නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ආණ්ඩුවට එරෙහි පොහොට්ටුවේ සටන මහින්ද හෙට අනුරපුරෙන් අරඹයි  

2017-11-11 14:32:10

"දූෂිත ආණ්ඩුවේ අසම්මත ගමනට එරෙහිව" යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රජරට මහා ජන රැලිය හෙට(12දා ඉරිදා) පස්වරු 3.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළාත් පාලන ඡන්දයට අදාල ගැසට් නිවේදනය නිකුත් වේ  

2017-11-11 12:45:58

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය (1) දා අත්සන් තබනු ලැබු අති විශේෂ ගැසට් නිවේදනය අද (11) නිකුත් කරන බව රජයේ වැඩබලන මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය රජයේ නිල වෙබ් අඩවියට පැවසුවාය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද ඇරඹේ  

2017-11-10 11:12:29

විසර්ජන පනත් කෙටුම්පත 2018, දෙවැනිවර කියවීමේ විවාදය අද (10) සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

මංගලගේ මංගල අයවැය කතාව අදයි  

2017-11-09 11:33:30

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.

සයිටම් අහෝසි කරනවා  

2017-11-09 10:16:34

සයිටම් ආයතනය අහෝසි කර එම ආයතනයට සිසුන් ඇතුළත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල සාකච්ඡාව අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සවස පැවැසීය.

අයිඕසී එක තෙල් ප්‍රශ්නයක් ඇති කළේ අර්ජුනව ඇමැති ධුරයෙන් පන්නන්න  

2017-11-07 12:42:33

අයිඕසී එක මැදිහත් වෙලා තිස් වැනිදා තෙල් නැවක් එනවා කිව්වා. විසිහත් වැනිදා කිව්වා එන්නේ නැහැ කියලා. දැන් එතකොට ප්‍රමාණවත් පරිදි තෙල් නැහැ. පෙට්‍රෝලියම් එකේ තෙල් නැව එන්නේ නව වැනිදා විතර. මොකක්ද අයිඕසී එක කළේ. තෙල් අර්බුදයක් හැදුවා. මොකක්ද අරමුණ. අර්ජුන රණතුංගව අර්බුදයට පත්කරලා විෂය භාර අමාත්‍ය ධුරයෙන් ඔහුට ඉල්ලා අස්වෙන්න වෙන වාතාවරණය හදන්න.

පුංචි ඡන්දයට බය නැහැ: අත ලකුණින් අපි ගම දිනනවා  

2017-11-07 11:15:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීම සඳහා කිසිදු බියකින් සැකයකින් තොරව මැතිවරණයට සූදානම් වී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පැවැසීය.

බාල තෙල් චෝදනාව ප්‍රතික්ෂේප කරනවා  

2017-11-06 13:51:17

2011 වසරේදී තමා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් සිටියදී බාල තෙල් ආනයනය කිරීමෙන් රටට අලාභයක් සිදු වූ බවට එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය පොහොට්ටුවෙන් තරග බිමට  

2017-11-06 12:02:36

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය "නෙළුම් පොහොට්ටුව" ලකුණ යටතේ ආණ්ඩු විරෝධී පුළුල් ජාතික සංවිධානයකින් තරග කරන බවත් එම ජාතික සංවිධානය රටට එළිදැක්වීම ළඟදීම සිදුකරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා "මව්බිම" පුවත්පතට ප්‍රකාශ කළේය.

ජවිපෙ අපේක්‍ෂකයන් ගැන හොඳට හොයන්න යයි  

2017-11-04 13:23:38

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආයතන මට්ටමින් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

සම්පන්දන්ගෙ ඉවසීමේ සීමාව පැනලා  

2017-11-04 12:31:20

ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

සීමා නිර්ණය සඳහා මහජන අදහස් ලබා ගැනීම නොවැ: 9දා සිට  

2017-11-03 12:53:35

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම නොවැම්බර් 9 සිට දෙසැම්බර් 8 දක්වා සිදු කිරීමට පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කමිටුව කටයුතු යොදා ඇත.

ඒකාබද්ධය නාවාට සාකච්ඡාව තියනවා  

2017-11-03 09:50:57

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම සහභාගි නොවුණද යොදා ගත් පරිදි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාව අද (03දා) පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ලෝක බෞද්ධ මහා සම්මේලනය ඇරඹේ  

2017-11-02 16:23:20

07 වැනි ලෝක බෞද්ධ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02)අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

ශ‍්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු අගමැතිගේ මහත් පැසසුමට  

2017-11-02 15:15:59

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ මහත් පැසසුමට ලක්වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon