නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

15 වන ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුව ඇරඹේ  

2018-06-11 13:11:33

15 වන ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

සෝමවීර සේනානායක අද දැයෙන් සමුගනී!  

2018-06-11 12:36:30

ප්‍රවීණ නවකතාකරුවකු, ජේ‍යෂ්ඨ පුවත්පත් කලාවේදියකු හා ටෙලිනාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
සති දෙකකට අධික කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසුවිය.

දියලගොඩ දුම්මලමෝදර පාලම කඩා වැටෙන අවදානමේ  

2018-06-11 11:03:33

බේරුවල - ඩී.එම්. ගුණසේන
අලුත්ගම - කේ.ඩී. පවුලිස්


ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල දියලගොඩ දුම්මලමෝදර පාලම දිරාපත්වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. පාලම යට සම්පූර්ණයෙන් දිරාපත්වී ඇත. හිටි හැටියේ පාලම කඩා වැටීමට ඇති ඉඩකඩ වැඩි බව ජනතාව පෙන්වා දෙති. මේ පාලම සම්බන්ධයෙන් අදහස් දක්වන මාපිටිය ශාන්ත මුතුකුඩආරච්චි මහතා කියා සිටියේ මම පාලම යටට ගියා. ඒ අවස්ථාවේ තමයි පාලම යට දැක්කේ. පාලම දැන් කඩා වැටෙයි කියලා මම බය වුණා. පාලම කඩා වැටෙන්න කලින් හැකි ඉක්මනින් වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය යොමු වේවා.

මව්බිම පුවත ඵල දරයි වේයන්ගොඩ බස්රථවලට යෑමට දමා ඇති යකඩ ආවරණය අලුත්වැඩියා කෙරේ  

2018-06-11 10:13:51

බෙම්මුල්ල - මධුෂාන් විජයරත්න


"වේයන්ගොඩ බස් නැවතුම්පොළ දිනෙන් දින අභාවයට" මැයින් මව්බිම පුවත්පතේ 2017 සැප්තැම්බර් මස 13 වැනි බදාදා දින පළ වූ ප්‍රවෘත්තිය ඵල දරමින් වේයන්ගොඩ බස් නැවතුම්පොළට ඇතුළු වන හා පිටවන ස්ථානයේ ඇති කානු හරහා බස්රථවලට ගමන් කිරීම සඳහා ඇති ශක්තිමත් යකඩ ආවරණය නැවත අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් කුරුණෑගල ප්‍රදේශයේ ඇතිවූ සුළි සූළං තත්ත්වයට මුහුණ දෙයි  

2018-06-10 13:16:28

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැවගෙදර, තිත්තවෙල සහ කලහෝගෙදර යන ප්‍රදේශයන් හී සෙනසුරාදා(09) දින උදෑසන ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු සෙසුනිලයින් 100 කට අධික පිරිසක් යොදවනු ලැබීය.

ධීවර ජනතාවට සහන මිලට සඳුදා සිට භූමිතෙල් - රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  

2018-06-10 12:11:40

ධිවර ජනතාව ඇතුළු අඩු අදායම්ලාභී ජනතාව මුහුණ දී සිටින අපහසුතාව සළකා ලබන සඳුදා සිට අඩු මිලට භූමිතෙල් ලබා දීමට රජය තීරණය කළ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

මාකඳුරේ මධූෂ්ගේ ගෝල බාලයින් 2ක් වෙඩි කා නසී  

2018-06-09 14:17:21

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

භූමිතෙල් මිල සඳුදා සිට අඩුවේ  

2018-06-09 11:47:23

භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ.

ෆින්ලන්ත තානාපති අගමැති හමුවෙයි  

2018-06-09 10:48:50

ශ්‍රී ලංකාවේ සිටින ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් ((Harri Kämäräinen) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

හේම නලින් අවසන් ගමන් යයි  

2018-06-08 16:31:31

දක්ෂ  වැඩසටහන්  නිෂ්පාදකයකු මෙන්ම  ප‍්‍රවීණ නිවේදකයකු  වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු  අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

නෙළුම් කුළුණේ විදුලි සෝපානයෙන් වැටී කම්කරුවෙක් මරුට  

2018-06-08 15:55:15

කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

දකුණේ උණ රෝගය ගැන සිසුන් හා දෙමව්පියන් දැනුම්වත් කිරීමට පාසල් රැස්වීම්  

2018-06-08 14:11:40

දකුණු පළාතේ පවතින උණ රෝගය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල දරු දැරියන් සහ දෙමව්පියන් දැනුම්වත් කිරීම සඳහා පාසල් රැස්වීම් පැවැත්වීමට මාතර දිසත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන ඇත.

විශ්වවිද්‍යාලවල අරාජිකත්වය නැතිකර විශ්වවිද්‍යාලවල ගුණාත්මභාවය වැඩි කළ යුතුයි  

2018-06-08 12:30:55

විශ්වවිද්‍යාල කඩකප්පල් කරන කණ්ඩයම් හා මුදල් ලබාදෙන කණ්ඩායම් සිටිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බලවේග ක්‍රියාත්මක වෙනවා.විශ්වවිද්‍යාලවල අරාජික තත්ත්වය නැතිකර විශ්වවිද්‍යාලවල ගුනාත්මකභාවය වැඩි කළ යුතු වෙනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සයිටම් විශ්වවිද්‍යාලයේ සිසුන් අන්තර්ග්‍රහණය කිරීමට සංශෝධන පනත් කෙටුම්පතක්  

2018-06-08 11:09:29

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන් ) පනත් කෙටුම්පත අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

“පිවිතුරු පුරවර” පළමු වැඩසටහන අද මීගමුවේදී  

2018-06-08 10:33:23

නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමේන් “පිවිතුරු පුරවර” වැඩසටහනට අනුව ඉදිකිරීමට යෝජිත මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජූනි 8වෙනි අද දින පෙරවරු 10.00ට මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon