම් ජොන් නාම් මරාදැමීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස උතුරු කොරියානු තානාපති නිලධාරියෙකු නම් කර තිබේ.

හොංකොං හිටපු නායකයාට සිර දඬුවම්  👤1438

2017-02-23 13:24:21

විෂමාචාර චෝදනාවකට වරදකරු වූ, හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජංට මාස විස්සක සිර දඬුවමක් නියම වෙයි.

2016 භීතියේ සහ වෛරයේ වසරක් - ඇම්නෙස්ටි ජාත්‍යන්තරය  👤1471

2017-02-23 10:37:25

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ,තුර්කි, හංගේරියානු සහ පිලිපීන නායකයන් හෙලාදකිනු ලැබ ඇත.

ලිබියාවේ බෝට්ටු අනතුරකින් 74 ක් මරුට  👤1174

2017-02-22 13:04:42

බටහිර ලිබියාවේ වෙරළ තිරයේ දී සිදු වූ බෝට්ටු අනතුරකින් මිනිසුන් 74 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ. 

ඇමෙරිකානු දුත පිරිසක් ශ්‍රී ලංකා සංචාරයක  👤1433

2017-02-21 12:43:46

ඇමෙරිකාවට අයත් ගුවන් යානයකින් ඊයේ (20) රාත්‍රියේ 16 දෙනෙකුගෙන් යුත් ඇමෙරිකානු විශේෂ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමින ඇතැයි වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ වෙළද මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි  👤1773

2017-02-21 10:02:03

ඕස්ට්‍ර්ලියාවේ මෙල්බන් නගරයේ වෙළද මධ්‍යස්ථානයකට අද (21) දින උදැසන සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්