නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

චැනලින් අත්හැර බයිසිකල් රේස් පදින මීගමුවේ ‍ෙදාස්තර මහතා  👤817

2017-08-05 10:24:12

මෙරට ජනප්‍රියම ක්‍රීඩාව බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්වී ඇති නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලොල් බවක් දක්වන රසිකයන්ව අප හඳුන්වන්නේ ක්‍රිකට් උණක් ඇති පුද්ගලයන් ලෙසයි. ඒ උණ නිසාම ක්‍රීඩාවෙන් ඉහළට ගිය අය ගැනත් ඕනෑ තරම් අසා දැක තිබෙනවා. එහෙත් මේ කියන්නට යන කතාවේ සඳහන් වෙන්නේ ක්‍රිකට් උණක් ගැන නෙවෙයි. පාපැදි උණක් ගැනයි. අනෙක මේ උණ වැලඳිලා තියෙන්නේ සාමාන්‍ය මිනිසකුට නොව ලොව ඉහළම ගණයේ වෘත්තියක යෙදෙන මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරයකුට (ර්ණීපචත } ර්චයඪතතධ ජ්චජඪචත ඉභපඨඥධද) වීමත් විශේෂත්වයක්.

දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ජය ලබන්න චන්දිමාල්ගේ පිරිස අද එස්.එස්.සී. පිටියට  👤2223

2017-08-03 09:36:14

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (03දා) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙරට අතර පවත්වනු ලබන 39 වැනි ටෙස්ට් තරගය ලෙසිනි.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවෙන් සිවු දෙනෙක් තරග බිමට  👤1848

2017-08-02 09:24:55

එළැඹෙන 4 වැනිදා සිට 13 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගි වන සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනකු මේ වනවිට ලන්ඩන් නුවර බලා පිටත්ව ඇති අතර, ඇමෙරිකාවේ සිටින හිරුණි විජේරත්න හා එංගලන්තයේ වෙසෙන ඉන්ද්‍රජිත් කුරේ අද (02දා) ශ්‍රී ලංකා පිල සමඟ එක්වීමට නියමිතය.

චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට එන ලකුණු  👤1718

2017-08-01 09:40:42

සංචාරක ඉන්දියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අනිද්දා (3දා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම සඳහා යළි පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නායකත්වය නවීන්ට  👤2029

2017-07-31 12:01:19

විචිත්‍ර වීරසිංහ

අගෝස්තු 4 හා 5 වැනිදා හොංකොංහි පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නවීන් හේනකංකානම්ගේට හිමිව තිබේ.

13 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලිය 15න් පහළ රන් පදක්කම කුලීෂට  👤2061

2017-07-31 10:15:22

ඉෂාන් රශ්මිත

මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ කුලීෂ සාරනාත් නානායක්කාර (ඒ.ජී.එම්.) චීනයේ චැංගින් නගරයේ පැවැති 13 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස අවුරුදු 15න් පහළ බාලක රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. කුලීෂ සාරනාත් නානායක්කාර මෙම තරගාවලියේ තම ඉසව්වේදී ක්‍රීඩකයන් 24 දෙනකු අතුරින් තරග වට 9කදී ලකුණු 7.5ක් හිමිකර ගනිමින් අපරාජිතව රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. 

ඉන්දියාව පළමු ඉනිමෙන් ලකුණු 446ක් ඉදිරියෙන්  👤1733

2017-07-28 08:11:18

සිරිනාම රාජපක්‍ෂ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකා දඟ පන්දු බළඇණියට ගාල්ලේදී දැඩි ප්‍රහාරයක් ධවාන් දවා ගන්නට ගිය අසේල තරගාවලියෙන්ම දැවී යයි  👤1476

2017-07-27 08:44:11

ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට ඊයේ ගාල්ලේදී සමත් වීමත් ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව (253) වාර්තා කරන්නට ශිකර් ධවාන් සහ චෙටිශ්වර් පුජාරා සමත් වීමත් හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට ඉන්්දීය කණ්ඩායම කඩුලු 3කට ලකුණු 399ක් ලබා සිටියේය.

ක්‍රිකට් ලොව දඟ පන්දු රජුන් තිදෙනා අද ගාලු කොටු පවුර අබියස සටනට  👤2332

2017-07-26 09:36:57

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන ප්‍රථම ටෙස්ට් තරගය දෙරට අතර පැවැත්වෙන 39 වැනි ටෙස්ට් තරගය ලෙස සටහන් වන අතර මෙම කණ්ඩායම් දෙක අතර මෙහි පැවැත්වෙන 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙසද වාර්තාවේ.

සාමාජිකයන්ට කෙළින් යන්නට කියමින් ජාතික ඔලිම්පික් කමිටුව ඇදේට යයි  👤1721

2017-07-25 10:55:49

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයටද බාලගිරි දෝෂය වැලඳී ඇති අතර, එම ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) නිලවරණය කල්යෑමට ප්‍රධාන හේතූන් ලෙස ඊට අදාළ අනුබද්ධිත සංගම්වල නිලවරණ ප්‍රමාදය බවට පෙන්වා දුන්නද එන්.ඕ.සී.යද ඔවුන්ගේ වාර්ෂික ගිණුම් වාර්තා පසුගිය 2014, 2015 හා 2016 යන වසර තුනට අදාළව විගණනය කර නොමැති බවද "මව්බිම"ට වාර්තා වේ.

ඇපෝජි හෝල්ඩින්ග්ස් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය  👤1874

2017-07-25 09:28:06

සිලෝන් නිවුස්පේපර්ස් ආයතනයේ සභාපති ටිරාන් අලස් මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් ඇපෝජි හෝල්ඩින්ග්ස් සුබසාධක කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩා සමාජය (Apogee Holdings Welfare and Recreation Club) විසින් සංවිධානය කරනු ලැබූ සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඇපෝජි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ සිලෝන් නිවුස් පේපර්ස් ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායම ශූරතාව දිනාගැනීමට සමත් විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල  👤2058

2017-07-24 08:43:50

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්ව තත්.23.38කදී අවසන් කරමින් දෙවැනි ස්ථානය හිමිකරගත් කයිල් අබේසිංහ බහමාස්හි ඊයේ (23දා) අවසන් වූ 6 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ ඔහු ලබාගත් දෙවැනි රිදී පදක්කම සටහන් කර ගැනීමට සමත් විය.

අංක එකේ කියල ආපු ඕස්ට්‍රේලියාවත් පරද්දපු අපිට ඉන්දියාවත් මෙල්ල කරගන්න පුළුවන් වේවි  👤1996

2017-07-21 08:32:31

ටෙස්ට් තරග තුනක්, එක්දින තරග 5ක් හා එක් විස්සයි-20 තරගයකට සහභාගිවීම සඳහා පසුගියදා ඉන්දීය කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, දෙරට අතර තරගාවලිය සම්බන්ධව ඉන්දීය පුහුණුකරු රවි ශාස්ත්‍රි, නායක විරාත් කෝලිගේ සහභාගීත්වයෙන් යුත් මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්විණි.

හේරත්ට උසස්වීමක්  👤2144

2017-07-20 08:39:47

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පසුගියදා කොළඹදී නිමාවූ ටෙස්ට් තරගයේදී ලකුණු 249කට කඩුලු 11ක් දවාලූ රංගන හේරත් ලොව ටෙස්ට් පන්දු යවන්නන් අතර දෙවැනි තැනට පත්ව සිටී.

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදා කඩුලු 4ක ජයක් ලබයි  👤2548

2017-07-19 08:14:26

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (391/6) ඩැහැගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ඊයේ (18දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අවසන් වූ එකම ටෙස්ට් තරගය කඩුලු 4කින් ජයගනිමින් ටෙස්ට් තරගාවලියද 1-0ක් ලෙස ජයගත්තේ ඔවුන්ට එරෙහිව ඇති ටෙස්ට් අපරාජිත බව රැක ගනිමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්