නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

වසර දහයක් ගතවෙද්දී Daddyගේ “ආලේ” එළියට  👤2000

2017-07-31 15:48:40

Daddyලට අවුරුදු දහයකුත් වෙලා නේද විරේෂ්?

ඔව්. අපිට දැන් අවුරුදු දහයයි. අපි 2007දී තමයි මස්සිනා song එකෙන් band එකක් විදියට එළියට එන්නේ.

සංවත්සර සැමැරුම වෙනුවෙන් අලුත් ප්‍රසංගයක් පවත්වන්න යනවා කියලත් ආරංචියි?

ඇත්තටම අවුරුදු දහයක් කියන්නේ ටිකක් දීර්ඝ ගමනක් නිසා අපි හිතුවා මේ පාර මොකක් හරි විශේෂයක් කරන්න ඕනෙ කියලා. මොකද අපි මේ වෙනකන් තනියෙන් එක ප්‍රසංගයක්වත් කරලා නැහැ. ඉතින් ඒ හින්දම තමයි අපි "ආලේ" කියලා අපේ අලුත්ම සින්දුවෙ නමින් ප්‍රසංගයක් කරන්න තීරණය කළේ.

ධර්ම යුද්ධයේ පොඩි දුව හදගැස්මට කතා කරයි  👤3233

2017-07-29 10:34:15

විනුමි සම්බන්ධ වුණු ධර්ම යුද්ධය දැන් තිරයට ඇවිත්?

ඔව්. හරිම ආදරෙන්, සතුටෙන් ගෙවපු දවස් කිහිපයක ප්‍රතිඵලය තමයි අද එළියට ඇවිත් තියෙන්නේ. ජැක්සන් මාමා, දිල්හානි නැන්දා, තිසුරි අක්කා, මම, වුණු මහන්සිය ධර්ම යුද්ධයෙන් දැක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ චිත්‍රපටය බලන කවුරු වුණත් අඬන්නේ නැතුව චිත්‍රපට ශාලාවෙන් එළියට යන්නේ නැති වෙයි. පවුලක තියෙන බැඳීම හරි ලස්සනට මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරලා තියෙනවා.

දැන් තියෙන ගොසිප් නිසා ආදර සම්බන්ධයක් පටන් ගන්නත් බෑ  👤3002

2017-07-28 16:28:28

රිතූ ගොඩක් කාර්යබහුලයි වගේ..?

ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. මම සම්බන්ධ වෙන සසර සේයා සහ තුරුම්පු ආසියා කියන ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඊට අමතරව "තුත්තිරි" සහ "චුට්ටේ" කියන ටෙලි නාට්‍ය දෙකටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

සංගීත අධ්‍යක්ෂණයෙදි නිමේෂ්ගේ සුපිරි ඉනිම දෙවැනි ඉනිමද?  👤2057

2017-07-27 16:17:30

මේ දවස්වල කාගේත් කතා බහට ලක්වන ටෙලිනාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. පසුගිය දවසක මේ ටෙලිනාට්‍යයෙන් කරළියට ආපු "නිදිනේනා" ගීතය ඇතුළු ගීත කිහිපයක් එක්ක එහි ජනප්‍රියත්වය තවත් වැඩි වුණා. ඒ අපූරු ගීත සංගිතවත් කළ දෙවෙනි ඉනිමෙහි සංගීත අධ්‍යක්ෂවරයා වන නිමේෂ් කුලසිංහ 'හදගැස්ම' සමඟ කතාබහට එක් වුණේ මේ විදියටයි.

දරපාන් මාමට පෙම්වතියක් මුණගැහිලා  👤1661

2017-07-26 18:26:11

අසනීපයෙන් හිටියා කියල ආරංචියි. ඇත්තටම මොකද වුණේ ප්‍රදීප්ට?

ආරංචිය හරි. මම ඩෙංගු හැදිලා දවස් හතක් විතර රෝහල්ගත වෙලා හිටියා.

අපිව ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්නයි සමහරුන්ට ඕන වුණේ  👤2457

2017-07-24 16:08:51

ගයාන් කාර්යබහුලයි වගේ..?

ඔව්. කාලයක් මට වැඩවලට ආරාධනා ලැබුණෙත් අඩුවෙන්. මේ දවස්වල මට හොඳ වැඩ කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. "නිසල අරණ, පත්තිනි, කවුරුන්ද නුඹ මගේ, රතු පිච්ච" කියන ටෙලි නාට්‍ය හතරෙන්ම මාව පේන්න ඉන්නවා. ඒ වැඩත් එක්ක තමයි මම කාර්යබහුල වෙලා ඉන්නේ.

හර්ෂණයි වොල්ගයි ව්‍යාපාරයකට අතගහලා  👤2812

2017-07-20 16:01:58

හර්ෂණයි වොල්ගයි එකතුවෙලා අලුත් වැඩකට අත ගැහුවානේ. මුලින්ම ඒ ගැන කියමු?

මමයි වොල්ගයි එකතු වෙලා අලුතින් Music Video Production එකක් පටන් ගත්තා ඍධතචදපධ කියලා. මොකද මට මේ සම්බන්ධයෙන් හුඟාක් අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක්ක මට මේ ව්‍යාපාරය හුඟාක් හොඳට කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා. අපෙන් මියුසික් වීඩියෝවක් කරගන්න අවශ්‍ය අයට අපි හොඳ සේවාවක් සපයන්න බලාපොරොත්තු වෙනවා.

මේ අත්දැකීම විඳලා නෑ ඒත් විඳින්න කැමැතියි  👤3442

2017-07-19 16:37:59

අත්දැකීමක් නොවුණත් සමහර දේවල් ජීවිතයට දැනෙන්න පුළුවන් කියලා හිතුණේ දුක හාදු දෙන රැයේ ගීතය නිසා. පුදුම විදියට මට මේ ගීතය දැනුණා. මෙහි පද රචකයා වුණේ වසන්ත බණ්ඩාර දිසානායක. ගායනය කරන්නේ මම කැමැතිම ගායකයා වන ගුණදාස කපුගේ මහත්මයා. මේ ගීතය මම කැමැතිම ගීතය වුණේ අද ඊයේ නෙවෙයි. මට මතක කාලේ ඉඳලමයි. එය හිතේ තැන්පත් වෙලා තියෙන්නේ.

ගායනයට එන්නයි නිනෝගේ සූදානම  👤2010

2017-07-18 16:24:12

කාලයකට පස්සේ "නිනෝ ලයිව්" එක්ක නිනෝ එළියට ඇවිත්?

ඔව්. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරකට පස්සේ කරපු නිර්මාණයක් තමයි නිනෝ ලයිව් කියන්නේ. කාලයක් ගියා චිත්‍රපටය එළියට එන්නත්. නිනෝ ලයිව් චිත්‍රපටය කරන්න කලින් 'මචං' 'ආකාස කුසුම්' කියන චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වුණා.

සමහර දේවල් අහිමි වුණේ හොඳට  👤3192

2017-07-17 15:20:33

• රුක්‍ෂාණා මේ දවස්වල පුංචි තිරයේ වැඩිපුර පේන්න අරගෙනනේ?

ඔව්. මම සම්බන්ධ වෙන සසර සේයා, මෙඩි සිනා, ලව් යූ බොස්, විමංසා, තුරුම්පු ආසියා කියන ටෙලි නාට්‍ය පහම මේ දවස්වල විකාශය වෙනවා. ඒකයි මාව වැඩිපුර පේනවා වගේ දැනෙනවා ඇත්තේ.

තරු හැඩ වෙන හැටි  👤2591

2017-07-14 16:16:49

හැම ගැහැනියක්ම බැලිය යුතුයි

ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබාදුන් 28 චිත්‍රපටය මේ දිනවල තිරගත වනවා. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු නිසා අපි සියලු දෙනාම කාර්යබහුලයි. මම හිතන්නේ මේ චිත්‍රපටය සෑම ගැහැනු කෙනෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් කියලයි.

මුතූ මේ සැරේ ළං වුණේ කාටද?  👤2915

2017-07-13 16:23:30

මියුසික් වීඩියෝවක් කරන්න ඇයි මෙච්චර කල් ගත්තේ?

අද නිර්මාණය වන බොහෝ ගීත කුණු ගොඩවල්  👤1437

2017-07-12 16:00:14

ඉන්ද්‍රජිත් ‍ෙදාලමුල්ලගෙන් අලුත් නිර්මාණ රසිකයන්ට ඉදිරියේදී අහන්න ලැබෙයිද?

මම මේ වෙනකොට අලුත් නිර්මාණ විස්සක් විතර කරලා තිබෙනවා. දෙසැම්බර් මාසෙ අලුත් ඇල්බම් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. දුෂාන් ජයතිලක, ඩෙන්සිල් නුගේගොඩ, එස්.එස්. සේරම් යන ශිල්පීන් ඒ වෙනුවෙන් මට ගොඩක් උදවු කළා. 'හිමිවීමම ආදරය නොවේ' 'පින්තාරුවක් සේ', 'කියන්න රහසින් ළංවීලා' වගේ ලස්සන සින්දු ටිකක් ඒ ඇල්බම් එකට ඇතුළත් වෙනවා.

වේදිකාවේ ඉඳන් ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා  👤3427

2017-07-10 15:28:19

හංග හංග හිටපු පෙම් කතාව හැමෝම දැන ගත්තා නේද?

ඔව්නේ. අපේ ආදරේ එළිවුණා

හොඳම සම්මානයත් එක්ක පුබුදුගේ ආදර සම්මානයත් එළියට  👤2133

2017-07-09 16:01:54

රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය දැන් පුබුදුගේ අතේ. ඒ ගැන සතුටෙන්ද ආඩම්බරයෙන්ද ඉන්නේ?

සම්මානයක් කියන දේ මම සලකන්නේ ආභරණයක් විදියට නෙවෙයි. ආවරණයක් විදියට. කටුකොහොල්වලින් පිරිච්ච මාවතක යන අපිට සම්මානයක් කියන්නේ ක්‍ෂේම භූමියක් වගේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්