නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

18 වැනි අන්තර්ජාතික ඡයාරූප ප්‍රදර්ශනය කොළඹ දී  

2017-09-12 14:08:12

ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 18 වන අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 15 දින සිට කොළඹ දී පැවැත්වීමට නියමිතය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට වැසෙන පාසල් මෙන්න  

2017-09-12 13:49:52

අ.පො.ස. (උසස් පෙළ) විභාගය - 2017 පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර සඳහා ලබන 13 වැනි දා සිට ලබන 26 දා දක්වා පාසල් කිහියක් වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් වවුනියාවේ පාරක  

2017-09-12 11:27:15

වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේදී මාර්ගයේ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් දමාගොස් තිබියදී ඊයේ (11දා) හමුවූ බව වවුනියාව පොලිසිය පැවසීය.

දිසා පහකට නාය යෑමේ තර්ජන  

2017-09-12 10:03:55

ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 5ට ඊයේ (11දා) සිට ඉදිරි පැය 24ක කාලය සඳහා නාය යෑම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනතුරු ඇඟවීම් කර තිබේ.

දොස්තරලා අද සිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වර්ජන  

2017-09-12 09:44:42

සයිටම් නීතිගත කිරීමේ අරමුණු සහිත වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට යෑම පිළිබඳ විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරුන් අද (12දා) සිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය රෝහල්වල දින හතරක් එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරයි.

විශ්‍රාමිකයෝ අනිද්දා කුරුණෑගලදී පාගමනක  

2017-09-11 14:45:06

කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමිකයන්ගේ සංගමය, දිවයිනේ සියලු විශ්‍රාමික සංගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වය ඇතිව උද්ඝෝෂණාත්මක පාගමනක් අනිද්දා (13දා) කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගොවියෝ ලොකු වැඩ වැරුමකට සැරසෙති  

2017-09-11 11:18:09

දිවයිනේ ප්‍රධානතම කෘෂි ආර්ථික බෝගයන් ලෙසට සැලකෙන අර්තාපල්, ලොකු ලූනු, වී හා මිරිස් වගාවේ නියැළෙන ගොවි ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු පළාත් මට්ටමේ ගොවි හමු පවත්වා ලබාගත් සියලු ගැටලු රජයේ වග කිවයුතු බලධාරීන්ට අවස්ථා දෙකකදීම පෙන්වා දුන්නද එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා දිවයිනේ සමස්ත ගොවි ජනතාව හා ආර්ථික මධ්‍යස්ථාන ඒකරාශි කරමින් දීප ව්‍යාප්ත වර්ජන උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික මැනින් වෙළෙඳ පොළ ව්‍යාපාරික එච්.එම්. උපසේන මහතා රජයට අනතුරු අඟවා සිටියි.

පසුගිය මාස 8 ළමයින්ට නරක කාලයක්  

2017-09-11 10:03:32

පසුගිය ජනවාරියේ සිට මේ දක්වා මේ වසරේ ගෙවී ගිය මාස 8 ඇතුළත ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධි සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 6165 දක්වා ඉහළ ගොස් ඇතැයි පරිවාස හා ළමාරක්ෂක අධිකාරිය පවසයි.

කොටි තෙල් ගබඩාවක් කිලිනොච්චියෙන් හමු වෙයි  

2017-09-11 09:42:41

කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රදේශයේ කැලෑවක තිබූ එල්ටීටීඊ සංවිධානය විසින් භාවිත කර ලද තෙල් ගබඩාවක් කිලිනොච්චිය ගුවන් හමුදාව විසින් සොයාගෙන ඇත.

ලබන 18දා සිට රජයේ කාර්යාල වේලාවේ වෙනසක්  

2017-09-10 15:02:29

කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇත.

පොලිස් නිලධාරීන් 2599කට උසස්වීම්  

2017-09-10 13:46:45

2016.05.31සිට බලපැවැත්වෙන පරිදි පොලිස් නිලධාරීන් 2599කට උසස්වීම් ලබාදීමට කටයුතු කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

දිස්ත්‍රික් 05කට නායයෑම් අනතුරු නිවේදන  

2017-09-10 12:44:27

රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 05 සඳහා ඉදිරි පැය 24 කාලය සඳහා නායයෑම් අනතුරු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කොට ඇත.

ලලිත්ගේ-අනුෂගේ දඩ ගෙවන්න මහ සඟරුවන මැදිහත් වෙයි  

2017-09-09 10:04:19

 සිල් රෙදි නඩුවේ වරදකරුවන් වී සිරගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන්ට අධිකරණයෙන් නියම කළ දඩය හා වන්දි මුදල සමස්ත බෞද්ධ ජනතාවගෙන් රුපියල බැගින් එකතු කර ගෙවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.

තද වැසි තත්ත්වය තව දුරටත්  

2017-09-09 09:46:38

දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය සමුළුවේ කමිටු රැස්වීම 11 දා  

2017-09-08 16:25:02

සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය සමුළුව (SACOSAN) නියෝජනය කරමින් ලබන 11 හා 12 දෙදින දසවන අන්තර් රාජ්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීම කොළඹ දී පැවැත්වෙන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon