නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

අවුරුදු 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය  

2017-04-07 09:16:55

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (7දා) සහ හෙට (8දා) පැවැත්වේ.

අයි.පී.එල්. යන දවසක් හරියට කියන්න බැහැ  

2017-04-06 13:18:03

දහවැනි වරටත් පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) ඊයේ ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට නියමිත ඇන්ජිලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න යන ක්‍රීඩකයන් තිදෙනාට අයි. පී. එල්. සඳහා සහභාගි වීම ප්‍රමාද කිරීමට සිදුව ඇත.

ආසියානු යොවුන් පිරිමි වොලිබෝල් ශූරතාවලියේ ශූරතාව ජපානයට ලංකාවට 9 වැනි තැන  

2017-04-06 08:36:57

ඊයේ මියන්මාරයේදී නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් පිරිමි වොලිබෝල් ශූරතාවලියේ ශූරතාව ජපාන කණ්ඩායම දිනා ගනිද්දී, එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම 9 වැනි ස්ථානයට පත්ව තරගාවලිය නිමා කිරීමට සිදු විය. ජපානය සහ දකුණු කොරියාව අතර පැවැති අවසන් තරගයෙන් 3-0ක පහසු ජයක් ජපානයට අත් විය.

ලංකාව විස්සේ බලය යළිත් පතුරුවයි  

2017-04-05 12:12:20

කලකට පසු කුසල් ජනිත්ගෙන් දිස්වූ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු තරගය කඩුලු 6කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්ව සිටී.

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව එෆ් කාණ්ඩයෙන් තරග බිමට  

2017-04-05 10:06:47

අප්‍රේල් 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හොංකොංහි පැවැත්වෙන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම "එෆ්" කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර, එම කාණ්ඩයට සත්කාරක හොංකොං, චිලී හා නැමීබියා කණ්ඩායම් ඇතුළත්ව සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ පළමු දිනයේදී (7දා) පළමු තරගය චිලී සමඟින්ද දෙවැනි තරගය හොංකොං සමඟින්ද මුහුණ දීමට සිදුව තිබෙන අතර, දෙවැනි දින වන 8 වැනිදා නැමීබියා සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

පිලිපීන ජාතික විවෘත ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලිය  

2017-04-03 16:31:10

පිලිපීන ජාතික විවෘත ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමාලි ලියනාරච්චි, අමිල ජයසිරි විජයලත් පෙඩිගේ සහ මංජුල කුමාර විජේසේකර රන් පදක්කම් 4ක් මවුබිම ට දිනා දීමට සමත් වූ අතර සංජය සඳරුවන් ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකා පදක්කම් මල්ල තර කිරීමට සමත් විය.

මරිජාගේ පැමිණීම අමතර වාසියක්  

2017-04-03 14:27:39

සත් සාමාජික ලෝක ශූරතා රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා සත් සාමාජික පිලක් සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් පවසන්නේ දක්ෂ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු වන ෆාසිල් මරිජා යළි කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකා පිලට අමතර ශක්තියක් බවයි.

පිලිපීන ජාතික විවෘත ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලිය ලංකාවට රන් 4ක් ලෝකඩ 1ක්  

2017-04-03 10:06:01

පිලිපීන ජාතික විවෘත ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමාලි ලියනාරච්චි, අමිල ජයසිරි විජයලත් පෙඩිගේ සහ මංජුල කුමාර විජේසේකර රන් පදක්කම් 4ක් මවුබිම ට දිනා දීමට සමත් වූ අතර සංජය සඳරුවන් ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකා පදක්කම් මල්ල තර කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ සිහිනය බොඳ කරයි  

2017-04-02 12:47:13

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා පැවති තෙවන ජාත්‍යන්තර එක්දින තරගය ලකුණු හැත්තෑවකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්