නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

පුංචි ඡන්දය ජනවාරි 20-31 අතර  

2017-11-02 12:52:43

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා කැඳවීම 2017 දෙසැම්බර් 11 සිට 20 දක්වාත් පළාත් පාලන මැතිවරණය 2018 ජනවාරි 20 සිට 31 අතර පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ශ්‍රීලනිපය තුළ චන්ද්‍රිකාට තනි තීරණ ගන්න බෑ  

2017-11-02 10:48:13

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනි තීරණ ගන්නට නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.ඇමැතිවරයා එසේ කීවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපයත්, ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප කණ්ඩායමත් එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්ශ්වය අතර හෙට (03දා) පැවැත්වීමට නියමිත සාකච්ඡා නොපවත්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි ලෙස විරෝධය පළ කරන බවට ලැබෙන ආරංචිය ගැන මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙනවා  

2017-11-01 13:17:08

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට නම් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි.

දෙමළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ සිංහල බහුතරයක් සිටින දකුණේයි  

2017-11-01 12:27:48

බෞද්ධ දර්ශනය ඉන්දියාවෙන් ලෝකයට පිරිනැමුණු විශිෂ්ටතම පරිත්‍යාගය වන ඉන්දීය ජාතික ධජයෙහි ධර්මචක්‍රය සටහන් වීම අතිශය යෝග්‍ය දර්ශනයකි. අශෝක අධිරාජ්‍යයාගේ අගනුවර සංකේතය වූ සිංහ ලාංඡනය ඉන්දීය රාජ්‍ය ලාංඡනය වශයෙන් අනුගත වන අතර එය ධර්ම චක්‍රයෙන්ද විද්‍යමාන වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සමඟ මහින්ද හෙට සාකච්ඡාවක්  

2017-10-31 14:43:37

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් අතර සාකච්ඡාවක් හෙට (01දා) පස්වරුවේ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වේ.

මේ රට කැබලිවලට කඩා වෙන්කර සංහිඳියාව ඇති කරන්න බැහැ  

2017-10-31 12:52:03

මේ රට කැබලිවලට කඩා වෙන්කර රටේ සංහිඳියාව ඇති කළ නොහැකි බවත්, මේ රටේ සංහිඳියාවක් නැතිනම් වසර ගණනාවක් සියලු ජනකොටස් එක්ව ජීවත් වූයේ කෙසේදැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

මම කොහොමටත් අස්වෙන්නයි හිටියේ  

2017-10-31 09:48:24

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පෙරේදා (29දා) රාත්‍රියේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතාව එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
ඊට අදාළ ලිපියට ජනාධිපතිවරයා විසින් අස්සන් කර තිබෙන අතර "මව්බිම" මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා කියා සිටියේ මේ වනතුරුත් අදාළ ලිපිය තමාට නොලැබුණු බවයි.

හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ටත් ලිංගික අතවර චෝදනා  

2017-10-26 15:02:59

තමන්ට ලිංගික අපහාසයක් කළ බවට චෝදනා කරන නිළියකගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) සමාව ඉල්ලා තිබේ.

බලලෝභී පරාජිත බලවේග වියරු වැටිලා  

2017-10-26 12:01:09

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති "වියත් මඟ" නම් වූ උත්සව සභාවකදී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් "දේශද්‍රෝහීන්ට මරණය" යන ලේබලය ගසා එය කළ යුතු බවත් එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත් ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

ශ්‍රී ලනිප සියලු මන්ත්‍රින්ට මෛත්‍රිගෙන් කැඳවීමක්  

2017-10-24 15:48:13

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල සහ මෛත්‍රි පිල නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවැම්බර් මස 3 වැනිදා දහවල් 12.00ට ජනාධිපති නිල නිවෙසට කැඳවා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපති කටාර් සංචාරයක  

2017-10-24 10:03:11

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටාර් රාජ්‍යයෙහි සිවු දින නිල සංචාරයක් සඳහා අද (24දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.එම නිල සංචාරයේදී කටාර් රාජ්‍යයෙහි රජු ඇතුළු රාජ්‍ය නායකයන් පිරිසක් හමුවීමට නියමිතය.

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් අක්තපත්‍ර භාර දෙති  

2017-10-23 14:26:29

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

සංහිඳියාව ඇති කිරීමට බලය බෙදා වැඩක් නැහැ  

2017-10-23 11:18:44

ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ පොදු ප්‍රශ්නවලට විසඳුම් දීමෙන් මිස බලය බෙදීමෙන් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

පළාත්පාලන හා පළාත් සභා ඡන්ද ජනවාරියේ හා මාර්තුවේ පවත්වනවා  

2017-10-21 12:18:06

පළාත් පාලන මැතිවරණය එළැඹෙන ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදීත් ස්ථිරවම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා 'මව්බිම'ට කීය.

මෛත්‍රි - මහින්ද එක්වීම අඩාල වන ලකුණු  

2017-10-21 10:03:35

පළාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රි - මහින්ද එකතු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමට පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් විසින් ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක නොවන තත්ත්වයක් උද්ගතව තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon