නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ආණ්ඩුවට එරෙහිව ජවිපෙ 23දා කොළඹට රොද බඳී  

2018-10-06 14:39:50

වත්මන් පාලනය යටතේ ජනතාව මත පටවා ඇති අධික බදු බර, භාණ්ඩ මිල ඉහළ දැමීම ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීම, කුණු කොල්ලයට රටේ ආයතන පැවැරීම යන ක්‍රියාමාර්ගවලට එරෙහිව සැබෑ විරෝධයක් එදින සිදුවන බව ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.

9 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව හිර වෙයිද ?  

2018-10-05 13:17:42

රට මුහුණදී තිබෙන බරපතළ කරුණු රැසක් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද කියා 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ  

2018-10-04 13:54:34

ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ජනතා අදහස් ලබා ගැනීම දැන් ආරම්භ කර ඇති අතර ඊට යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

ආණ්ඩුවේ ජන පීඩක ක්‍රියාවන්ට එරෙහි ජවිපෙ විරෝධතා රැලිය 23දා කොළඹදී  

2018-10-03 14:27:25

බදු බර, බඩු මිල ඇතුළු ආණ්ඩුවේ ජන පීඩක ක්‍රියාවලියන්ට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ දැවැන්ත විරෝධතා රැලිය මේ මස 23දා කොළඹදී පැවැත්වේ.

දිවංගත පීටර් කෙනමන්ගේ ගුණ සැමරේ  

2018-10-03 12:50:45

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයකු වු දිවංගත පීටර් කෙනමන් මහතා ගේ 101 වැනි ජන්මදින සැමරුම අද (3) කොළඹ මරදාන එල්ෆීනිස්ටන් රඟහල අසල පිහිටි පිළිරුව අභියස දී පැවැත්විණි.

අගමැති නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක  

2018-10-02 14:43:56

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා ඔක්තෝම්බර් 03 වන දා පිටත්ව යෑමට නියමිත ය.

රටේ දරු පරපුර රැක ගැනීම සියලුදෙනාගේ වගකීමක් බව ජනපති අවධාරණය කරයි  

2018-10-01 15:01:24

ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

මහනුවර වැඩ බලන දිසාපති ලෙස එල්. ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පත් කරයි  

2018-10-01 13:14:40

මහනුවර වැඩබලන දිසාපතිවරයා ලෙස එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (01) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන ලදී. මහනුවර දිසාපති ලෙස කටයුතු කළ එච්.එම්.පී. හිටිසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සදහා චන්ද්‍රිසිරි බණ්ඩාර මහතා වැඩබලන දිසාපතිවරයා ලෙස පත් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දෙවන ප්‍රාදේශීය මහා සමුළුව අම්පාරේ දී  

2018-10-01 12:16:51

ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහජීවනය තහවුරු කිරීම පිණිස සර්වආගමික නායකයන්ගේ උපදේශකත්වය සහ සර්වපාක්ෂික සහභාගීත්වයෙන් යුතුව ස්ථාපිත කෙරුණු පාර්ලිමේන්තු කමිටුව විසින් පවත්වනු ලබන දෙවන ප්‍රාදේශීය මහා සමුළුව"තිරසාර සහජීවනය උදෙසා ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම " යන්න තේමා කොට ගනිමින් ඔක්තෝම්බර් මස 01 අද දින අම්පාරේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත .

එජාප බල මණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතු ඔක්. 31දාට පෙර අවසන් කරන්න  

2018-09-30 14:25:15

2018 වසර සඳහා එජාප බල මණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතු ඔක්තෝබර් මස 31 වැනි දිනට පෙර අවසන් කරන ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලුම ආසන සංවිධායකයන්ට උපදෙස් දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ජනපති හමු වෙයි  

2018-09-29 13:31:11

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අතර හමුව ඊයේ(28) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 215 ක අගයක්- අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්  

2018-09-29 08:44:39

ශ්‍රී ලංකාවට විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නා බවත්, ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට පමණ සෞදි අරාබිය රැකියා ලබාදී තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකාවට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආධාර ලබා දී තිබෙන බවත්, එම ආධාර යටතේ රටේ ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක කර අවසන් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

දේශපාලන වශයෙන් පමණක් නොව අල්ලස,දූෂණය නැති කිරීමට තොරතුරු පනත ප්‍රයෝජනවත්-කතානායක  

2018-09-28 15:00:30

වාතය, හිරු එළිය, ජලය වගේම නිවැරදි තොරතුරු ලබා දීම සහ ලබා ගැනීමත් ජනජීවිතයට ඉතා වැදගත් කාරණයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගෙන් ශ‍්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්   

2018-09-27 13:13:47

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සැසිවාරයට සමගාමීව නිව්යොර්ක් පැලස්හි දී සංවිධානය කර තිබිණි.

ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනපති ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි  

2018-09-26 10:13:53

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon