නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

දිස්ත්‍රික්ක අටක ඩෙංගු මර්දන වැඩසටහනක් අද සහ හෙට  

2018-07-12 09:05:18

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින විශේෂ වැඩසටහනක් අද (12) සහ හෙට (13)  ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

බදුල්ලේ 'කැට හොරු' වැඩිවෙයි  

2018-07-12 07:33:27

මීගහකිවුල - රුවන් කුමාර

යටිතල පහසුකම් නැතිකමින් මාදිපොළ බෝමේරුව වත්තේ පවුල් 35ක් දුකසේ බලධාරීන්ට කීවා: ඒත් ප්‍රතිචාරයක් නෑ  

2018-07-12 06:17:31

යටිතල පහසුකම් නැතිකමින් මාදිපොළ බෝමේරුව වත්තේ පවුල් 35ක් දුකසේ බලධාරීන්ට කීවා: ඒත් ප්‍රතිචාරයක් නෑ

ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම නිසා වාහන ගමනා ගමනය අත්හිටුවයි  

2018-07-11 16:21:00

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම සහ මාර්ගයට ගලක් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද(11) සිට තාවකාලිකව නතර කළ බව හැටන් පොලීසිය පවසයි.

විධායක නිලධාරීහු ලෝටස් පාර වසති  

2018-07-11 13:48:07

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලොටස් පාර වසා දමා ඇත.

මත්ද්‍රව්‍ය මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල  

2018-07-11 12:48:24

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස වන යෝජනාව අමත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සිංහරාජයේ සද්ධන්තයින්ට රැඳවුම් මධ්‍යස්ථානයක්  

2018-07-11 10:48:18

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.

යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්  

2018-07-11 10:37:23

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.

ලෝක ජනගහන දිනය අදයි  

2018-07-11 10:06:29

ලෝක ජනගහන දිනය අද (11)ට යෙදී ඇති අතර දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනය හා ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ කරුණු පිළිබඳ මෙවර අවධානය යොමු කෙරෙනු ඇත.

කෝමාරික ගොවි ජනපදයට පාරක් නැතිව විඳින දුකක්  

2018-07-11 06:55:09

කෝමාරික ගොවි ජනපදයේ ප්‍රධානතම හා එකම සැපයුම් මාර්ගය වන මීගහකිවුල-අතුරුඇළ ප්‍රධාන මාර්ගය දැඩි සේ අබලන්ව ඇතැයි එම මාර්ගය පරිහරණය කරන්නෝ පවසති.

පදවි ශ්‍රී පුර යාය 10 හරහා දිවෙන පාර වසර ගණනාවකින් පිළිසකර කර නෑ  

2018-07-11 06:53:25

පදවිය හා ශ්‍රී පුර යාය 10 හරහා ගමන් කරන ප්‍රධාන මාර්ග දැඩි ලෙස අබලන්ව ඇත. මේ වන විට පා ගමනින්වත් ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. සංවර්ධන කමිටු කිහිපයකටම යෝජනා ඉදිරිපත් කර ඇතත් බලධාරීන් තවමත් ඉදිකිරීම් කර නැතැයි ප්‍රදේශවාසීන් පවසයි.

අවසන් නවාතැන වෙනුවෙන් කුට්ටිගල ජනතාව නිහඬ විරෝධතාවක  

2018-07-11 06:52:05

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුට්ටිගල තෝරගල පොදු සුසාන භූමියේ කොටස් කාලයක සිට එයට යාබදව ජීවත් වන පිරිස් විසින් අත්පත් කරගෙන තිබේ. ඒ අයුරින් වෙන්කරගෙන ඇති භූමිය නැවත තමන්ගේ ප්‍රයෝජනය සඳහා පවරා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින් 9දා ප්‍රදේශවාසීන් පිරිසක් සුසාන භූමිය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.

වැරැදි 33ක දඩ 50% දක්වා නඟී  

2018-07-11 06:22:12

මෝටර් රථවාහන සම්බන්ධයෙන් වූ වැරැදි 33කට අය කෙරෙන ස්ථානීය දඩ මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 30 _ 50ත් අතර ප්‍රතිශතයකින් ඉහළ නංවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මංගල වැඩිකළ අර්ජුන අඩුකළ තෙල්මිල යළි වැඩිවෙයි  

2018-07-11 06:02:52

චාමර අමරසූරිය

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්රල් හා ඩීසල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ධාවනය වෙමින් තිබූ බසයේ රෝදයක් ගැලවී විසිවෙයි  

2018-07-10 17:16:25

පාසල් දරුවන් ඇතුළු 80කට ආසන්න මගී පිරිසක් නංවාගෙන බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක් අද (10) මීගහකිවුල 15 කණූව ප්‍රදේශයේ දී හිටිහැටියේම ගැලවී ඉවතට විසිවීමෙන් සිදුවීමට ගිය අනතුරක් වැළකී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon