නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

සීනි 20කින් නඟී  

2018-09-19 06:17:49

ආනයනික සීනි කිලෝ එකක බද්ද රුපියල් 11කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය ඊයේ (18දා) තීරණය කොට ඇත.

ආනයනික රෙදි පිළි මත වූ වැට් බද්ද සියයට 5% දක්වා අඩු කෙරේ.  

2018-09-18 16:30:23

රෙදි පිළි කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ වැට් බද්ද සියයට 5% දක්වා අඩු කෙරේ.

රුපියල තවත් බාල්දු වෙයි  

2018-09-18 15:33:34

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 166 ඉක්මවා ගියේය.

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්  

2018-09-18 13:08:50

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර ඇත. පොලිස්පතිවරයාගේ  සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරිය අද (18) පෙරවරු 6.00ට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

කෝපායි ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට 51 වන සේනාංකයේ භට පිරිස් විසින් ජල ව්‍යාපෘතියක්  

2018-09-18 10:15:26

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත 511 වන බලසේනාවට අයත් 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරි තුමන්ගේ උපදෙස් මත පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් කෝපායි ප්‍රදේශයේ ජනතාවට බවුසර් යොදාගනීමින් පානීය ජලය බෙදාහැරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

හැටන් පැති වීදිය නවීකරණයට  

2018-09-18 08:23:52

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයට අයත් හැටන් පැති වීදිය නවීකරණය කිරීමේ කටයුතු හැටන් දික්ඔය නගර සභාව මඟින් ආරම්භ කර ඇත.

මෙදේරිපිටිය - පිටදෙණිය පාලමේ අත්වැල හදා දෙන්නැයි ඉල්ලීමක්  

2018-09-18 06:18:04

පසුගිය වසරේ මැයි මස ප්‍රදේශයට බලපෑ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ මෙදේරිපිටිය - පිටදෙණිය පාලමේ අත්වැල වසර එකහමාරක් ගතවී ඇතත් පිළිසකර කර නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. සිංහරාජ වනාන්තරය නැරැඹීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් මෙන්ම ගම්වාසීන් මෙම පාලම පිටදෙණිය, ලංකාගම ප්‍රදේශ සඳහා ගමන් කිරීමට භාවිත කරති.

මාතලේ තක්කාලි ගොවියාට යන එන මං නෑ  

2018-09-18 06:12:55

 අලෙවි ගැටලුවට මැදිව මේ දිනවල මාතලේ තක්කාලි ගොවීහු අසරණව සිටිති. තක්කාලි කිලෝවේ ගැනුම් මිල රුපියල් 10ක් දක්වා පහත වැටීමත් සමඟ අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් නිෂ්පාදන වියදම හෝ උපයා ගැනීමට නොහැකි වීම මීට හේතු වී තිබේ.

ගුණාත්මක බවින් යුත් ආහාරයට ගන්නා පොල් තෙල් මහජනතාවට ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගැනේ  

2018-09-17 16:25:34

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ වෙළඳ පොලේ පවතින ප්‍රමිතියෙන් තොර ආහාරයට ගන්නා පොල් තෙල් ඇතුළු ආහාර පිසීම සඳහා යොදා ගන්නා සියලුම තෙල් වර්ග වෙළඳ පොළට නිකුත් කිරීමේදී ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලේබලයක් ඇසුරුමෙහි දක්වා තිබීම අත්‍යවශ්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවාය.

ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්   

2018-09-17 15:37:08

මිහිතලයේත්, ජීවින්ගේත් පැවැත්ම තහවුරු කිරීම සඳහා සොබාදහම විසින් කරන ලද අපූරු නිර්මාණයක් වන ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව කොළඹ දී  

2018-09-17 14:05:59

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව(EvalColombo2018) අද (17) කොළඹ දී ආරම්භ වෙයි.

ප්‍රතිසංස්කරණයෙන් පසු රත්නපුර සමන් දේවාලය සැප්තැම්බර් 20 දා ජනතා අයිතියට  

2018-09-17 13:12:29

රත්නපුර සමන් දේවාලය ප්‍රතිසංස්කරණයෙන් පසු එළැඹෙන සැප්තැම්බර් 20 දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

නාවික හමුදාව කිරින්ඳ මුහුදේ දී අණතුරටපත් වු ධීවරයින් පිරිසක් බේරාගනී  

2018-09-17 10:22:40

දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවක් මඟින් ඊයේ (සැප්තැම්බර් 16) දින කිරින්ඳ ධීවර වරායේ සිට නාවික සැතපුම් 26 ක් ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

"සිරනොවූ සිතුවම්" චිත්‍ර ප්‍රදර්ශනය ඇරැඹෙයි   

2018-09-17 10:05:27

කුමුදු උපුල් ශාන්ත

ඡායාරූප - දුමිඳු වනිගසේකර


චිත්‍රකලා හැකියාව ඇති රැඳවියන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් ඇතුළත් "සිරනොවූ සිතුවම්" චිත්‍ර ප්‍රදර්ශනයක් ඊයේ (16දා) පස්වරුවේදී කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලීය ජේ.ඒ.ඩී. පෙරේරා කලාගාරයේදී විවෘත කෙරිණි.

වෙරළ පවිත්‍රතා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් දඩල්ලේදී  

2018-09-17 09:12:30

මාපලගම -
රසික සෙනවිරත්න, ඉමදුව - ටී. විතානවසම්


වෙරළ පවිත්‍රතා දින සැමරුම් ජාතික උත්සවය ඊයේ (16දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දඩල්ල වෙරළ තීරයේදී පැවැත්විණි.
ගාල්ලේ දඩල්ල වෙරළ තීරයට ඊයේ (16දා) දහවල් පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙරළ පවිත්‍රතා ජාතික දින සැමරුමට එක්විණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon