නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලිය  

2017-12-06 14:15:00

හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

9 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං අද සිට දින 5ක් කොළඹදී  

2017-12-05 12:42:49

91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය අද (5දා) සිට 9 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 164 දෙනෙක් සහභාගි විමට නියමිතය.

මැතිව්ස්-චන්දිමාල් එකතුවෙන් ලංකාව ගෞරවනීය තැනකට  

2017-12-05 10:04:31

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ (04දා) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 356ක් ලබා සිටියේය.

පොලිස් පිලට පළමු ජය අහිමි වෙයි  

2017-12-04 11:19:37

අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ තරග වර්ෂාවෙන් පැවැති බාධා මධ්‍යයේ නිමා වන විට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සහ මහනුවර ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර කොළඹ පොලිස් පාක්හිදී පසුගිය සිකුරාදා (1දා) පැවැති සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා-ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගය  

2017-11-28 09:58:05

පළමු ඉනිමේදී ඉන්දීය නායක විරාත් කෝලි ලබාගත් ලකුණු 213ට සමාන ලකුණු ප්‍රමාණයක් හෝ ලබාගැනීමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 166කට සීමා වීම හේතුවෙන් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ සිවුවැනි දිනයේදීම ඉනිමක හා ලකුණු 239ක අමිහිරි පරාජයක් අත්කරගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ ඉන්දියානු කණ්ඩායමක් ලැබූ ඉහළම ජයග්‍රහණය බවටද මෙය පත්විය.

පාසල් හොකී තරගාවලියට එනවා නම් 29 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න  

2017-11-24 14:11:53

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 14න් පහළ බාලක/බාලිකා පාසල් හොකී තරගාවලිය දෙසැම්බර් 8 වැනිදා සිට 10 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කාණ්ඩ තුනක් යටතේ ලීග් ක්‍රමයට මෙම තරගාවලිය පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගයෙන් පස්සේ අපි තවත් මුවහත් වෙලයි ඉන්නේ  

2017-11-24 10:30:08

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (24දා) නාග්පූර්හි විදර්බා ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ඇරැඹීමට නියමිතව ඇත්තේ දෙරට අතර පවත්වනු ලබන 43 වැනි ටෙස්ට් තරගය ලෙසිනි.

හතුරුසිංහට පුහුණුකරු තනතුර දීමට සූදානම්  

2017-11-23 13:17:31

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා චන්දික හතුරුසිංහ මහතා බඳවාගැනීමට ඇති හැකියාව සොයා බැලීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ තහවුරු කරන ලදී.

දික්වැල්ලගේ දඩබ්බරකමට මහේලගෙන් හා රසල්ගෙන් පුංචි තල්ලුවක්  

2017-11-22 13:21:23

බොහෝ දෙනා බොහොම උනන්දුවෙන් බලා සිටිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වුණා. ඒත් දැන් ආයෙත් සමහරු ඒ ගැන කතා කරන්න පටන් අරගෙන.

වෙනදාට වඩා වෙනස් දෙයක් අපි මෙවර ඉන්දියාවට පෙන්නුවා  

2017-11-22 11:21:59

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වූ අතර, මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමටද සමත් වී තිබිණි.

ලංකාව තවත් පරාජයකින් නූලෙන් බේරෙයි  

2017-11-21 11:01:38

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ කොල්කටා හිදී පැවැති පළමු තරගය ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමය පිළිගන්නවාද?  

2017-11-20 13:28:23

ශ්‍රී ලංකා වින්ටර් ස්පෝට්ස් නමින් පවත්වාගෙන යනු ලබන නව ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (එන්. ඕ. සී.) යටතේ නව ජාතික ක්‍රීඩා පරිපාලන සංගමයක් වශයෙන් ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක් කළද ඒ සම්බන්ධව ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා සහ ලේකම්වරයා මතයන් දෙකක සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

තරගය ලංකාවෙන් ගිලිහෙන ලකුණු  

2017-11-20 10:56:40

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම පන්දුවට පහර දෙන ඉන්දියානු කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 171ක් ලබා සිටියේ ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 294ට පිළිතුරු සපයමිනි.

‘X-30 Asia Cup’ ගෝ - කාර්ට් තරගාවලිය ජනවාරි 13-14  

2017-11-17 14:43:35

සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන 'X-30 Asia Cup' ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ. 'X-30 ගෝ-කාර්ට් තරගාවලියක් අග්නිදිග ආසියාවෙන් පිටත පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම ජාත්‍යන්තර තරග කාණ්ඩය තුළ ආසියාව සහ යුරෝපය නියෝජනය කරන ධාවන ශූරයන් 'X-30' ගෝ-කාර්ට් තරගාවලිය සඳහා එක් වෙති.

නිලුකා හා අරුණසිරි චීනයට  

2017-11-17 12:36:57

විචිත්‍ර වීරසිංහ

චීනයේ ඩොන්ගුවාන්හිදී පැවැත්වෙන 14 වැනි ආසියානු මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 26 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ මැරතන් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයකු වන නිලුකා ගීතානි රාජසේකර හා ධම්මික අරුණසිරි සහභාගි වෙයි. 2015 වසරේදී හොංකොං මැරතන් තරගාවලියට සහභාගි වෙමින් පැය 2යි විනාඩි 40.07ක කාලයක් සහිතව නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ නිලුකා එම වසරේදීම චීනයේ බීජිංහි පැවැති ලෝක මලල ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ 49 වැනි ස්ථානය දිනා ඇති අතර පසුගිය වසරේදී බ්‍රසීලයේදී පැවැති ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon