නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

සිරුරට ගිනිතබාගත් කතක් මරුට  👤2088

2017-05-02 12:04:26

ඉමදූව, ඇල්ලලගොඩ ප්‍රදේශයේ කනතාවක් සිය දිවි හානි කර කරගෙන තිබේ.

දිවයිනේ බොහෝ පළාත්වලට අද සවස වැසි  👤2093

2017-05-02 11:13:14

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝල්ෆේස් ආ දෙදෙනෙක් අධික රස්නෙන් මරුට  👤2559

2017-05-02 09:22:48

ගාලුමුව‍ෙදාර පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට පැමිණි වයස අවුරුදු 60 සහ 80 යන වයස්වල පුද්ගලයන් දෙදෙනකු අධික උෂ්ණත්වය සහ තෙරපීම මත ඊයේ (01දා) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මාදැල් ධීවර කාර්මිකයන් ද සමඟින් ජාතික ධීවර මහා සම්මේලනය ශක්තිමත් කරනවා  👤1580

2017-04-30 14:48:32

සමස්ත රටේම මාදැල් ධීවර සමිති පිහිටුවීම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

ජාතික ධීවර මහා සම්මේලනය යටතේ මාදැල් සමිති සදහා නව පණක් ලබාදීම තම අරමුණ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

හෙද ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට උපදෙස්  👤1737

2017-04-30 10:13:43

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරුවීම් නියෝග සහ නව පත්වීම් මත අනුප්‍රාප්තිකයෙකු ලබාදෙන ලද හෙද හෙදියන් මැයි මස 01 වනදාට ප්‍රථම අදාළ ස්ථාන මාරුවීම් ලබාදුන් සේවා ස්ථානවලට මුදාහැරිමට පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී තීරණය කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

ඉදිරි දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි   👤1985

2017-04-30 08:39:41

ඉදිරි දිනවලදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලතැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඩොලර් මිලියන 103ක් වැය කරන ජල ව්‍යාපෘතිය අද ඇරැඹේ  👤2432

2017-04-28 11:03:57

පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා වන ජල ව්‍යාපෘතිය අද (28දා) ආරම්භ කෙරේ.

පාසල් වයසේ ළමයින් 1,400කට සමාජ රෝග  👤2894

2017-04-28 09:09:23

2016 වර්ෂයේ දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35,000ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් සියයට 4%ක් හෙවත් 1,400ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින් යැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ  👤1072

2017-04-27 14:16:47

කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ මැයි 15 වන දින දක්වා දීර්ඝ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

26 වන උදාගම අද පොලොන්නරුවේදී විවෘත කෙරේ  👤1269

2017-04-27 13:51:18

නව උදාගම් වැඩසටහන යටතේ ඉදිකෙරුණ 26 වැනි උදා ගම්මානය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ දී "සුන්දරමහාදේවිගම" ගම්මානය ලෙසින් අද (27)  පෙ.ව 10.00ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පැවරේ.

අද දිවයිනේ පළාත් කීපයකට 2න් පස්සේ වැසි  👤1374

2017-04-27 12:03:28

බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව  පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සිය කාලගුණ වාර්තාව මගින් සඳහන් කර සිටිනවා.

මහනුවර ගොහාගොඩ කසළ කන්දත් නාය යෑමේ අවදානමක  👤1563

2017-04-27 11:13:36

මහනුවර ගොහාගොඩ කසළ කන්දට තවදුරටත් කසළ දැමීම සිදු කළහොත් ප්‍රදේශය නාය යෑමේ අවදානමක් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ ජේ‍යෂ්ඨ භූ විද්‍යාඥ දිස්ත්‍රික් නිලධාරි නිමාලි වීරසිංහ මහත්මිය පවසයි.

ඉන්දියාවේ මිසයිලයක් නිසා ලංකාවේ ගුවන් ගමන් 16ක් වෙනස් වෙයි  👤1952

2017-04-27 09:03:46

ඉන්දියාව මිසයිලයක් අත්හදා බැලීම හේතුවෙන් එරට ගුවන් සීමා වසා දැමීමට සිදු වන හෙයින් අද (27)දා දින පියාසර කිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් ගමන් 16ක කාලසටහන් වෙනස් කර තිබේ.

දිවයින පුරා පාසල්වල ඩෙංගු මදුරු පරික්ෂාවට දින 2ක්  👤1415

2017-04-26 15:21:17

දෙවන පාසල් වාරය අද (26) ආරම්භ කිරීමෙන් පසු ඩෙංගු මදුරු මර්දනය සඳහා පවිත්‍රතා සිදු කර ඇති අයුරු පරීක්ෂාවට ලක්කර වාර්තාවක් ලබාදෙන මෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

අද කාලගුණ අනාවැකිය  👤1507

2017-04-26 13:18:51

දිවයිනේ උතුරු අර්ධය හරහා විටින් විට හමන ( පැ.කි.මී.40 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැක.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්