නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

කොළඹ මැහුම් හා අත්කම් ත්‍යාග ප්‍රදානෝත්සවය අද  

2017-09-08 14:33:09

කොළඹ දිස්ත්‍රික් මැහුම් හා අත්කම් පුහුණු වැඩසටහනට අදාළ ප්‍රදර්ශනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (08) මාර්ග, ප්‍රවාහන සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද  

2017-09-08 11:17:32

2017 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (08දා) සවස 4.30ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ, නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බැඳුම්කර පත්තරයට ආණ්ඩුව මිලියන ගණන් දැන්වීම් දෙන්නේ කෙසේද?  

2017-09-08 09:32:00

රටේ නම් දැරූ පුවත්පත් අතර පළමුවැනි හෝ දෙවැනි ස්ථානයවත් හිමි නොමැති බැඳුම්කර මගඩියේ සල්ලිවලින් ආරම්භ කළ ජනයුගය පුවත්පතට මිලියන ගණනක රාජ්‍ය දැන්වීම් ලැබෙන්නේ කෙසේ දැයි මහජන සභාව ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ රජයෙන් ප්‍රශ්න කරති.

හදිසි ගංවතුර තත්තවයකට මුහුණදීමට දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සුදානමින්  

2017-09-07 18:06:02

පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවි තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනයා ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සුදානමින් සිටී.

සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට  

2017-09-07 17:06:41

කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අවුරුදු තුන බැගින් බරපතල සිරදඬුවම් වලට යටත් කරනු ලැබුණි.

දිස්ත්‍රික්ක කීපයකට නාය යෑම් තර්ජන  

2017-09-07 10:29:45

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟැවීම් නිවේදන නිකුත් කර ඇත.

ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවාවන් ළඟදීම  

2017-09-06 17:50:57

ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (NSDI) සේවාවන් ඉදිරි සිව් මස තුළදී ජනතාවට ලබාගත හැකිවේ.

ඒ අනුව මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය (NSDI)තව දුරටත් සංවර්ධනය කිරීම සදහා මානව සම්පත සුදානම් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
රාජ්‍ය ආයතනවලින් තෝරා ගන්නා ලද ක්ෂේත්‍ර නිලධාරින් තුන් සියයකට පමණ මේ වසර තුළදී මේ අනුව පුහුණුව ලබා දීමට නියමිතව ති‍බේ.

රේගු දෙපාර්තමේන්තුවේ විභාගයක් ලබන 10 දා  

2017-09-06 16:37:20

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය - 2017 විභාගය ලබන 10 වැනි දා කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 48 ක දී පැවැත්වීමට කටයුතු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකාර මහතා සඳහන් කරයි.

අර්ජුන් ඇලෝසියස්ට නොතීසි  

2017-09-06 13:34:47

ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ.

අර්ජුන් ඇලෝෂියස්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු ලැබුණ හැටි හෙළිවෙයි  

2017-09-06 12:40:46

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

අගෝස්තු මාසය අවසානයේ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 2200ක්  

2017-09-06 11:32:06

මේ වසරේ (2017) අගෝස්තු මාසය අවසන් වනවිට අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 2200ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කරයි.

අදාළ පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි වන අතර ව්‍යාපාර ෆේස්බුක් ගිණුම් සකස් කිරීම, අනවසරයෙන් ෆේස්බුක් ගිණුම්වලට ඇතුළුවීම, ෆේස්බුක් ගිණුම්වල පවතින ඡායාරූප වෙනත් ගිණුම්වලට යොදාගැනීම යන කරුණු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබේ. එම පැමිණිලි සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

එජාපයට අදට 71යි  

2017-09-06 10:44:48

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වැනි ආණ්ඩුව පිහිටුවූ එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි ජන්ම සංවත්සරය අදට (06දා) යෙදී තිබේ.මේ නිමිත්තෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06දා) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආගමික වතාවත්ද එදින සවස පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්වේ.

‘කලණ මිතුරු - පොත් සුමිතුරු’ ජනපති ප්‍රධානත්වයෙන් අද  

2017-09-06 10:08:51

පහන් විජේසේකර

'කලණ මිතුරු - පොත් සුමිතුරු' පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06දා) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.

මහවැලි ක්‍රීඩා උළෙල පොළොන්නරුවේ දී  

2017-09-05 14:59:31

මහවැලි කලාප 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබීමේ අරමුණින් 29වැනි වරටත් ක්‍රියාත්මක වන 2017 මහවැලි ක්‍රීඩා උළෙල 09 සහ 10 දෙදින පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය ධීවරයින් 80 දෙනෙකු ඉන්දීය රජයට භාරදෙයි  

2017-09-05 13:03:47

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු යලි එරටට භාර දීම ඊයේ (04) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon