නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම්  

2017-09-24 11:51:23

සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරණ ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

දෙසැම්බර් 31ට කලින් නම් ලැයිස්තු දෙන්න  

2017-09-23 11:34:00

එළැඹෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සඳහා එජාපයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ නාම ලේඛන ලබන දෙසැම්බර් මස 31 දිනට පෙර සකස් කර අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නාම යෝජනා තේරීම් මණ්ඩලයට උපදෙස් දී තිබේ.

කෝප් කමිටුවට කරුණු වසං කළාට අර්ජුන්ට එරෙහිව නඩු දාන්න පුළුවන්  

2017-09-23 09:44:33

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබා දුන්නේ නම් තොරතුරු වසන් කිරීමේ වරදට ඔහුට එරෙහිව නඩු පැවැරිය හැකි බව කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ලලිත්ට අනූෂට ඇප  

2017-09-20 17:33:52

බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් අද(20) නියෝග කරනු ලැබුවා.

20 අද ගේනවා: අතුරුදන් කිරීමේ කෙටුම්පත නෑ  

2017-09-20 12:24:22

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව අද (20දා) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්දඋඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක පවසයි.

ජාතික සංහිඳියාව ගොඩනැගීම රජයේ ඉලක්කයයි  

2017-09-20 11:16:15

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනීම රජයේ ඉලක්කය බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සියලු රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

හෙට සහ අනිද්දා මැති සබයේ පැති මාරුවක් ඇතුළු ආන්දෝලනාත්මක වෙනසක්  

2017-09-19 15:44:17

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම යන පනත් කෙටුම්පත් දෙක හෙට (20දා) හා අනිද්දා (21දා) විවාද කළහොත් පාර්ලිමේන්තුවේ පැති මාරුවීම් ඇතුළු ආන්දෝලනාත්මක පෙරළි සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනපති එ.ජා ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට එක් වෙයි  

2017-09-19 11:29:15

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අද (19) නිව්යෝර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම කඩාකප්පල් කරන එක පාපකර්මයක්  

2017-09-19 09:54:55

සමහර මාධ්‍යන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම කඩාකප්පල් කිරීමට දරන උත්සාහය මහා පාපකර්මයක්" බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

බැඳුම්කර හොරුන්ට වහාම නීතියෙන් දඬුවම් දියයුතුයි  

2017-09-18 14:13:53

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඊට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීමට පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඕනෑම ඡන්දෙකට මම සූදානම්  

2017-09-16 11:36:13

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා හෝ ශේ‍ර්ෂ්ඨාධිකරණය හෝ නියෝග කළහොත්, ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන ඡන්ද විමසීම හා ජනමත විචාරණය පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'මව්බිම' ට පැවැසීය.
මේ ඡන්ද විමසීම් දෙකෙන් වඩා ප්‍රමුඛතාව දිය යුතු ඡන්දයට ප්‍රමුඛතාව දෙන බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලනිප මැති-ඇමැති පිරිසගෙන් 20 වැනිදාට තීන්දුවක්  

2017-09-16 10:01:32

 ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීම තීරණය කිරීමට එම කණ්ඩායම එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ඉරිදා 'මව්බිම'ට පැවැසීය.

20 වැනි සංශෝධනය සම්මත නොවුණොත් ඡන්ද විමසීමේ නිවේදනය ඔක්තෝබරයේ නිකුත් කරනවා  

2017-09-14 15:09:45

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඉදිරි දින විස්ස තුළ සම්මත නොවුණහොත් පළාත් සභා තුනක ඡන්ද විමසීම සඳහා වන නිවේදනය ඔක්තෝබර් 02 වැනිදා නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.එම ව්‍යවස්ථාසංශෝධනය පිළිබඳ

ධීවර වරාය ටිකත් පිටරටට බදු දෙන්න හදනවා  

2017-09-13 10:05:53

එකසිය හැටනව කෝටි විසිහත් ලක්ෂ පනස් තුන්දහස් නවසිය පනහක (169,27,53,950) සම්පූර්ණ තක්සේරු වටිනාකමින් යුත් මෙරට සියලු ධීවර වරායන් වසර 30කට විදේශ සමාගමකට පැවැරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් හෙළි කරයි.

අරුන්දික ප්‍රනාන්දුගේ අමාත්‍ය ධූරය ගැලවෙයි  

2017-09-12 17:10:56

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon