නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

අනිද්දා සිට වෛද්‍යවරු යලිත් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි  

2017-07-03 13:41:43

සයිටම් ප්‍රශ්නය විසඳීමට මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගැනීමට රජය අෆොසත් වි ඇති බව පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යලිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නව විදුලි ජනන සැලැස්මට සංශෝධන ඉදිරිපත් කරන්නැයි කොමිසම ලංවිමට දන්වයි  

2017-07-03 12:04:00

ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමතය සඳහා ඉදිරිපත් කළ නව විදුලි ජනන සැලැස්ම සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලෙස එම කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.

රාජ්‍ය සේවකයන්ට 'ඇඟිලි ගැසීම' අද සිට අනිවාර්ය වෙයි  

2017-07-03 10:31:22

රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම හා පිටවීම සනාථ කළ හැකි පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම පසුගිය 01 වැනිදා සිට අනිවාර්ය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය හා සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ලබාදුන් උපදෙස් අනුව අද (3දා) සිට ක්‍රියාත්මක වෙනු ඇත.

කමිටුවේ විසඳුම් අද නොලැබුණොත් හෙට බරපතළ වේවි  

2017-07-03 09:02:46

උමා ඔය විනාශය සම්බන්ධව කැබිනට් අනු කමිටුවේදී නිසි විසඳුමක් අද (03දා) නොලැබුණොත් හෙට සිට ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග වඩාත් බරපතළ වනු ඇතැයි උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ජවිපෙ පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න ආණ්ඩුවට අනතුරු අඟවයි.

පොලිසියේ විවිධ අංශවල පුරප්පාඩු 16,000ක්  

2017-07-02 13:04:18

ශ්‍රී ලංකා පොලිසියේ විවිධ අංශවල පුරප්පාඩු 16,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දෙවන වාර්තාව පෙන්වා දෙයි.
මෙය සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට 16කි. අභ්‍යන්තර විගණන අංශයේ සියයට 64ක පුරප්පාඩු එසේ පැවැතීම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු පවත්වාගෙන යෑමට බාධාවක් නොවන්නේ දැයි කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බව ද වාර්තාව පවසයි.

දූෂණ මර්දන ලේකම් කාර්යාල කාලය ඉවරයි  

2017-07-02 09:21:08

තවංචා දූෂණ වැළැක්වීමේ අරමුණින් යහපාලන රජය පිහිටු වූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය පෙරේදා (30දා) දිනෙන් අවසන් විය.

නුවරඑළිය දිස්ත්‍රික් රැකියා පොළ හෙට සිට  

2017-06-30 14:52:37

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරැණියන්ට රැකියා අවස්ථා හඳුන්වා දීම අරමුණු කරගනිමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් රැකියා පොළ ජුලි 01දා පෙ.ව 9.00 සිට 2.00 දක්වා නුවරඑළිය සිනිසිටා ශාලාවේ දී පැවැත්වේ.

වාහන දඩ ගෙවන්න සතියක සහන කාලයක්  

2017-06-30 13:26:41

තැපැල් වර්ජනය හේතුවෙන් වාහන දඩ පත්‍රිකා ගෙවීමට සතියක සහන කාලයක් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
නඩු පැවරීම් සඳහන් දිනයට සතියක සහන කාලයක් මෙලෙස ලබාදී ඇත.

හොර නෝට්ටු හොරු වැහි වැහැලා  

2017-06-30 12:08:01

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ රුපියල් තිස්අට ලක්ෂ අනූහතර දහස් හයසීයක් (38,94,600) වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට එන්නතක් දෙන්න යයි  

2017-06-30 11:46:42

කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

විභාග දෙකක අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ  

2017-06-30 10:24:21

තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සිදු කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් විභාග කිහිපයක අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

විසඳුමක් නොදුන්නොත් දිගටම වර්ජනය කරනවා  

2017-06-30 10:13:29

බලධාරීන් තම සංගමය සමඟ සාකච්ඡා කර සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදෙන්නේ නම්, කෙටි දැනුම්දීමකින් දීපව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍ය පීඨ 4ක ආචාර්යවරු රතු එළි දල්වති  

2017-06-30 09:01:27

සයිටම් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ හතරක ආචාර්යවරු ඊයේ (29දා) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.

උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානීය කඩිනමින් විසඳනවා - ව්‍යාපෘති අධ්‍යක්ෂ  

2017-06-29 14:09:09

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය අවම කරමින් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගන්නා බව උමා ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.

වෛද්‍ය පීඨ ආචාර්යවරුත් අද වර්ජනයේ  

2017-06-29 09:46:32

මාස ගණනාවක් තිස්සේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි අර්බුදයට පත් කරමින් තිබෙන සයිටම් වෛද්‍ය උපාධි ප්‍රදානය කරන ආයතනයේ ගැටලුවලට සාධාරණ විසඳුමක් අපේක්ෂා කරමින් කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද (29දා) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්